ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ද්විතීය නීතිය 2:34 - Sinhala Revised Old Version

එකල අපි ඔහුගේ සියලු නුවරවල් අල්ලාගෙන සියලුම නුවරවල පුරුෂයන්ද ස්ත්‍රීන්ද බාලයන්ද එක්කෙනෙක්වත් ඉතුරු නොකර සහමුලින්ම විනාශකෙළෙමු.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඒ දවස්හි අපි ඔහුගේ සියලු නගර අල්ලාගෙන, ඒවා සියල්ලෙහි ම විසූ ස්ත්‍රී-පුරුෂ දෙපක්ෂය ද සිඟිති දරුවන් ද සම්පූර්ණයෙන් ම වනසා දැම්මෙමු. ඔවුන්ගෙන් එක් කෙනෙකු වත් ඉතුරු නොකෙළෙමු.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඒ දවස්හි අපි ඔහුගේ සියලු නගර අල්ලාගෙන, ඒවා සියල්ලෙහි ම විසූ ස්ත්‍රී-පුරුෂ දෙපක්ෂය ද සිඟිති දරුවන් ද සම්පූර්ණයෙන් ම වනසා දැම්මෙමු. ඔවුන්ගෙන් එක් කෙනෙකු වත් ඉතුරු නොකෙළෙමු.

පරිච්ඡේදය බලන්න



ද්විතීය නීතිය 2:34
15 හුවමාරු යොමු  

අප විසින් හෙෂ්බොන්හි රජවූ සීහොන්ට කළාක්මෙන් ඔව්නුත් සහමුලින් විනාශකෙළෙමු, සියලුම නුවරවල පුරුෂයන්ද ස්ත්‍රීන්ද බාලයන්ද සම්පූර්ණයෙන් විනාශකෙළෙමු.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔවුන් නුඹ අතට පාවාදෙන්ටත් නුඹ ඔවුන්ට පහරදෙන්ටත් යෙදෙන කල්හිද නුඹ ඔවුන් සමඟ කිසි ගිවිසුමක් නොකොට, ඔවුන්ට කරුණා නොකොට, ඔවුන් සහමුලින්ම විනාශකර දමන්න.


පිළිකුල් දෙයක් නුඹේ ගෙට ගෙනගොස් නුඹ ඊට සමානවී නාස්තියට කැපනොවන්න. නුඹ ඊට ද්වේෂකොට එය සහමුලින්ම පිළිකුල්කොට සිතන්න. මක්නිසාද එය නාස්තියට කැපය.


ඒ දවසේ යෝෂුවා මක්කේදා අල්වා ඊටත් එහි රජුටත් කඩු මුවහතින් පහරදී, එකද කෙනෙක්වත් ඉතුරු නොකර, ඔවුන්ද එහි සිටිය සියලු ප්‍රාණීන්ද මුළුමනින්ම විනාශකරදමා, යෙරිකෝවේ රජුට කළාක් මෙන් මක්කේදාහි රජුටත් කෙළේය.


මෙසේ යෝෂුවා මුළු දේශයට එනම් කඳු රටට හා දකුණු දේශයටද පාත රටට හා කඳු බෑවුම්වලටද එහි සියලු රජුන්ටද පහරදී එක්කෙනෙක්වත් ඉතුරුනොකොට ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අණකළ ලෙස හුස්ම ඇති සියල්ලන් මුළුමනින්ම සිඳදැමුවේය.


යෝෂුවා හාශොර් පමණක් පුලුස්සා දැමුවේය. ඒ නුවරවල මුළු කොල්ලයද සිව්පාවුන්ද ඉශ්‍රායෙල් පුත්‍රයෝ තමුන්ට කොල්ලයක් කොට ගත්තෝය; නුමුත් තමුන් විසින් සියලු මනුෂ්‍යයන් විනාශකරනු ලබන තුරු ඔවුන්ට කඩු මුවහතින් පහරදුන්නෝය, හුස්ම හෙළන කිසිවෙකු ඔව්හු ඉතුරු නොකළෝය.


පුරුෂයන් හා ස්ත්‍රීන්ද බාලයන් හා මහල්ලන්ද ගවයන්ද බැටළුවන්ද කොටළුවන්ද යන නුවර සිටි සියල්ලන්ම කඩුමුවහතින් මුළුමනින්ම විනාශකර දැමුවෝය.


ඉශ්‍රායෙල්වරු පව්කළෝය; එසේය, මා ඔවුන්ට අණකළ මාගේ ගිවිසුම ඔවුන් කඩකර තිබේ. එසේය, ඔවුන් කැපකළ දේවලින් අරගන සොරකම්කර, ඒවා සඟවා, ඒවා තමුන්ගේම බඩු අතරේ තබා තිබේ.


ඔව්හු යෝෂුවාට උත්තරදෙමින්: මුළු දේශය නුඹවහන්සේලාට දෙන්ටත් නුඹවහන්සේලා ඉදිරියෙන් දේශයේ සියලු වැසියන් විනාශකරදමන්ටත් නුඹවහන්සේලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන්ගේ මෙහෙකරුවූ මෝසෙස්ට අණකළ බව ඔබගේ දාසයන්ට සැබවින් දන්වන්ට යෙදුණේය; එබැවින් අපි නුඹවහන්සේලා නිසා අපේ ප්‍රාණ ගැන ඉතා භයව මේ දේ කෙළෙමුව.


දැන් නුඹ ගොස් අමලෙක්ට පහරදී, ඔවුන් ඉතිරි නොකොට, ඔවුන් සතු සියල්ල සහමුලින්ම විනාශකරදමා, පුරුෂයන් හා ස්ත්‍රීන්ද බාලයින් හා කිරිදරුවන්ද ගවයන් හා බැටළුවන්ද ඔටුවන් හා කොටළුවන්ද මරාදමන්නැයි කියනසේකැයි කීවේය.