Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 15:6 - Sinhala Revised Old Version

6 මා නොව නුඹේම මුඛය නුඹ වරදට පත්කරන්නේය; එසේය, නුඹේම තොල් නුඹට විරුද්ධව සාක්ෂිදෙන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 ඔබ වරදට පත් කරන්නේ ඔබේ ම වචනය වේ; මම නොවෙමි. ඔබේ ම මුඛය ඔබට විරුද්ධ ව සාක්ෂි දරයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 ඔබ වරදට පත් කරන්නේ ඔබේ ම වචනය වේ; මම නොවෙමි. ඔබේ ම මුඛය ඔබට විරුද්ධ ව සාක්ෂි දරයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 15:6
12 හුවමාරු යොමු  

එවිට ඔහු කථාකොට: දුෂ්ටවූ දාසය, නුඹේම කටින් නුඹ විනිශ්චයකරමි. මා නොතිබූ දේ ගන්නාවූ, නොවපුළ දේ කපන්නාවූ, කර්කස කෙනෙක් බව නුඹ දැනගෙන සිටියෙහිය;


මක්නිසාද නුඹේ වචනවලින් නුඹ නිදොස්කරනු ලබන්නෙහිය, නුඹේ වචනවලින් නුඹ වරදට පත්කරනු ලබන්නෙහියයි කීසේක.


මම ධර්මිෂ්ඨයයි කීවත් මාගේ මුඛය මා වරදට පත්කරන්නේය, මම නිදොස්යයි කීවත් එය මා වරදකාරයෙක් බව ඔප්පුකරන්නේය.


ඔවුන්ගේ දිව මෙසේ තමුන්ටම විරුද්ධවී, ඔවුන්ගේ පැකිලීම සිදුවන්නේය. ඔවුන් දකින සියල්ලෝ හිස වනන්නෝය.


දැනගැන්ම නැතිකමෙන් මන්ත්‍රණය අඳුරුකරන මොහු කවුද? එබැවින් මට නොතේරෙන්නාවූ, මා දැනනොගත්, මට ඉතා පුදුමවූ දේවල් කීවෙමි.


නුඹ මාගේ විනිශ්චය පවා අවලංගුකර, නුඹම ධර්මිෂ්ඨව පෙනෙන පිණිස මට වරද තබන්නෙහිද?


එවිට උත්තම පූජකයා තමාගේ වස්ත්‍ර ඉරාගෙන: මොහු දෙවියන්වහන්සේට අපහාසකෙළේය. සාක්ෂිකාරයන්ගෙන් අපට තවත් කම මොකද? මොහුගේ දේවඅපහාසය දැන් නුඹලාට ඇසුණේය.


ඔහුගේ වේගවත් අඩි හිරවන්නේය, තමාගේම මන්ත්‍රණයෙන් ඔහු වැටෙන්නේය.


නුමුත් ඔබගේ මෙහෙකරුවා එහෙ මෙහෙ කටයුතු කරන අතර ඔහු සැඟවී ගියේයයි කීවේය. ඉශ්‍රායෙල් රජ: නුඹේ තීන්දුව එසේම වන්නේය; නුඹම ඒක තීන්දුකෙළහියයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්