Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 23:17 - Sinhala Revised Old Version

17 නුඹලාගේ වාසස්ථානවලින් සිහින් පිටි ඒඵාවකින් දසයෙන් දෙපංගුවකින් සෑදුවාවූ මුහුන් දමා පිලිස්සුවාවූ තේව රොටි දෙකක් ස්වාමීන්වහන්සේට නාඹුල් ඵල කොට ගෙනෙන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 එක් එක් පවුල, සිහින් පිටි කිලෝග්‍රෑම් දෙකක් ගෙන මුහුන් මිශ්‍ර කොට පුළුස්සන ලද රොටි දෙක බැගින් පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කරනු පිණිස ගෙනා යුතු ය. ඒවා සමිඳාණන් වහන්සේට පුදන නාඹුල් පල වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 එක් එක් පවුල, සිහින් පිටි කිලෝග්‍රෑම් දෙකක් ගෙන මුහුන් මිශ්‍ර කොට පුළුස්සන ලද පූප දෙක බැගින් පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කරනු පිණිස ගෙනා යුතු ය. ඒවා සමිඳාණන් වහන්සේට පුදන නාඹුල් පල වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 23:17
22 හුවමාරු යොමු  

ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට මෙසේ කියන්න–මා විසින් නුඹලාට දෙන දේශයට නුඹලා අවුත් එහි ගොයම් කපන කල නුඹලාගේ ශස්‍යයෙන් නාඹුල් ඵල මිටිය පූජකයා වෙතට ගෙනෙන්න.


තවද නුඹලාගේ සති මංගල්‍යයේදී නුඹලා ස්වාමීන්වහන්සේට අලුත් ආහාර පූජාවක් ඔප්පුකරන ප්‍රථම ඵල දවසේදීත් ශුද්ධ රැස්වීමක් පවත්වන්න; කිසි බර වැඩක් නොකරන්න.


පූප ඇතුළුව මුහුන් මුසු රොටිත් ඔහු තමාගේ පූජාවකොට තමාගේ ශාන්ති පූජාව සමඟ ස්තුති වශයෙන් ඔප්පුකළ යුතුය.


නුඹේ බිමේ ප්‍රථම ඵලයෙන් ප්‍රථම කොටස නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගෘහයට ගෙනෙන්න. නුඹ එළුපැටවෙකු උගේ මවුගේ කිරෙන් නොපිසිය යුතුයයි කීසේක.


තිරිඟු කපන කාලයේ ප්‍රථම ඵල ඔප්පුකිරීමේ සති මංගල්‍යයද අවුරුද්දේ කෙළවරදී රැස්කිරීමේ මංගල්‍යයද නුඹ විසින් පැවැත්විය යුතුය.


නුඹේ භූමියේ ප්‍රථම ඵලවලින් පළමු ඒවා නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගෙට ගෙනෙන්න. එළුපැටවෙකු උගේ මවුගේ කිරෙන් නොපිහන්න.


ස්ත්‍රීන්ගෙන් කිලුටු නුවූවෝ මොව්හුය; මක්නිසාද මොව්හු බ්‍රහ්මචාරීහුය. බැටළුපැටවාණන් යන යන තැනට උන්වහන්සේ අනුවයන්නෝ මොව්හුය. මොව්හු දෙවියන්වහන්සේටත් බැටළුපැටවාණන්ටත් නාඹුල් ඵල වන පිණිස මනුෂ්‍යයන් අතරෙන් මිලේටගන්නාලද්දෝය.


අප උන්වහන්සේගේ මැවිලිවල නාඹුල් ඵල විශේෂයක් වන පිණිස තමන්ගේම කැමැත්ත ලෙස සත්‍යතාවේ වචනයෙන් අප ඉපදවූසේක.


නුමුත් ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගිට සිටිනසේක්මය, උන්වහන්සේ සැතපී ඉන්නන්ගේ නාඹුල් ඵලයය.


එපමණක් නොව ආත්මයාණන්වහන්සේ නමැති ප්‍රථම ඵල ලැබූ අපිද අපේ ශරීරයේ මිදීම, එනම් පුත්‍රකමට පිළිගනු ලැබීම, බලා සිටිමින් අප තුළෙහිම කෙඳිරිගාමුව.


උන්වහන්සේ තවත් උපමාවක් කියනසේක්: ස්ත්‍රියෙකු විසින් පිටි නැළි තුනක් සහමුලින්ම පිපෙන තුරු එහි දමා තිබූ මුහුන්වලට ස්වර්ගරාජ්‍යය සමානයයි කීසේක.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:


ප්‍රථම ඵල පූජාවක් කොට ඒවා ස්වාමීන්වහන්සේට ඔප්පුකරන්ට නුඹලාට පුළුවන. එහෙත් ඒවා මිහිරි සුවඳක් පිණිස පූජාසනය පිටට නොපැමිණවිය යුතුය.


නුඹ කෙතෙහි වපුරන බීජවල ප්‍රථම ඵල ඔප්පුකිරීමට කපන කාලයේ මංගල්‍යයද අවුරුද්ද අන්තිමේදී කෙතෙන් නුඹේ අස්වැන්න රැස්කළ කල්හි රැස්කිරීමේ මංගල්‍යයද පවත්වන්න.


නුඹේ භෝගවලින්ද පාන වර්ගවලින්ද පූජාකිරීමට ප්‍රමාද නොවව. නුඹේ පුත්‍රයන්ගේ කුලුඳුලා මට දිය යුතුය.


නුඹලා ඒ රොටි සමඟ ස්වාමීන්වහන්සේට දවන පූජාවක් පිණිස කැලලක් නැති බැටළුවස්සන් සත්දෙනෙක්ද එක ගොන් නාම්බෙක්ද බැටළුවන් දෙන්නෙක්ද ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් ඇති ගින්නෙන් කළ දවන පූජාවක් කොට උන්ගේ ආහාර පූජාද පාන පූජාද සමඟ ඔප්පුකළ යුතුය.


අපේ අනාපු පිටිවලින් ප්‍රථම ඒවාද අපේ එසවීම් පූජාවල්ද සියලු ආකාර ගස්වල ඵලද මුද්‍රික යුස හා තෙල්ද අපේ දෙවියන්වහන්සේගේ ගෘහයේ ඇතුල් ගෙවලට පූජකයන් වෙතටද අපේ සියලු ගොවිතැන් නුවරවල දසයෙන් කොටසක් ලෙවීවරුන්ට නියම බැවින් අපේ බිම්වල අස්වැන්නෙන් දසයෙන් කොටසක් ලෙවීවරුන් වෙතටද ගෙනෙන හැටියටත්,


තෙල්වලින් උතුම්වූ කොටසද මුද්‍රික යුසයෙන් හා ධාන්‍ය වලින් උතුම්වූ කොටසද වන ඔවුන් ස්වාමීන්වහන්සේට දෙන්නාවූ දේවල ප්‍රථම ඒවා මම නුඹට දුනිමි.


ඔවුන් ස්වාමීන්වහන්සේට ගෙනෙන්නාවූ ඔවුන්ගේ දේශයෙහි තිබෙන සියලු දේවල ප්‍රථම ඵල නුඹට වේ; නුඹේ ගෙයි පවිත්‍රව සිටින සියල්ලන්ට එයින් කන්ට පුළුවන.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්