ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෝබ් 21:12 - Sinhala Revised Old Version

ඔව්හු රබානද වීණාවද ඇතුව ගීතිකා කියති, නළාවේ ශබ්දයටද ප්‍රීතිවෙති.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔව්හු රබාන ද වීණාව ද වයමින් ගී ගයති; නළා හඬ අසා ප්‍රීති වෙති.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔව්හු රබාන ද වීණාව ද වයමින් ගී ගයති; නළා හඬ අසා ප්‍රීති වෙති.

පරිච්ඡේදය බලන්න



යෝබ් 21:12
8 හුවමාරු යොමු  

මාගේ පුත්‍රයන්ද දූවරුන්ද සිඹගන්ට මට අවකාශ නොදී, ප්‍රීතියද ගීතිකාද රබානද වීණාද ඇතුව නුඹ පිටත් කරන පිණිස මට නොදන්වා,


ඔහුගේ සහෝදරයාගේ නම යූබාල්ය; ඔහු වීණාවත් නළාවත් පාවිච්චිකරන සියල්ලන්ගේ පියාය.


ඔවුන්ගේ බාලයන් බැටළු රැළක් මෙන් පිටතට යවති, ඔවුන්ගේ දරුවෝද නටති.


ඔව්හු සැපතින් දවස් යවති, ඇසිල්ලකින් ෂෙයෝලට බැසයති.


රබානෙන් හා නැටීමෙන් උන්වහන්සේට ප්‍රශංසාකරව්. වීණා තතින් හා නළාවෙන් උන්වහන්සේට ප්‍රශංසාකරව්.


එහෙත් ප්‍රීති සන්තෝෂයත් ගොනුන් සහ බැටළුවන් මැරීමත් මස් කෑමත් මුද්‍රිකපානය බීමත් තිබේ. අපි කමු, බොමු, මක්නිසාද හෙට මියන්නෙමුයයි කියති.


ඔවුන්ගේ මංගල්‍යවල වීණාව සහ කුඩා වීණාවත් රබානත් නළාවත් මුද්‍රිකපානයත් ඇත. නුමුත් ඔවුන් ස්වාමීන්වහන්සේගේ ක්‍රියාව සලකන්නේවත් උන්වහන්සේගේ අත්වල ක්‍රියාව කල්පනාකළේවත් නැත.