Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 102:24 - Sinhala Revised Old Version

24 මමද කථාකොට: මාගේ දෙවියන්වහන්ස, මාගේ දවස් මාධ්‍යයෙහිදී, මා අහක් නොකළ මැනව. ඔබගේ අවුරුදු සියලු පරම්පරාවලට වන්නේයයි කීයෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 මම ද කතා කොට මෙසේ කීවෙමි: “අහෝ මාගේ දෙවිඳුනි! මා වයස්ගත වන්න පෙර මා පහ නොකළ මැනව. සමිඳුනි, ඔබ සදහට ම ජීවත් වන සේක.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 මම ද කතා කොට මෙසේ කීවෙමි: “අහෝ මාගේ දෙවිඳුනි! මා වයස්ගත වන්න පෙර මා පහ නොකළ මැනව. සමිඳුනි, ඔබ සදහට ම ජීවත් වන සේක.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 102:24
10 හුවමාරු යොමු  

මා, මෙයින් ගොස්, නැතිවී යන්ට ප්‍රථම, මට ශක්තිය ලැබෙන පිණිස කල් දුන මැනව.


මාගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, මාගේ ශුද්ධ තැනන්වහන්ස, ඔබ පුරාණයේ සිට නොසිටිනසේක්ද? අපි නොනසින්නෙමුව. අහෝ ස්වාමීන්වහන්ස, ඔබ ඔහු විනිශ්චය පිණිස නියමකර තිබේ; අහෝ පර්වතයාණෙනි, ඔබ ඔහු දඬුවම පිණිස පිහිටුවා තිබේ.


එහෙත් ස්වාමිනි, ඔබ සදාකල් වැඩ ඉන්නසේක; ඔබ සිහිවීමද සියලු පරම්පරාවලට වන්නේය.


මම අල්ඵා සහ ඕමෙගාද වෙමියි සිටින්නාවූ, සිටියාවූ, මතු සිටින්නාවූ, සර්වපරාක්‍රමවූ, ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


යොහන් වන මා විසින් ආසියාවෙහි තිබෙන සභා සතට ලියා එවන වග නම්: සිටින්නාවූ, සිටියාවූ, මතු සිටින්නාවූ තැනන්වහන්සේගෙන්ද, උන්වහන්සේගේ සිංහාසනය ඉදිරිපිට සිටින ආත්මයාණන් සත්දෙනාගෙන්ද,


එහෙත් ස්වාමීන්වහන්සේ සදාකල්ම රජව වැඩහිඳිනසේක. උන්වහන්සේ තමන් සිංහාසනය විනිශ්චය පිණිස පිළියෙළකළසේක.


බලව, අපට දැනගත නොහැකි තරම් දෙවියන්වහන්සේ උතුම්ය; උන්වහන්සේගේ අවුරුදුවල ගණන සොයා දැනගත නොහැකිය.


ස්වාමිනි, ඔබ කොපමණ කල් නිරන්තරයෙන් සැඟවෙනසේක්ද? ඔබගේ උදහස කොපමණ කල් ගිනි මෙන් ඇවිළෙනේද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්