Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 2:5 - Sinhala New Revised Version

5 ඔවුන් කුපිත නොකරන්න. ඔවුන්ගේ දේශයෙන් අඟලක්වත් මම ඔබට නොදෙන්නෙමි. මන්ද, සේයිර් කඳුකරය මා ඒසව් සන්තක කොට දුන් බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 ඔවුන් කුපිත නොකරන්න. ඔවුන්ගේ දේශයෙන් අඟලක්වත් මම ඔබට නොදෙන්නෙමි. මන්ද, සේයිර් කඳුකරය මා ඒසව් සන්තක කොට දුන් බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 ඔවුන්ට විරුද්ධව සටන් නොකරන්න; මක්නිසාද සේයිර් කඳුකරය උරුමයක් කොට ඒසව්ට මා විසින් දී තිබෙන බැවින් ඔවුන්ගේ දේශයෙන් පියවරක් පමණවත් නුඹලාට නොදෙන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 2:5
13 හුවමාරු යොමු  

ඊසාක්ට ජාකොබ් ද ඒසව් ද දුනිමි. ඒසව්ට සේයිර් කඳුකරය උරුමයක් කොට දුනිමි. ජාකොබ් ද ඔහුගේ පුත්‍රයෝ ද මිසරයට ගියෝ ය.


මෙලෙස ඒසව් හෙවත් ඒදොම් සේයිර් කන්දෙහි පදිංචි විය.


උන් වහන්සේ එක් මිනිසෙකුගෙන් සකල මිනිස් සංහතිය මවා වදාළ සේක. මිහි පිට වාසය කරන පිණිස නියමිත කාලයන් ද වාසස්ථානවල සීමා ද නියම කළ සේක.


එහි අඩියක් පමණ වත් උරුමයක් ඔහුට නුදුන් සේක. එහෙත්, එවකට ඔහුට දරුවෙකු නොසිටි නමුත්, මේ දේශය ඔහුට ද ඔහුගේ දරු පරම්පරාවට ද උරුම කර දීමට පොරොන්දු වූ සේක.


නුඹ මනුෂ්‍ය වාසයෙන් පන්නාදමනු ලබන්නෙහි ය. නුඹේ වාසය මෘගයන් සමඟ වන්නේ ය; නුඹට ගවයන්ට මෙන් තණ කොළ කවනු ලබන්නෙහි ය. මනුෂ්‍යයන්ගේ රාජ්‍යය මහෝත්තමයාණන් වහන්සේ පාලනය කරන බවත්, තමන් කැමැති කෙනෙකුට උන් වහන්සේ එය දෙන බවත් නුඹ දැනගන්න තුරු අවුරුදු සතක් නුඹ එසේ ගත කරන්නෙහි ය.”


ඔබ මනුෂ්‍ය වාසයෙන් පන්නාදමනු ලබන්නෙහි ය. ඔබේ වාසය වනයේ මෘගයන් සමඟ වන්නේ ය. ගවයන්ට මෙන් ඔබට තණ කොළ කවනු ලබන්නෙහි ය. ඔබ අහසේ පින්නෙන් තෙමනු ලබන්නෙහි ය. මෙසේ මනුෂ්‍යයන්ගේ රාජ්‍යය මහෝත්තමයාණන් වහන්සේ පාලනය කරන බවත්, තමන් කැමැති කෙනෙකුට උන් වහන්සේ එය දෙන බවත් ඔබ දැනගන්න තුරු, අවුරුදු සතක් ඔබ ගත කරන්නෙහි ය.


ඒ කෙසේ ද යත්: “මම මාගේ ඉමහත් බලයෙන් ද පරාක්‍රමවත් බාහුවෙන් ද පොළොව සහ පොළොව මතුපිට සිටින මිනිසුන් ද තිරිසනුන් ද මැවීමි. මා කැමැති කෙනෙකුට මට ඒවා දිය හැකි ය.


මහෝත්තමයාණෝ ජාති ජාතීන් හට රට රාජ්‍ය බෙදා දුන් විට, මිනිසුන් ජාතීන් වශයෙන් බෙදා වෙන් කරන විට, මුර දේවතාවන්ගේ ගණනේ හැටියට, ඔවුන්ගේ සීමා නියම කළ සේක.


ඔබට කෑම පිණිස මුදල් ගෙවා ආහාර ද බීම පිණිස මුදල් ගෙවා වතුර ද ඔවුන්ගෙන් ගත හැකි ය’යි වදාළ සේක.


සමිඳාණන් වහන්සේ හෝරිවරුන් වනසා, සේයිර්හි පදිංචි වූ ඒසව්ගේ පෙළපතට කළ පරිදි, මොවුන්ටත් කළ සේක. ඔවුන් රට අල්ලාගත් බැවින් අද දක්වා එහි පදිංචි වී ඇත.


සේයිර් කන්දෙහි විසූ ඒදොම්වරුන්ගේ පියා වන ඒසව්ගේ පෙළපත හා


“මනුෂ්‍ය පුත්‍රය, නුඹේ මුහුණ සේයිර් කන්ද දෙසට හරවාගෙන, ඊට විරුද්ධ ව දිවැස් වැකි පවසමින්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්