ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෝබ් 9:31 - Sinhala Revised Old Version

ඔබ මා මඩ වළේ හෙළනසේක, මාගේම ඇඳුම් මට පිළිකුල්ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔබ මා මඩ වළට හෙළන සේක. මාගේ ම ඇඳුම් මට ම පිළිකුලකි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔබ මා මඩ වළට හෙළන සේක. මාගේ ම ඇඳුම් මට ම පිළිකුලකි.

පරිච්ඡේදය බලන්න



යෝබ් 9:31
11 හුවමාරු යොමු  

මාගේ වරද මල්ලක දමා මුද්‍රාකර තිබේ; ඔබ මාගේ අපරාධය වහලා තබනසේක.


මා නොව නුඹේම මුඛය නුඹ වරදට පත්කරන්නේය; එසේය, නුඹේම තොල් නුඹට විරුද්ධව සාක්ෂිදෙන්නේය.


මක්නිසාද: එයින් නුඹට ඇති වාසිය මොකද කියාත්, මා පව්කළානම් ලැබෙනවාට වඩා මට මොන ප්‍රයෝජනයක් ලැබේද කියාත් නුඹ කියන්නෙහිය,


මම ධර්මිෂ්ඨයයි කීවත් මාගේ මුඛය මා වරදට පත්කරන්නේය, මම නිදොස්යයි කීවත් එය මා වරදකාරයෙක් බව ඔප්පුකරන්නේය.


මා හිම දියෙන් නාගන, මාගේ අත් කොපමණ පවිත්‍රකර ගත්තත්,


මක්නිසාද මා විසින් උන්වහන්සේට උත්තරදෙන්ටත්, මා උන්වහන්සේ සමඟ විනිශ්චයට පැමිණෙන්ටත් පුළුවන්වන ලෙස, උන්වහන්සේ මා වාගේ මනුෂ්‍යයෙක් නොවේය,


ඔවුන්ගේ නූල් ඇඳුම්වලට ගන්ටවත් තමුන්ගේ වැඩවලින් ඇඟ වසාගන්ටවත් ඔවුන්ට බැරිවෙයි. ඔවුන්ගේ වැඩ අපරාධ වැඩය, බලාත්කාර ක්‍රියා කිරීමද ඔවුන්ගේ අත්වල තිබේ.


අපි සියල්ලෝම අපවිත්‍ර කෙනෙකු මෙන් වී සිටිමුව, අපේ සියලුම ධර්මිෂ්ඨකම්ද කිලුටු වස්ත්‍රයක් මෙන්ය. අපි සියල්ලෝම කොළයක් මෙන් පරවෙමුව; අපේ අයුතුකම්ද සුළඟ මෙන් අප පහකරගනයයි.


නුඹ යවාක්ෂර දියෙන් නුඹම සෝදාගන බොහෝ සබන් ගාගත්තත් නුඹේ අපරාධය මා ඉදිරියෙහි නොමැකී තිබේයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


පිළිකුල් දේවල් නුඹ පිට හෙළා, නුඹට අගෞරවකර, නුඹ කෝලමක් කරන්නෙමි.