Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 23:22 - Sinhala Revised Old Version

22 දෙවියන්වහන්සේ ඔවුන් මිසරයෙන් ගෙන එනසේක; ඔහුට කුළුහරකා මෙන් ශක්තිය ඇත්තේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 දෙවිඳාණෝ ඉශ්රායෙල්වරුන් මිසරයෙන් ගෙනා සේක. කුළු හරකාට උගේ අං යම් සේ ද දෙවිඳුන් ඔවුන්ට එසේ ම වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 දෙවිඳාණෝ ඉශ්රායෙල්වරුන් මිසරයෙන් ගෙනා සේක. කුළු හරකාට උගේ අං යම් සේ ද දෙවිඳුන් ඔවුන්ට එසේ ම වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 23:22
14 හුවමාරු යොමු  

ඔහුගේ ගව කුලුඳුලා වනාහි මහිමය දරයි; ඔහුගේ අං කුළු හරකාගේ අං මෙන්ය. එයින් ඔහු ජනයන් පොළොවේ කෙළවර දක්වා එකට තල්ලුකර දමන්නේය. ඒවා නම් එප්‍රායිම්ගේ දසදහස් ගණන්ය, ඒවා මනස්සේගේ දසදහස් ගණන් යයි කීය.


දෙවියන්වහන්සේ මිසරයෙන් ඔහු ගෙනෙන සේක; ඔහුට කුළුහරකාට මෙන් ශක්තිය ඇත්තේය. ඔහු තමාගේ සතුරන්වූ ජාතීන් කා දමා, ඔවුන්ගේ ඇට පොඩිකරන්නේය, තමාගේ ඊගස්වලින් ඔවුන් විද දමන්නේය.


සිංහයාගේ මුඛයෙන් මා ගැළවුව මැනව; එසේය, වල් ගොනුන්ගේ අං අතරෙහිවූ මට ඔබ උත්තරදුන්සේක.


මම වනාහි වහල්කමේ ගෙයින් එනම් මිසර දේශයෙන් නුඹ පිටතට ගෙනාවාවූ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.


නුමුත් ඔබ කුළු ගොනාගේ අඟ මෙන් මාගේ අඟ උස්කළසේක; මම අලුත් තෙලින් ගාගන සිටිමි.


දෙවියන්වහන්ස, ඔබගේ ශුද්ධස්ථානවල සිට ඔබ භයංකරව පෙනෙනසේක. ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේම ස්වකීය සෙනඟට ශක්තියත් බලයත් දෙනසේක. දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා.


ඔහු බෙයොර්ගේ පුත්‍රවූ බාලාම් කැඳවාගෙන එන්ට ඔහුගේ සෙනඟගේ පුත්‍රයන්ගේ දේශයවූ ගංගාව ළඟ තිබෙන පෙතෝර්ට පණිවිඩකාරයන් යවමින්: මිසරයෙන් සෙනඟක් ඇවිත් සිටිති. බලව, ඔව්හු පොළෝතලය වසාගෙන මට ඉදිරිපිටින් සිටිති.


මා ඵාරාවෝද ඔහුගේ රථද ඔහුගේ අසුරුවන්ද කරණකොටගෙන ගෞරව ලැබූ කල්හි මම ස්වාමීන්වහන්සේ බව මිසරවරු දැනගන්නෝයයි කීසේක.


සැබවින් මා විසින් නුඹ ආරක්ෂාකළේ නුඹට මාගේ බලය පෙන්වන පිණිසත් මාගේ නාමය මුළු පොළොවෙහි ප්‍රකාශවෙන පිණිසත්ය.


මක්නිසාද නුඹලා මිසරයෙන් පිටතට එන කල ස්වාමීන්වහන්සේ නුඹලා ඉදිරියෙහි රතු මුහුදේ වතුර සිඳෙවු හැටිද නුඹලා විසින් සිඳදමනලද යොර්දානෙන් එතර සිටිය අමෝරිවරුන්ගේ රජවරුන් දෙදෙනාවූ සීහොන්ටත් ඕග්ටත් නුඹලා කළ දේද ඇසීමුව.


වල් මීවෝ උන් සමඟද ගොන්නාම්බෝ ගොන් සමඟද බැසඑන්නෝය; ඔවුන්ගේ දේශයද ලෙයින් පෙඟියන්නේය, ඔවුන්ගේ ධූලි තෙලෙන් තරවන්නේය.


තවද හාරසිය තිස් අවුරුද්ද කෙළවරවූ දවසේදීම ස්වාමීන්වහන්සේගේ සියලු සේනාවෝ මිසර දේශයෙන් පිටත්ව ගියෝය.


ඒ දවසේම ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඔවුන්ගේ සේනාවල ප්‍රකාරයට මිසර දේශයෙන් පිටතට ගෙනාසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්