දෙවියන්වහන්සේ ඔවුන්ට ආශීර්වාදකළසේක; දෙවියන්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා බෝවී වැඩිවෙමින් පොළොව පූර්ණකොට ඒක යටත් කර ගන්න; මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයේ පක්ෂීන් කෙරෙහිද පොළොව පිට හැසිරෙන සියලු සතුන් කෙරෙහිද අධිපතිකම් කරන්නැයි කීසේක.
යෝබ් 41:4 - Sinhala Revised Old Version නුඹ හැම කලටම ඌ මෙහෙකරුවෙක් කොට ගන්න පිණිස ඌ නුඹ සමඟ ගිවිසුමක් කරනවා ඇද්ද? Sinhala New Revised Version සදහට ම ඌ නුඹට මෙහෙකරුවකු වන පිණිස, නුඹ සමඟ ගිවිසුමක් කරනු ඇද් ද? Sinhala New Revised Version 2018 සදහට ම ඌ නුඹට මෙහෙකරුවකු වන පිණිස, නුඹ සමඟ ගිවිසුමක් කරනු ඇද් ද? |
දෙවියන්වහන්සේ ඔවුන්ට ආශීර්වාදකළසේක; දෙවියන්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා බෝවී වැඩිවෙමින් පොළොව පූර්ණකොට ඒක යටත් කර ගන්න; මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයේ පක්ෂීන් කෙරෙහිද පොළොව පිට හැසිරෙන සියලු සතුන් කෙරෙහිද අධිපතිකම් කරන්නැයි කීසේක.
ඔහුගේ ස්වාමියා ඔහු දෙවියන්වහන්සේ ඉදිරියට කැඳවා දොර ළඟට නොහොත් උළුවහු කණුව ළඟට ගෙන ගොස් විදින කටුවකින් ඔහුගේ කන සිදුරු කළ යුතුය; ඔහුද සෑමකල්හිම ඔහුට වැඩකරන්නේය.
විදින කටුවක් අරගෙන ඔහුගේ කන දොරට තදකර තබා විදින්න, මෙසේ ඔහු හැම කල්හිම නුඹේ දාසයා වන්නේය. නුඹේ දාසීටත් එසේම කරන්න.
එවිට අම්මොනිය නාහාෂ් ඇවිත් යාබෙෂ්-ගිලියද්ට විරුද්ධව කඳවුරු බැන්දේය. යාබෙෂ්හි සියලු මනුෂ්‍යයෝ: අප සමඟ ගිවිසුමක් කළ මැනවි, එවිට අපි ඔබට මෙහෙකරන්නෙමුයයි නාහාෂ්ට කීවෝය.