ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෝබ් 42:11 - Sinhala Revised Old Version

එවිට ඔහුගේ සියලු සහෝදරයෝද ඔහුගේ සියලු සහෝදරියෝද පළමු ඔහු ඇඳින සිටි සියල්ලෝද ඔහු ළඟට ඇවිත්, ඔහුගේ ගෙදර ඔහු සමඟ කෑම කා, ස්වාමීන්වහන්සේ ඔහුට පැමිණෙවු සියලු විපත්ති ගැන ඔහු සමඟ ශෝකවී, ඔහු සැනසුවෝය. එක් එක්කෙනා කෙසීටා [නම්] මිලයකුත් එක් එක්කෙනා රන් මුදුවකුත් ඔහුට දුන්නේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔහුගේ සියලු සහෝදර සහෝදරියෝ ද පළමු ඔහු දැන හැඳින සිටි සියල්ලෝ ද ඔහු වෙත පැමිණ ඔහුගේ නිවසෙහි ඔහු සමඟ කෑම කා, සමිඳාණන් වහන්සේ ඔහුට පැමිණෙව් විපත්ති සමුදාය ගැන ශෝකය ප්‍රකාශ කොට ඔහු අස්වැසූ හ. ඔව්හු එකිනෙකා රිදී කාසියක් හා රන් මුද්දක් ඔහුට ත්‍යාගි කළහ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔහුගේ සියලු සහෝදර සහෝදරියෝ ද පළමු ඔහු දැන හැඳින සිටි සියල්ලෝ ද ඔහු වෙත පැමිණ ඔහුගේ නිවසෙහි ඔහු සමඟ කෑම කා, සමිඳාණන් වහන්සේ ඔහුට පැමිණෙව් විපත්ති සමුදාය ගැන ශෝකය ප්‍රකාශ කොට ඔහු අස්වැසූ හ. ඔව්හු එකිනෙකා රිදී කාසියක් හා රන් මුද්දක් ඔහුට ත්‍යාගි කළහ.

පරිච්ඡේදය බලන්න



යෝබ් 42:11
18 හුවමාරු යොමු  

තවද ඔටුවන් වතුර බී නිමවූ කල්හි ඒ මනුෂ්‍යයා ෂෙකෙල් බාගයක් බර ඇති රන් නාසාභරණයක්ද ඇගේ අත්වලට ෂෙකෙල් දශයක් බර ඇති රන් වළලු දෙකක්ද රැගෙන දී:


මෙහෙකරුවා රිදී ආභරණද රන් ආභරණද වස්ත්‍රද ගෙනවුත් රෙබෙකාට දුන්නේය. තවද ඔහු ඇගේ සහෝදරයාටත් මවුටත් අනර්ඝ දේවල් දුන්නේය.


ඔහුගේ සියලු පුත්‍රයෝද දූවරුද ඔහු සනසන්ට ආවෝය; එහෙත් ඔහු සැනසෙන්ට නොකැමති වී: මම වැලපෙමින් මාගේ පුත්‍රයා වෙතට මිනීවළට යන්නෙමියි කීවේය. මෙසේ ඔහුගේ පියා ඔහු නිසා හැඬුවේය.


එහෙත් මාගේ මුඛයෙන් නුඹලා ශක්තිමත්කර, මාගේ තොල්වල සැනසිල්ලෙන් නුඹලා උසුලන්නෙමි.


යෝබ්ගේ යහළුවන් තුන්දෙනා වන තේමානිය එලීපස්ද ෂූහිය බිල්දද්ද නයමාතිය ශෝපර්ද ඔහුට පැමිණි මේ මුළු විපත්තිය ගැන අසා තම තමුන්ගේ ස්ථානවල සිට ආවෝය. ඔහු හා සමඟ ශෝකවී ඔහු සනසන පිණිස එන්ට ඔව්හු තමුන් අතරේ නියමකරගත්තෝය.


සෙලවෙන තැනැත්තා නුඹේ වචනවලින් නුඹ ස්ථිරකෙළෙහිය, නැමෙන දණහිස් සවිකෙළෙහිය.


දිළින්දාට තමාගේ අසල්වාසියා පවා වෛරකරයි; එහෙත් වස්තුකාරයාට මිත්‍රයෝ බොහෝය.


මනුෂ්‍යයෙකුගේ මාර්ගවලට ස්වාමීන්වහන්සේ ප්‍රසන්නවන කල උන්වහන්සේ ඔහුගේ සතුරන් පවා ඔහු හා සමඟිකරවනසේක.


යුදෙව්වරුන්ගෙන් බොහෝ දෙනෙක්ද මාර්තා සහ මරියා ඔවුන්ගේ සහෝදරයා ගැන සනසන පිණිස ඇවිත් සිටියෝය.


ප්‍රීතිවෙන්නන් සමඟ ප්‍රීතිවෙන්න; අඬන්නන් සමඟ අඬන්න.


මෙසේ එක අවයවයක් වේදනා විඳී නම්, ඒ සමඟ සියලු අවයවයෝම වේදනා විඳිති; නොහොත් එක අවයවයක් නම්බු ලබයි නම්, ඒ සමඟ සියලු අවයවයෝ ප්‍රීතිවෙති.


එබැවින් හෙළා තිබෙන අත්ද බෙලහීන දණහිස්ද සවිකරගන්න.


නුඹලාත් බැඳී සිටින්නාක්මෙන් බැඳුම්වල සිටින්නන්ද, නුඹලාත් ශරීරයෙහි සිටින බැවින් දුක්විඳින්නන්ද සිහිකරන්න.


තවද ඉශ්‍රායෙල් පුත්‍රයෝ මිසරයෙන් ගෙනාවාවූ යෝසෙප්ගේ ඇට ෂෙකෙම්හි, යාකොබ් විසින් ෂෙකෙම්ගේ පියවූ හමොර්ගේ පුත්‍රයන්ගෙන් රිදී සියයකට මිලේටගත් බිම් කොටසෙහි තැන්පත් කළෝය. ඒවා යෝසෙප් පුත්‍රයන්ට උරුමයක් වූයේය.


නුමුත් සමහර දුර්ජනයෝ කථාකොට: මේ මනුෂ්‍යයා අප ගළවන්නේ කොහොමදැයි කියා ඔහු සුළුකොට සිතා ඔහුට කිසි තෑග්ගක් නොගෙනාවෝය. නුමුත් ඔහු නිශ්ශබ්දව සිටියේය.