ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෝබ් 42:16 - Sinhala Revised Old Version

ඉන්පසු යෝබ් එකසිය හතළිස් අවුරුද්දක් ආයු වළඳා, සතරවෙනි පරම්පරාව දක්වා තමාගේ පුත්‍රයන්ද පුත්‍රයන්ගේ පුත්‍රයන්ද දුටුවේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඉන්පසු, කාලයාගේ ඇවෑමෙන් ජෝබ් එකසිය සතළිස් වසක් ජීවත් වී සතර වැනි පරපුර දක්වා දරු මුණුබුරන් දැක

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඉන්පසු, කාලයාගේ ඇවෑමෙන් ජෝබ් එකසිය සතළිස් වසක් ජීවත් වී සතර වැනි පරපුර දක්වා දරු මුණුබුරන් දැක

පරිච්ඡේදය බලන්න



යෝබ් 42:16
13 හුවමාරු යොමු  

තේරාගේ දවස් දෙසිය පස් අවුරුද්දක්ය; තේරා හාරාන්හිදී මෙළේය.


ආබ්‍රහම් ජීවත්ව සිටිය ඔහුගේ ජීවිතයේ අවුරුදු ගණන නම් එකසිය සැත්තෑ පස් අවුරුද්දකි.


ඊසාක්ගේ වයස එකසිය අසූ අවුරුද්දක්ය.


යාකොබ් මිසර දේශයෙහි දහහත් අවුරුද්දක් ජීවත්ව සිටියේය. මෙසේ යාකොබ්ගේ ජීවිතයේ අවුරුදු ගණන එකසිය සතළිස් සතක් විය.


එප්‍රායිම්ගේ දරුවන් තුන්වෙනි පරම්පරාව දක්වා දුටුවේය. මනස්සේගේ පුත්‍රවූ, මාඛිර්ගේ දරුවෝද යෝසෙප්ගේ උකුළ පිට ඇතිවුණෝය.


යෝසෙප් එකසිය දස අවුරුද්දක් වයස්ව මළේය. ඔව්හු ඔහුගේ මිනිය සුවඳ ද්‍රව්‍ය ගල්වා ආරක්ෂාකළෝය, ඔහු මිසරයෙහි මිනී පෙට්ටියක තබනලද්දේය.


යෝබ්ගේ දූවරුන් මෙන් රුව ඇති ස්ත්‍රීහු ඒ මුළු දේශයෙහි නොසිටියාහ. ඔවුන්ගේ පියා ඔවුන්ගේ සහෝදරයන් අතරේ ඔවුන්ට උරුමයක් දුන්නේය.


ඉක්බිති යෝබ් මහලුව වයසින් පූර්ණව මළේය.


එසේය, නුඹේ දරුවන්ගේ දරුවන් දක්නෙහිය. ඉශ්‍රායෙල්ට සමාදානය වේවා.


අපේ ජීවිතයේ දවස් අවුරුදු හැත්තෑවක්ය, ශක්තිය ඇත්නම් අවුරුදු අසූවක්ය; එසේ වූවත් ඒවායේ යහපත් භාගය පවා වෙහෙස හා දුකමය; මක්නිසාද එය වහාම ගතවෙයි, අපිද ඉගිලී යමුව.


මහල්ලන්ගේ ඔටුන්න නම් දරුවන්ගේ දරුවෝය; දරුවන්ගේ පාරට්ටුව ඔවුන්ගේ පියවරුය.


මෝසෙස් මැරෙන කල අවුරුදු එකසිය විස්සක් වයස්ව සිටියේය. ඔහුගේ ඇස් අඳුරු නොවීය, ඔහුගේ ස්වාභාවික ශක්තියද අඩු නොවීය.


මේ කාරණාවලට පසු ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ නූන්ගේ පුත්‍රවූ යෝෂුවා එකසිය දස අවුරුදු වයස්ව මළේය.