අර්ණොන් ඔය අසබඩ තිබෙන අරොයෙර් පටන්ද මිටියාවතේ තිබෙන නුවර පටන්ද ගිලියද් දක්වා අපට අල්වාගන්ට බැරිතරම් උස්වූ නුවරක් නොතිබුණේය. අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සියල්ලම අපට දුන් සේක.
ද්විතීය නීතිය 2:35 - Sinhala Revised Old Version සිව්පාවුන්ද අප අල්ලාගත් නුවරවල සම්පත්ද පමණක් අපට කොල්ලයක් පිණිස ගතිමු. Sinhala New Revised Version අපගේ ම ප්‍රයෝජනයට අපි ගවමහිෂයන් පැහැරගෙන, අල්ලාගත් නගරවලින් වස්තුව කොල්ලකෑවෙමු. Sinhala New Revised Version 2018 අපගේ ම ප්‍රයෝජනයට අපි ගවමහිෂයන් පැහැරගෙන, අල්ලාගත් නගරවලින් වස්තුව කොල්ලකෑවෙමු. |
අර්ණොන් ඔය අසබඩ තිබෙන අරොයෙර් පටන්ද මිටියාවතේ තිබෙන නුවර පටන්ද ගිලියද් දක්වා අපට අල්වාගන්ට බැරිතරම් උස්වූ නුවරක් නොතිබුණේය. අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සියල්ලම අපට දුන් සේක.
නුමුත් ස්ත්‍රීන්ද බාලයන්ද සිව්පාවුන්ද නුවර තිබෙන සියල්ල එනම් එහි මුළු කොල්ලයද නුඹලාටම කොල්ලයක් පිණිස අරගන්න; නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දුන්නාවූ නුඹේ සතුරන්ගෙන් ගන්න කොල්ලය නුඹට කන්නට පුළුවන.
නුඹ යෙරිකෝවටත් එහි රජුටත් කළ ලෙස හායිටත් එහි රජුටත් කරන්න. නුමුත් එහි කොල්ලය හා සිව්පාවුන් නුඹලාට කොල්ලයක් කොට ගන්න. නුවරට එහායින් සේනාවක් රහසේ සිටුවන්නැයි කීසේක.
නුමුත් සිව්පාවුන්ද ඒ නුවර කොල්ලයද ස්වාමීන්වහන්සේ යෝෂුවාට අණකළ වචනය ප්‍රකාර ඉශ්‍රායෙල්වරු තමුන්ට කොල්ලයක් කොට ගත්තෝය.