Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 6:21 - Sinhala Revised Old Version

21 පුරුෂයන් හා ස්ත්‍රීන්ද බාලයන් හා මහල්ලන්ද ගවයන්ද බැටළුවන්ද කොටළුවන්ද යන නුවර සිටි සියල්ලන්ම කඩුමුවහතින් මුළුමනින්ම විනාශකර දැමුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 ඔව්හු පුරුෂයන් හා ස්ත්‍රීන් ද බාලයන් හා මහල්ලන් ද ගවයන් ද බැටළුවන් ද කොටළුවන් ද යන නුවර සිටි සියල්ලන් කඩු පහරින් සහමුලින් ම විනාශ කරදැම්මෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 ඔව්හු පුරුෂයන් හා ස්ත්‍රීන් ද බාලයන් හා මහල්ලන් ද ගවයන් ද බැටළුවන් ද කොටළුවන් ද යන නුවර සිටි සියල්ලන් කඩු පහරින් සහමුලින් ම විනාශ කරදැම්මෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 6:21
20 හුවමාරු යොමු  

අහෝ දීබොන්හි වාසයකරන දියණිය, නුඹේ ඓශ්චර්යයෙන් හීනව බැස, පිපාසායෙන් හිඳගන්න; මක්නිසාද මෝවබ් නාස්තිකරන්නා නුඹට විරුද්ධව ඇවිත් නුඹේ බලකොටු විනාශකෙළේය.


තවද බලවත්වූ දේවදූතයෙක් මහත් ඇඹරුම් ගලක් වැනිවූ ගලක් ගෙන මුහුදේ හෙළා: ඒ මහත් නුවරවූ බබිලෝනිය මහත් වැටීමකින් මෙසේ හෙළනු ලබන්නීය, තවත් කිසිසේත් සම්බ නොවන්නීය.


ඔහු රජුට කථාකොට: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–මා විසින් විනාශයට කැපකළ මනුෂ්‍යයා නුඹ නිදහස්කර හැරිය බැවින් ඔහුගේ ප්‍රාණය වෙනුවට නුඹේ ප්‍රාණයද ඔහුගේ සෙනඟ වෙනුවට නුඹේ සෙනඟද දෙන්ට වේය කියා වදාරනසේකැයි කීවේය.


ඔහු අමලෙක්වරුන්ගේ රජවූ ආගග් පණපිටින් අල්ලාගෙන මුළු සෙනඟ කඩුමුවහතින් සහමුලින්ම විනාශකර දැමුවේය.


දැන් නුඹ ගොස් අමලෙක්ට පහරදී, ඔවුන් ඉතිරි නොකොට, ඔවුන් සතු සියල්ල සහමුලින්ම විනාශකරදමා, පුරුෂයන් හා ස්ත්‍රීන්ද බාලයින් හා කිරිදරුවන්ද ගවයන් හා බැටළුවන්ද ඔටුවන් හා කොටළුවන්ද මරාදමන්නැයි කියනසේකැයි කීවේය.


යෝෂුවා හාශොර් පමණක් පුලුස්සා දැමුවේය. ඒ නුවරවල මුළු කොල්ලයද සිව්පාවුන්ද ඉශ්‍රායෙල් පුත්‍රයෝ තමුන්ට කොල්ලයක් කොට ගත්තෝය; නුමුත් තමුන් විසින් සියලු මනුෂ්‍යයන් විනාශකරනු ලබන තුරු ඔවුන්ට කඩු මුවහතින් පහරදුන්නෝය, හුස්ම හෙළන කිසිවෙකු ඔව්හු ඉතුරු නොකළෝය.


එය සහ එහි රජුද ඊට අයිති සියලු නුවරවල්ද අල්ලාගෙන, කඩු මුවහතින් පහරදී, එක්කෙනෙකුවත් ඉතුරුනොකර එහි සිටිය සියලු ප්‍රාණීන් මුළුමනින්ම විනාශකර දැමුවේය; ඔහු හෙබ්‍රොන්ට කළාක් මෙන්ද ලිබ්නාටත් එහි රජුටත් කළාක් මෙන්ද දෙබීර්ටත් එහි රජුටත් කෙළේය.


ඒ දවසේ යෝෂුවා මක්කේදා අල්වා ඊටත් එහි රජුටත් කඩු මුවහතින් පහරදී, එකද කෙනෙක්වත් ඉතුරු නොකර, ඔවුන්ද එහි සිටිය සියලු ප්‍රාණීන්ද මුළුමනින්ම විනාශකරදමා, යෙරිකෝවේ රජුට කළාක් මෙන් මක්කේදාහි රජුටත් කෙළේය.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට පාවාදෙන සියලු මනුෂ්‍ය වර්ගයන් නැතිකරන්න; නුඹේ ඇස ඔවුන්ට අනුකම්පා නොකෙරේවා. ඔවුන්ගේ දෙවිවරුන්ට සේවය නොකරන්න; මක්නිසාද ඒක නුඹට මලපතක් වන්නේය.


එකල අපි ඔහුගේ සියලු නුවරවල් අල්ලාගෙන සියලුම නුවරවල පුරුෂයන්ද ස්ත්‍රීන්ද බාලයන්ද එක්කෙනෙක්වත් ඉතුරු නොකර සහමුලින්ම විනාශකෙළෙමු.


එහි තිබෙන සම්පත් සියල්ලම වීථිය මැදට රැස්කර, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උදෙසා නුවරද එහි තිබෙන සම්පත් සියල්ලද ගින්නෙන් පුලුස්සාදමන්න. ඒක නැවත ගොඩනගනු නොලැබ සදාකල්ම ගොඩක්ව තිබේවා.


නුඹ යෙරිකෝවටත් එහි රජුටත් කළ ලෙස හායිටත් එහි රජුටත් කරන්න. නුමුත් එහි කොල්ලය හා සිව්පාවුන් නුඹලාට කොල්ලයක් කොට ගන්න. නුවරට එහායින් සේනාවක් රහසේ සිටුවන්නැයි කීසේක.


සෙස්සෝද ඔවුන්ට විරුද්ධව නුවරින් නික්ම ආවෝය; මෙසේ ඔවුන් ඒ පැත්තෙනුත් මේ පැත්තෙනුත් ඉශ්‍රායෙල්වරුන්ට මැදිවුණ කල, ඔවුන්ගෙන් එක්කෙනෙක්වත් ගැළවී ඉතුරු වෙන්ට නොහැර ඔවුන්ට පහරදුන්නෝය.


නුමුත් ගිබියොන් වැසියන් යෝෂුවා විසින් යෙරිකෝවටත් හායිටත් කළදේ ඇසූ විට,


ඔව්හු එහි සිටිය සියලු ප්‍රාණීන්ට කඩු මුවහතින් පහරදී ඔවුන් මුළුමනින්ම විනාශකර දැමුවෝය. හුස්ම ඇති කිසිවෙක් ඉතුරු නොවීය. ඔහු හාශොර් ගින්නෙන් පුලුස්සා දැමුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්