Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 28:10 - Sinhala Revised Old Version

10 ඔව්හු අපට බොහෝ ගරුනම්බුකොට, අප පිටත්ව යන කල අපට වුවමනාදේ නැවේ පැටෙවුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 ඔව්හු අපට බොහෝ ගරු සම්මාන කොට, අප පිටත් ව යන කල අපට වුවමනා දේ නැවේ පැටෙව්වෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

10 ඔවුහු අපට බොහෝ ගරු සත්කාර කළහ. අප යළි යාත්‍රා කරන්නට සූදානම් වූ කල, අපට අවශ්‍ය දෑ ඔවුහු නැවට පැටවූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 ඔව්හු අපට බොහෝ ගරු සම්මාන කොට, අප පිටත් ව යන කල අපට වුවමනා දේ නැවේ පැටෙව්වෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 28:10
15 හුවමාරු යොමු  

අප ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේරිතයන් හැටියට නුඹලාට බරක්වෙන්ට අපට පුළුවන්කම තිබුණු නුමුත්, නුඹලාගෙන්වත් අන්‍යයන්ගෙන්වත් මනුෂ්‍ය ගෞරවය නොසෙවුවෙමුව.


මාගේ දෙවියන්වහන්සේ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තමන්ගේ තේජස් සම්පතේ ප්‍රකාරයට නුඹලාගේ සියලු හිඟකම් සම්පූර්ණකරනසේක.


මෙසේ යෙරුසලමෙහි තිබෙන ස්වාමීන්වහන්සේගේ ගෘහය අලංකාර කරන්ට රජුගේ සිතෙහි කැමැත්තක් ඉපදෙවූවාවූ, රජද රජුගේ මන්ත්‍රීවරුන්ද රජුගේ සියලු බලවන්ත අධිපතීන්ද ඉදිරියෙහි මට කරුණාව ලැබීමට සැලස්සුවාවූ අපේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසාවේවා.


එවිට හසායෙල් තමාගේ අතේ තෑග්ගක් ගෙන, දමස්කයේ සියලු ආකාර හොඳ දේවල් ඔටුවන් සතළිස් දෙනෙකු පිට පටවාගෙන ඔහු වෙතට පැමිණ ඔහු ඉදිරියෙහි සිට: මේ ලෙඩෙන් මට සුවවන්නේද කියා විචාරන්ට ඔබගේ පුත්‍රවූ සිරියේ රජවූ බෙන්-හදද් මා ඔබ ළඟට එවුවේයයි කීවේය.


අසත්පුරුෂයා ඔහුගේ ඇසට පිළිකුල්ව පෙනෙයි; නුමුත් ඔහු ස්වාමින් කෙරෙහි භය ඇත්තන්ට ගෞරවකරයි. තමාට අලාභ පැමිණෙන දිවුරුමක් කළ නුමුත් එය වෙනස් නොකරයි.


මෙය සිදුවූ කල දිවයිනේ ලෙඩ ඇති අනික් අයද පැමිණ සුවකරනු ලැබුවෝය.


තුන් මාසයකට පසු ශීත කාලය ඒ දිවයිනේ ගතකළාවූ නිඹුල් සොහොයුරු යන සටහන ඇති අලෙක්ෂන්ද්‍රීයාවේ නැවකට නැගී පිටත්වුණෙමුව.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්