කුළුහරකා ලනුවකින් හීවිටේ බඳින්ට නුඹට පුළුවන්ද? නොහොත් ඌ නුඹ පස්සේ මිටියාවත් පෝරුගානවා ඇද්ද?
යෝබ් 39:9 - Sinhala Revised Old Version කුළුහරකා නුඹට වැඩකරන්ට කැමතිවේද? ඌ නුඹේ ගාලේ ලගිනවා ඇද්ද? Sinhala New Revised Version කුළු හරකා නුඹට වැඩ කරන්නට කැමැති වේ ද? ඌ රැයෙහි නුඹේ ගාලෙහි ලගිනු ඇද් ද? Sinhala New Revised Version 2018 කුළු හරකා නුඹට වැඩ කරන්නට කැමැති වේ ද? ඌ රැයෙහි නුඹේ ගාලෙහි ලගිනු ඇද් ද? |
කුළුහරකා ලනුවකින් හීවිටේ බඳින්ට නුඹට පුළුවන්ද? නොහොත් ඌ නුඹ පස්සේ මිටියාවත් පෝරුගානවා ඇද්ද?
උන්වහන්සේ ඒවා වස්සෙකු මෙන්ද ලෙබනොන් සහ සිරියොන් කඳු තරුණ වල් ගොනෙකු මෙන්ද පෙම්කෙළින්ට සලස්වනසේක.
ගොනා උගේ අයිතිකාරයාද කොටළුවා උගේ ස්වාමියාගේ පට්ටියද දනියි. එහෙත් ඉශ්‍රායෙල් දන්නේ නැත, මාගේ සෙනඟ කල්පනාකරන්නේ නැතැයි කියනසේක.
වල් මීවෝ උන් සමඟද ගොන්නාම්බෝ ගොන් සමඟද බැසඑන්නෝය; ඔවුන්ගේ දේශයද ලෙයින් පෙඟියන්නේය, ඔවුන්ගේ ධූලි තෙලෙන් තරවන්නේය.
ඔහුගේ ගව කුලුඳුලා වනාහි මහිමය දරයි; ඔහුගේ අං කුළු හරකාගේ අං මෙන්ය. එයින් ඔහු ජනයන් පොළොවේ කෙළවර දක්වා එකට තල්ලුකර දමන්නේය. ඒවා නම් එප්‍රායිම්ගේ දසදහස් ගණන්ය, ඒවා මනස්සේගේ දසදහස් ගණන් යයි කීය.