Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 14:5 - Sinhala Revised Old Version

5 ඔහුගේ දවස් නියමව, ඔහුගේ මාස ගණන ඔබ වෙත තිබෙන නිසාත්, ඔහු පිටතට නොයන හැටියට ඔබ ඔහුගේ මායිම් පිහිටුවා තිබෙන නිසාත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 මිනිසාගේ ආයු මිම්මක් ඇත. ඔහුගේ අවුරුදු ඔබ අතේ ය. ඔහුගේ කාල සීමා ඉක්මවා නොයන පරිදි ඒවා පිහිටුවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 මිනිසාගේ ආයු මිම්මක් ඇත. ඔහුගේ අවුරුදු ඔබ අතේ ය. ඔහුගේ කාල සීමා ඉක්මවා නොයන පරිදි ඒවා පිහිටුවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 14:5
24 හුවමාරු යොමු  

ස්වාමිනි, මාගේ දිවි කෙළවරත් මාගේ දවස්වල ගණන කොපමණද කියාත් මට දැනගන්ට සැලැස්සුව මැනව; මම කොපමණ බෙලහීනයෙම්දැයි මට දැනේවා.


උන්වහන්සේ පිළියෙළකළ කාලවල්ද සියලු මනුෂ්‍ය ජාතීන්ගේ වාසස්ථානවල සීමාද නියමකොට, මුළු පොළෝතලයෙහි වාසය කරන පිණිස එක්කෙනෙකුගෙන් ඔවුන් මැවූසේක.


තවද එක වරක් මරණයත් ඉන්පසු විනිශ්චයත් මනුෂ්‍යයන්ට නියමව තිබෙන්නාක්මෙන්ම,


ජීවත්වෙන සියලු සත්වයන්ගේ පණද මුළු මනුෂ්‍ය වර්ගයාගේ ආත්මද උන්වහන්සේගේ අතෙහිය.


ඔබගේ මුහුණ සඟවන කල උන් කැලඹෙති; ඔබ උන්ගේ හුස්ම පැහැරගන්න කල උන් නැසී දූවිල්ලට හැරීයෙති.


ඔහුගේ මාස ගණන මැදින් සිඳිනු ලැබූ කල්හි තමාට පසුව සිටින ඔහුගේ පවුලෙන් ඔහුට මොන සතුටක්ද?


නුමුත් දෙවියන්වහන්සේ ඔහුට කථාකොට: අඥානය, අද රාත්‍රියේදී නුඹේ ප්‍රාණය නුඹෙන් අයකරනු ලැබේ; එවිට නුඹ සූදානම්කරගත් දේ කාට වන්නේදැයි කීසේක.


ඒකේ අර්ථය මෙසේය: මෙනේ යනු දෙවියන්වහන්සේ ඔබගේ රජකමේ කාලය ගණන්කර කෙළවරකළසේක යනුය.


ජලය ගලා නොයන පිණිසත්, පොළොව වසාගන්ට නැවත හැරී නොඑන පිණිසත්, ඔබ සීමාවක් තැබූසේක.


පොළොවේ සියලු වැසියෝ කිසිත් නොවන්නාක් මෙන් සලකනු ලබන්නෝය. උන්වහන්සේ ස්වර්ගයේ සේනාව සහ පොළොවේ වැසියන් අතර තමන් කැමැති ලෙස කරනසේක. උන්වහන්සේගේ අත නවත්වන්ටවත්: ඔබ කුමක් කරනසේක්දැයි උන්වහන්සේට කියන්ටවත් පුළුවන්වූ කිසිවෙක් නැත.


මනුෂ්‍යයෙක් මැරුණාම ඔහු නැවත ජීවත්වේද? මාගේ නිදහස පැමිණෙන තෙක්, මාගේ සටනේ සියලු දවස්වල බලා සිටින්නෙමි.


පොළොවේදී යුද්ධ සේවයක් මනුෂ්‍යයාට තිබෙනවා නොවේද? ඔහුගේ දවස් කුලීකාරයෙකුගේ දවස් මෙන් නොවේද?


තවද පිලදෙල්පියාවෙහි සභාවේ දූතයාට මෙසේ ලියන්න: ශුද්ධවූ, සැබෑවූ, දාවිත්ගේ යතුර ඇත්තාවූ, කිසිවෙක් නොපියන ලෙස අරින්නාවූ, කිසිවෙක් නාරින ලෙස පියන්නාවූ තැනන්වහන්සේ මේ කාරණා කියනසේක.


එම රාත්‍රියේ කල්දිවරුන්ගේ රජවූ බේල්ෂශර් මරනලද්දේය.


ජීවමානවූ තැනැත්තාය; මම මැරුණෙමි, නුමුත් බලව, මම දැන් සදාකාලේටම ජීවත්ව සිටිමි, මරණයේද පාතාලයේද යතුරු මට ඇත්තේය.


රජද තමාගේ කැමැත්තේ හැටියට කර, සියලු දෙවිවරුන්ට විරුද්ධව උසස්වී, උඩඟුවී, දෙවිවරුන්ගේ දෙවියන්වහන්සේටත් විරුද්ධව අපූරු දේ කථාකරනවා ඇත. උදහස තීන්දුවෙන තුරුද ඔහු සඵලවෙනවා ඇත; මක්නිසාද නියමය ඉෂ්ටවන්නේය.


වරද තීන්දුකරන්ටත් පව් කෙළවරකරන්ටත් අපරාධය උදෙසා සමඟිකමක්කරන්ටත් සදාකාල ධර්මිෂ්ඨකම පමුණුවන්ටත් දර්ශනය සහ අනාගතවාක්‍යය මුද්‍රකර තබන්ටත් අති ශුද්ධස්ථානය ආලේපකරන්ටත් නුඹේ සෙනඟත් නුඹේ ශුද්ධවූ නුවරත් ගැන සති සැත්තෑවක් නියමකර තිබේ.


මාගේ කාලයන් ඔබ අතේය. මාගේ සතුරන් අතින්ද මට පීඩා කරන්නන්ගෙන්ද මා මුදාහැරිය මැනව.


ඔබගේ ඇස්වලට මාගේ ශරීර ධාතුව පෙනුණේය, ඔබගේ පොතෙහි මාගේ සියලු අවයවයෝ ලියනලද්දෝය. ඒවායින් එකක්වත් නැති කල්හි දවසින් දවස ඒවා සාදනලද්දේය.


උපදින්ට කාලයක් සහ නසින්ට කාලයක්ය; සිටුවන්ට කාලයක් සහ සිටෙවු ඒවා උදුරාදමන්ට කාලයක්ය;


තවද දාවිත් කියනුයේ: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම ස්වාමීන්වහන්සේ ඔහුට පහර දෙනසේක; නැතහොත් ඔහු මැරෙන දවස පැමිණෙන්නේය; නොහොත් ඔහු යුද්ධයට ගොස් නාස්තිවන්නේය.


මක්නිසාද අවුරුදු ස්වල්පයකට පසු, මම ආපසු නොඑන මාවතෙහි යන්නෙමි.


ප්‍රාණය නවත්වාගන්න හැටියට ප්‍රාණය කෙරෙහි බලය ඇති කෙනෙක් නැත; මරණයේ දවස කෙරෙහි බලය ඇති කෙනෙකුත් නැත; ඒ යුද්ධයෙන් මිදීමකුත් නැත. දුෂ්ටකම්කරන්නාද දුෂ්ටකම නිසා නිදහස්වෙන්නේ නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්