ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෝබ් 9:30 - Sinhala Revised Old Version

මා හිම දියෙන් නාගන, මාගේ අත් කොපමණ පවිත්‍රකර ගත්තත්,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

සුදු හිම දියෙන් නා ගෙන මාගේ දෑත කොතරම් සුදෝ සුදු කරගත්තත්,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

සුදු හිම දියෙන් නා ගෙන මාගේ දෑත කොතරම් සුදෝ සුදු කරගත්තත්,

පරිච්ඡේදය බලන්න



යෝබ් 9:30
11 හුවමාරු යොමු  

මාගේ අඩිය මාර්ගයෙන් අහක්ව යන්ටත්, මාගේ සිත මාගේ ඇස් අනුව යන්ටත්, මාගේ අත්වලට කිසි කිලුටක් ඇලෙන්ටත් යෙදුණා නම්,


මක්නිසාද: එයින් නුඹට ඇති වාසිය මොකද කියාත්, මා පව්කළානම් ලැබෙනවාට වඩා මට මොන ප්‍රයෝජනයක් ලැබේද කියාත් නුඹ කියන්නෙහිය,


ඔබ මා මඩ වළේ හෙළනසේක, මාගේම ඇඳුම් මට පිළිකුල්ය.


ස්වාමිනි, ස්තුති ශබ්දය ඇසෙන්ට සලස්වන පිණිසද, ඔබගේ සියලු ආශ්චර්යමත් ක්‍රියා ප්‍රකාශකරන පිණිසද,


මාගේ පාපය කෙරෙන් ඔබගේ මුහුණ සඟවාගත මැනව, මාගේ සියලු අයුතුකම් මැකුව මැනව.


තමාගේ වරද සඟවන්නා සඵල නොවන්නේය; එහෙත් ඒවා කියාදී අත්හරින්නාට කරුණාව ලැබේ.


නුඹ යවාක්ෂර දියෙන් නුඹම සෝදාගන බොහෝ සබන් ගාගත්තත් නුඹේ අපරාධය මා ඉදිරියෙහි නොමැකී තිබේයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


එම්බා යෙරුසලම, නුඹ ගැළවෙන පිණිස නුඹේ සිත සෝදා එහි නපුරුකම පහකරන්න. නුඹේ නිෂ්ඵල යෝජනා කොපමණ කල් නුඹ තුළ පවතිනවා ඇද්ද?


මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම නොදැන, තමුන්ගේ ධර්මිෂ්ඨකම ස්ථිරකරන්ට සොයමින්, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකමට යටත් නූණෝය.


අපට පාපය නැතැයි කියමු නම්, අපි අපම රවටාගනිමුව, සැබෑවද අප තුළ නැත.