Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




තීතස් 3:13 - සිංහල කාලීන පරිවර්තනය

13 නීතිඥ සේනාස්ට හා අපොල්ලොස්ට ඔවුන්ගේ ගමන සඳහා කළ හැකි හැම උපකාරයක්ම කරන්න. අඩුවක් නැතිව, ඔවුන්ට හැම දේ සපයා දෙන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 නීතිඥයෙකු වූ සේනාස්ට ද අපොල්ලොස්ට ද කිසිවකින් හිඟයක් නැති ව, ඔවුන්ගේ ගමන ඉක්මන් වන පිණිස හැකි තරමින් උපකාර කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 නීතිඥයෙකු වූ සේනාස්ට ද අපොල්ලොස්ට ද කිසිවකින් හිඟයක් නැති ව, ඔවුන්ගේ ගමන ඉක්මන් වන පිණිස හැකි තරමින් උපකාර කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 නීතිඥයෙක්වූ සේනස්ටත් අපොල්ලොස්ටත් කිසි අඩු පාඩුවක් නොවන පිණිස ඔවුන්ගේ ගමනට කඩිසරලෙස උපකාරකරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




තීතස් 3:13
15 හුවමාරු යොමු  

මේ අතර ඇලෙක්සන්ද්‍රීය වාසී අපොල්ලොස් නම් යුදෙව්වෙක් එපීසය වෙත ආවේ ය. ඔහු උගතෙකි; ශුද්ධ ලියවිලි පිළිබඳ විශාරදයෙකි.


නීති වේදියකු වූ ඔවුන්ගෙන් කෙනෙක් උන්වහන්සේ පරීක්ෂා කරමින්, ප්‍රශ්න කරන්නේ:


ඔවුහු අපට බොහෝ ගරු සත්කාර කළහ. අප යළි යාත්‍රා කරන්නට සූදානම් වූ කල, අපට අවශ්‍ය දෑ ඔවුහු නැවට පැටවූහ.


එබැවින් කිසිවකු ඔහු සුළු කොට නො සලකත්වා; මා වෙත සාමයෙන් ආපසු එන පිණිස, ඔහුගේ ගමනට උපකාර කරන්න; සෙසු සහෝදරයින් සමඟ ඔහුගේ පැමිණීම මම බලාපොරොත්තුව සිටිමි.


මා, ඔබ පසුකර ස්පාඤ්ඤයට යන ගමනේදී ඔබ හමුවීමටත්, එසේ මද කලක් ඔබගේ ඇසුරේ ප්‍රීතිය විඳි පසු, එතැන් පටන් මගේ ගමනට ඔබගෙන් උපකාර ලැබීමටත් බලාපොරොත්තු වෙමි.


එහෙත් අප යා යුතු කාලය පැමිණි විට අපි එතැනින් පිටත්ව, යළි ගමන් ඇරඹීමු. ගෝලයෝ සැවොම තම භාර්යාවන් හා දරුවන් කැටිව නගර සීමාවෙන් පිටතට එන තුරු අප හා ආහ. අපි වෙරළේ දණින් හිඳ, යාච්ඤා කර,


එහි වූ පරිසිවරුන් හා දහම් පඬිවරුන් ඇමතූ යේසුස්වහන්සේ, “සබතේදී සුව කිරීම යුක්ති සහගත ද? නැද්දැ?” යි ඇසූ සේක.


“දහම් පඬිවරුනි, ඔබට වන විපතක මහත! මන්ද දැනගැන්මේ යතුර ඔබ ගෙන ගිය නමුදු, දොර ඇර ඔබ ඇතුළු වූයේ නැත; අන්‍යයන්ට ඇතුළු වීමට ඉඩ දුන්නේත් නැතැ” යි පැවසූ සේක.


එවිට දහම් නීති වේදියෙක් පිළිතුරු දෙමින්, “ගුරුතුමනි, ඔය විදියට කතා කිරීමෙන් ඔබ අපටත් ගැරහුම් කරනවා” යි කීවේ ය.


එවිට මෙන්න! දහම් පඬිවරයෙක් යේසුස්වහන්සේ පරීක්ෂා කරන්නට නැගිට, “ගුරුතුමනි, සදාතන ජීවනය උරුම කර ගන්නට, මා කුමක් කළ යුතු දැ?” යි ඇසී ය.


එහෙත් පරිසිවරු හා නීති විශාරදයෝ ඔහුගෙන් බව්තීස්ම නො ලැබ, තමන් සඳහා වූ දෙවියන්වහන්සේගේ සැලැස්ම ප්‍රතික්ෂේප කළහ.)


සභාව ඔවුන් පිටත් කර යැවී ය. ඔවුහු පිනීකිය හා සමාරිය හරහා ගමන් ගනිමින්, අන්‍ය-ජාතීන්ගේ හැරීමේ පුවත පතළ කරමින්, එහි විසූ සියලු සහෝදරයින්ට මහත් ප්‍රීතියක් ගෙන දුන්හ.


අපොල්ලොස් කොරින්තියෙහි සිටියදී, පාවුල් රට මැද්දෙන් ගමන් කර, එපීසය වෙත ළඟා විය. එහිදී ඔහුට ගෝලයින් ඇතමකු හමු වී,


දැන්, අප සහෝදර අපොල්ලොස් ගැන: අනෙක් සහෝදරයින් සමඟ ඔබ වෙත එන්නැයි මා ඕනෑකමින් ඉල්ලා සිටියත්, දැන්ම ඒමට ඔහු කොහෙත්ම කැමති නැත. එහෙත් ඉඩ ලැබුණු කල ඔහු එනු ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්