ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෝබ් 21:21 - Sinhala Revised Old Version

ඔහුගේ මාස ගණන මැදින් සිඳිනු ලැබූ කල්හි තමාට පසුව සිටින ඔහුගේ පවුලෙන් ඔහුට මොන සතුටක්ද?

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔවුන්ගේ ආයු ගෙවී ගිය කල්හි, ඔවුන්ගේ දරු මුණුබුරන්ගේ සැපත ගැන ඔව්හු ම සලකත් ද?

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔවුන්ගේ ආයු ගෙවී ගිය කල්හි, ඔවුන්ගේ දරු මුණුබුරන්ගේ සැපත ගැන ඔව්හු ම සලකත් ද?

පරිච්ඡේදය බලන්න



යෝබ් 21:21
8 හුවමාරු යොමු  

ඔහුගේ පුත්‍රයන් ගෞරවයට පැමිණෙන නමුත් ඔහු නොදනියි; ඔවුන් සුළුකරනු ලබන නුමුත් ඔවුන් ගැන ඔහු නොදන්නේය.


ඔහුගේ දවස් නියමව, ඔහුගේ මාස ගණන ඔබ වෙත තිබෙන නිසාත්, ඔහු පිටතට නොයන හැටියට ඔබ ඔහුගේ මායිම් පිහිටුවා තිබෙන නිසාත්,


ඔහුගේ විනාශය ඔහුගේම ඇස්වලට පෙනේවා, ඔහු සර්වපරාක්‍රමයාණන්ගේ උදහස පානයකෙරේවා.


උත්තමයන් විනිශ්චයකරන්නාවූ දෙවියන්වහන්සේට දැනගැන්ම උගන්වන්ට යමෙකුට පුළුවන්ද?


මමද කථාකොට: මාගේ දෙවියන්වහන්ස, මාගේ දවස් මාධ්‍යයෙහිදී, මා අහක් නොකළ මැනව. ඔබගේ අවුරුදු සියලු පරම්පරාවලට වන්නේයයි කීයෙමි.


නුමුත් දෙවියන්වහන්ස, ඔබ ඔවුන් විනාශයේ වළට බස්වනසේක. මිනීමරුවූ කපටි මනුෂ්‍යයෝ තමුන්ගේ ආයුසයෙන් අර්ධයක්වත් ජීවත් නොවන්නෝය; එහෙත් මම ඔබ කෙරෙහි විශ්වාස කරන්නෙමි.