යෝබ් 39:16 - Sinhala Revised Old Version උගේ පැටවුන් ඌට අයිති නැතුවාක් මෙන් ඌ උන්ට තදකම් පාන්නේය. උගේ මහන්සිය නිෂ්ඵල නුමුත් ඊට උගේ සැලකිල්ලක් නැත; Sinhala New Revised Version උගේ පැටවුන් ඌට අයිති නැතිවාක් මෙන් ඌ දැඩි සිතින් උන්ට සලකයි. උගේ මහන්සිය නිෂ්ඵල වුව ද, එය ගණන් ගන්නේ නැත. Sinhala New Revised Version 2018 උගේ පැටවුන් ඌට අයිති නැතිවාක් මෙන් ඌ දැඩි සිතින් උන්ට සලකයි. උගේ මහන්සිය නිෂ්ඵල වුව ද, එය ගණන් ගන්නේ නැත. |
ස්වාමීන්වහන්ස, ඔබ මෙසේ කළේ කාටදැයි බලා කල්පනාකළ මැනව. ස්ත්‍රීහු ස්වකීය ඵල වන අත දරුවන් කන්නෝද? පූජකයා සහ ප්‍රොපේතයාත් ස්වාමීන්වහන්සේගේ ශුද්ධස්ථානයෙහිදී මරනු ලබනෝද?
සිවල්දෙන්නු පවා තනන ඇද උන්ගේ පැටවුන්ට කිරි පොවති. මාගේ සෙනඟගේ දුව කාන්තාරයේ පැස්බරුන් මෙන් කෲරවූවාය.
බලව, ජනයන් ගින්න පිණිස වැඩකිරීමත් ජාතීන් හිස්කමට වෙහෙසීමත් සේනාවල ස්වාමීන්වහන්සේගෙන් නොවේද?