යෝබ් 6:11 - Sinhala Revised Old Version මා බලාපොරොත්තුව සිටින පිණිස මාගේ ශක්තිය මොකක්ද? මා ඉවසිල්ලෙන් පසුවෙන පිණිස මාගේ අන්තිමය මොකක්ද? Sinhala New Revised Version මාගේ දිවි ගෙන යාමට කුමන ශක්තියක් මට ඇද් ද? මරණය මට නියත නම්, ජීවත් වීමෙන් වැඩක් මට ඇද් ද? Sinhala New Revised Version 2018 මාගේ දිවි ගෙන යාමට කුමන ශක්තියක් මට ඇද් ද? මරණය මට නියත නම්, ජීවත් වීමෙන් වැඩක් මට ඇද් ද? |
ඔබ මාගේ පාද දඬුකඳේ දමා, මාගේ සියලුම මාවත් රැකසිටිනසේක; ඔබ මාගේ පතුල්වලට මායිම් තබනසේක.
ස්වාමිනි, මාගේ දිවි කෙළවරත් මාගේ දවස්වල ගණන කොපමණද කියාත් මට දැනගන්ට සැලැස්සුව මැනව; මම කොපමණ බෙලහීනයෙම්දැයි මට දැනේවා.
බැලුව මැනව, ඔබ මාගේ දවස් වියතක් මෙන් කළසේක; මාගේ වයස ඔබ ඉදිරියෙහි කිසිත් නැතුවාක්මෙනි. සැබවින් කොයි මනුෂ්‍යයාත් ස්වකීය උත්තම අවස්ථාවෙහි පවා සහමුලින්ම නිෂ්ඵලකමය.