මට පහසු ලැබෙන පිණිස කථාකර, මාගේ තොල් ඇර උත්තර දෙන්නෙමි.
මෙය මට දරාගත නොහැකි ය. නිහඬ ව නොසිට මා පිළිතුරු දිය යුතු ම ය.
නිශ්ශබ්දවෙන්න, මට කථාකරන්ට ඉඩඅරින්න. සිද්ධවෙන දෙයක් සිද්ධවුණාවේ.
මට විරුද්ධව නඩුකියන කෙනෙක් ඇද්ද? එසේ ඇත්නම් මම නිශ්ශබ්දව සිට නසින්නෙමි.
ඒ නිසා එනම් මා තුළ තිබෙන මාගේ ඉක්මන්කම නිසා මාගේ සිතිවිලිවලින් මට උත්තර ලැබෙන්නේය.
මටත් කථාකරන්ට ඉඩ අරින්න; මා කථාකළායින් පසු නින්දාකරන්න.
මෙන්න, මාගේ බඩ රැස්නොගිය මුද්‍රිකපානයත් පිපිරෙන්ට ළංවූ අලුත් සම්භාජනත් මෙන්ය.
මනුෂ්‍යයෙකුගේ තරාතිරම බලන්ට මට සිද්ධ නොවේවා; කිසි මනුෂ්‍යයෙකුට ඉච්චා නොකරන්නෙමි.
යමෙක් නුඹ සමඟ කථාකරන්ට සිතට ගත්තොත් නුඹ අප්‍රසන්න වන්නෙහිද? නුමුත් කථාව නවතාගන්ට පුළුවන් කාටද?