කාරණයක් සඟවාතැබීම දෙවියන් වහන්සේගේ ගෞරවයක්ය: රජුන්ගේ ගෞරවය නම් කාරණයක් සොයා දැනගැනීමය.
ද්විතීය නීතිය 17:4 - Sinhala Revised Old Version නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගිවිසුම කඩකරන හැටියට උන්වහන්සේගේ ඇස් හමුයෙහි නපුරුව තිබෙන දේ කරන්නේය කියා නුඹට දන්වන්ටත් නුඹ ඒක අසන්ටත් යෙදුණොත්, නුඹ හොඳාකාර විභාගකරන්න. එවිට ඒ පිළිකුල ඉශ්‍රායෙල් තුළ කෙරුණු බව සැබෑ නම්, කාරණයද සත්තක නම්, Sinhala New Revised Version එවැන්නක් දැනගන්නට ලැබුණොත්, ඔබ ඒ ගැන හොඳාකාර විභාග කළ යුතු ය. ඉශ්රායෙල් ජනයා අතර එවැනි පිළිකුලක් සිදුවූ බව නිසැක ව සත්‍ය ලෙස පෙනී ගියොත් Sinhala New Revised Version 2018 එවැන්නක් දැනගන්නට ලැබුණොත්, ඔබ ඒ ගැන හොඳාකාර විභාග කළ යුතු ය. ඉශ්රායෙල් ජනයා අතර එවැනි පිළිකුලක් සිදුවූ බව නිසැක ව සත්‍ය ලෙස පෙනී ගියොත් |
කාරණයක් සඟවාතැබීම දෙවියන් වහන්සේගේ ගෞරවයක්ය: රජුන්ගේ ගෞරවය නම් කාරණයක් සොයා දැනගැනීමය.
යම් මනුෂ්‍යයෙකුගෙන් පළමුකොට නොඅසා, ඔහු කරන්නේ කිමෙක්දැයි ඔහුගෙන්ම නොදැන, අපගේ ව්‍යවස්ථාව ඔහු විනිශ්චයකෙරේදැයි ඔවුන්ට කීවේය.
ඒ නුවරවාසීන්ට කඩුමුවහතින් පහරදී එයද එහි ඇති සියල්ලද ගවයන්ද කඩුමුවහතින් සහමුලින් විනාශකරන්න.
මා විසින් අණ නොකළ අන් දෙවිවරුන්ටවත් ඉරට හෝ සඳටවත් අහස් සේනාවෙන් කිසිවකුටවත් සේවය කරමින්, ඔවුන්ට නමස්කාර කොට,
ඒ නපුරු දේ කළාවූ ඒ පුරුෂයා හෝ ඒ ස්ත්‍රිය හෝ නුඹේ දොරටු ළඟට ගෙනවුත්, ඒ පුරුෂයා හෝ ස්ත්‍රිය මැරෙණ පිණිස ඔවුන්ට ගල් ගසන්න.
විනිශ්චයකාරයෝද හොඳාකාරයෙන් විභාගකරත්වා. එවිට ඔහු බොරු සාක්ෂිකාරයෙක් බවත් තමාගේ සහෝදරයාට විරුද්ධව බොරු සාක්ෂි කී බවත් පෙනුණොත්,