තීතස් 3:13 - Sinhala Revised Old Version නීතිඥයෙක්වූ සේනස්ටත් අපොල්ලොස්ටත් කිසි අඩු පාඩුවක් නොවන පිණිස ඔවුන්ගේ ගමනට කඩිසරලෙස උපකාරකරන්න. Sinhala New Revised Version නීතිඥයෙකු වූ සේනාස්ට ද අපොල්ලොස්ට ද කිසිවකින් හිඟයක් නැති ව, ඔවුන්ගේ ගමන ඉක්මන් වන පිණිස හැකි තරමින් උපකාර කරන්න. සිංහල කාලීන පරිවර්තනය නීතිඥ සේනාස්ට හා අපොල්ලොස්ට ඔවුන්ගේ ගමන සඳහා කළ හැකි හැම උපකාරයක්ම කරන්න. අඩුවක් නැතිව, ඔවුන්ට හැම දේ සපයා දෙන්න. Sinhala New Revised Version 2018 නීතිඥයෙකු වූ සේනාස්ට ද අපොල්ලොස්ට ද කිසිවකින් හිඟයක් නැති ව, ඔවුන්ගේ ගමන ඉක්මන් වන පිණිස හැකි තරමින් උපකාර කරන්න. |
බලව, ව්‍යවස්ථාව උගන්වන්නෙක් නැගිට උන්වහන්සේ පරීක්ෂාකරමින්: ආචාරිනි, සදාකාල ජීවනය උරුමකර ගන්න පිණිස මා විසින් කුමක් කටයුතුදැයි ඇසුවේය.
ව්‍යවස්ථාව උගන්වන්නන්ගෙන් එක්කෙනෙක් උත්තරදෙමින්: ආචාරිනි, ඔබ මෙසේ කීමෙන් අපටත් දෝෂාරෝපණයකරනසේකැයි කීවේය.
ව්‍යවස්ථාව උගන්වන්නෙනි, නුඹලාට දුක්වේ! නුඹලා දැනගැනීමේ යතුර රැගෙන ගියහුය. නුඹලාම ඇතුල්වුණේ නැත, ඇතුල්වන්නන්ද වැලැක්වුවහුයයි කීසේක.
යේසුස්වහන්සේ උත්තරදෙමින්: සබත් දවසේදී සුවකරන්ට යුතුද නැද්දැයි ව්‍යවස්ථාව උගන්වන්නන්ගෙන්ද ඵරිසිවරුන්ගෙන්ද ඇසූසේක.
නුමුත් ඵරිසිවරු ව්‍යවස්ථාව උගන්වන්නෝද ඔහුගෙන් බව්තීස්මය නොලැබ, දෙවියන්වහන්සේගේ අදහස තමුන්ටම එපාකළෝය.–
එබැවින් ඔව්හු සභාව විසින් ඇරලන ලදුව, පෙනීකියද සමාරියද මැදින් ගොස්, අන්‍යජාතීන්ගේ හැරීම ප්‍රකාශකරමින්, සියලු සහෝදරයන්ට මහත් ප්‍රීතියක් ඉපදෙවූවෝය.
අලෙක්ෂන්ද්‍රියෙහි උපන්නාවූ, උගතෙක්වූ, අපොල්ලොස් නම් එක්තරා යුදෙව්වෙක් එපීසයට ආවේය; ඔහු වනාහි ලියවිලි ගැන බලවත්ව සිටියේය.
තවද අපොල්ලොස් කොරින්තියෙහි සිටියදී පාවුල් ඉහළ පළාත් මැදින් ගොස්, එපීසයට ඇවිත්: සමහර ගෝලයන් සම්බව:
නුමුත් ඒ දවස් ගතවූ විට පිටත්ව අපේ ගමන ගියෙමුව; අප නුවරින් පිටවන තුරු ඔව්හු සියල්ලෝ තමුන්ගේ භාර්යාවන් හා දරුවන් සමඟ අප කැටුව ආවෝය. අපි වෙරළෙහි දණින් හිඳ යාච්ඤාකොට,
මම ස්පාඤ්ඤයට යන කල එන්නෙමි. (මක්නිසාද ගමනේදී නුඹලා දකින්ටත්, නුඹලා එක්ව සමාගම්වීමෙන් තරමක් දුරට තෘප්තියට පැමුණුණායින් පසු නුඹලා විසින්ම එහාට ඇරලනු ලබන්ටත් බලාපොරොත්තුවෙමි.)
එබැවින් කිසිවෙක් ඔහු සුළුකොට නොසිතාවා. නුමුත් ඔහු මා ළඟට එන පිණිස සමාදානයෙන් ඔහුගේ ගමනෙහි යවන්න. මක්නිසාද ඔහු සහෝදරයන් සමඟ එනවා බලා සිටිමි.
සහෝදරවූ අපොල්ලොස් ගැන නම්, සහෝදරයන් සමඟ නුඹලා ළඟට යන ලෙස මම ඔහුගෙන් බොහෝකොට ඉල්ලමි. නුමුත් දැන්ම යෑම කිසිසේත් ඔහුගේ කැමැත්ත නොවේ; අවකාශ ලැබුණු විටක ඔහු එනවා ඇත.