ද්විතීය නීතිය 18:4 - Sinhala Revised Old Version නුඹේ ධාන්‍යයෙන්ද මුද්‍රික රසයෙන්ද තෙලින්ද ප්‍රථම ඒවාත් නුඹේ බැටළුවන්ගේ ප්‍රථම ලෝමත් ඔහුට දෙන්න. Sinhala New Revised Version තවද ඔබ ධාන්‍ය අස්වැන්නෙත්, මිදියුස සහ තෙල්වලත්, මුල් කොටස ද බැටළුවන්ගෙන් මුලින් ම කපාගන්න ලෝම ද ඔහුට දිය යුතු ය. Sinhala New Revised Version 2018 තවද ඔබ ධාන්‍ය අස්වැන්නෙත්, මිදියුස සහ තෙල්වලත්, මුල් කොටස ද බැටළුවන්ගෙන් මුලින් ම කපාගන්න ලෝම ද ඔහුට දිය යුතු ය. |
නුඹේ භෝගවලින්ද පාන වර්ගවලින්ද පූජාකිරීමට ප්‍රමාද නොවව. නුඹේ පුත්‍රයන්ගේ කුලුඳුලා මට දිය යුතුය.
නුඹේ භූමියේ ප්‍රථම ඵලවලින් පළමු ඒවා නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගෙට ගෙනෙන්න. එළුපැටවෙකු උගේ මවුගේ කිරෙන් නොපිහන්න.
ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට මෙසේ කියන්න–මා විසින් නුඹලාට දෙන දේශයට නුඹලා අවුත් එහි ගොයම් කපන කල නුඹලාගේ ශස්‍යයෙන් නාඹුල් ඵල මිටිය පූජකයා වෙතට ගෙනෙන්න.
නුඹලාගේ වාසස්ථානවලින් සිහින් පිටි ඒඵාවකින් දසයෙන් දෙපංගුවකින් සෑදුවාවූ මුහුන් දමා පිලිස්සුවාවූ තේව රොටි දෙකක් ස්වාමීන්වහන්සේට නාඹුල් ඵල කොට ගෙනෙන්න.
එපමණක් නොව ආත්මයාණන්වහන්සේ නමැති ප්‍රථම ඵල ලැබූ අපිද අපේ ශරීරයේ මිදීම, එනම් පුත්‍රකමට පිළිගනු ලැබීම, බලා සිටිමින් අප තුළෙහිම කෙඳිරිගාමුව.