තමාගේ අසල්වාසියා හෙළාදකින්නා පව්කරන්නේය; එහෙත් දුප්පතුන්ට අනුකම්පාකරන්නා වාසනාවන්තයෙක්ය.
ද්විතීය නීතිය 15:4 - Sinhala Revised Old Version කොයි හැටි වුවත් නුඹ වෙත දිළින්දෙක් නොසිටිය යුතුය; මක්නිසාද මා විසින් අද නුඹට අණකරන මේ මුළු ආඥාව රක්ෂාකරන්ට බලාගන්න හැටියට නුඹ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට මනාකොට ඇහුම්කන්දෙන්නෙහිනම්, Sinhala New Revised Version “කෙසේ වුවත් ඔබ අතර දිළිඳුන් නොසිටිය යුතු ය. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට උරුම කොට හිමි කරදෙන දේශයෙහි උන් වහන්සේ ඔබ හට ඉමහත් ලෙස ආශීර්වාද කරන සේක. Sinhala New Revised Version 2018 “කෙසේ වුවත් ඔබ අතර දිළිඳුන් නොසිටිය යුතු ය. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට උරුම කොට හිමි කරදෙන දේශයෙහි උන් වහන්සේ ඔබ හට ඉමහත් ලෙස ආශීර්වාද කරන සේක. |
තමාගේ අසල්වාසියා හෙළාදකින්නා පව්කරන්නේය; එහෙත් දුප්පතුන්ට අනුකම්පාකරන්නා වාසනාවන්තයෙක්ය.
එවිට ලෙවීයයාට නුඹ සමඟ කොටසක්වත් උරුමයක්වත් නැති බැවින් ඔහුත් නුඹේ දොරටු ඇතුළත සිටින විදේශියාත් පියා නැත්තාත් වැන්දඹුවත් අවුත් කා තෘප්තියට පැමිණෙත්වා; මෙසේ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ කරන නුඹේ අතේ ඇති සියලු වැඩපලවලදී නුඹට ආශීර්වාදකරනවා ඇත.
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට හිමිකර ගැනීමට උරුමයක් කොට දෙන දේශයේදී ස්වාමීන්වහන්සේ නුඹට සැබවින් ආශීර්වාද කරනවා ඇත;
ස්වාමීන්වහන්සේ නුඹට දෙන ලෙස නුඹේ පියවරුන්ට දිවුළ භූමිය මතුපිට නුඹේ ගර්භයේ ඵලයද නුඹේ සිවුපාවුන්ගේ ඵලයද භූමියේ ඵලයද යහපත පිණිස නුඹට වැඩිකර දෙනසේක.
මම එකල්හි නුඹලාට අණකොට: මේ දේශය හිමිකරගන්නා පිණිස නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ එය නුඹලාට දී තිබේ. සන්නාහ සන්නද්ධව නුඹලාගෙන් බලවන්තයන් ව සිටින සියල්ලන් නුඹලාගේ සහෝදරවූ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට පෙරටුව යන්ට ඕනෑය.
තවද ස්වාමීන්වහන්සේ නුඹලා නිසා මා කෙරෙහි උදහස්ව, මට යොර්දානෙන් එතරට යන්ටත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උරුමයක් පිණිස නුඹට දෙන ඒ යහපත් දේශයට ඇතුල්වෙන්ටත් නොලැබෙන්නේය කියා දිවුළසේක.