ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෝබ් 19:4 - Sinhala Revised Old Version

මා ඇත්තටම වැරදි කළා නම්, මාගේ වැරැද්ද පවතින්නේ මා කෙරෙහිමය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මම ඇත්තට ම වරදක් කෙළෙම් නම්, එහි පල විපාක මට මිස ඔබට නොවේ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මම ඇත්තට ම වරදක් කෙළෙම් නම්, එහි පල විපාක මට මිස ඔබට නොවේ.

පරිච්ඡේදය බලන්න



යෝබ් 19:4
8 හුවමාරු යොමු  

දාවිත්ද සෙනඟට පහර දෙන දූතයා දැක ස්වාමීන්වහන්සේට කථාකොට: මම පව්කෙළෙමි, මම අපරාධකෙළෙමි. නුමුත් මේ බැටළුවෝ කුමක් කළෝද? අනේ ඔබගේ අත මා පිටටත් මාගේ පිය වංශය පිටටත් පැමිණේවයි කීවේය.


දැන් දස වරක් නුඹලා මට නින්දා කළහුය; ලජ්ජා නැතුව මට අයුක්තිය කළහුය.


නුඹලා සැබෑවටම මට විරුද්ධව උසස් වෙන්ට නම්, මාගේ නින්දාව මට විරුද්ධව ඔප්පුකරන්න.


නුඹ ඥානවන්ත නම්, නුඹ ඥානවන්තවන්නේ නුඹ උදෙසාය. නුඹ නින්දාකරන්නෙහි නම්, නුඹම එය ඉවසන්නෙහිය.


බලව, සියලුම ප්‍රාණ මට අයිතිය; පියාගේ ප්‍රාණය මෙන් පුත්‍රයාගේ ප්‍රාණයත් මට අයිතිය. පව්කරන ප්‍රාණයම නසින්නේය.


මක්නිසාද එකිනෙකා තම තමාගේ ශරීරයේදී කළාවූ දේවල ඵල, ඒ දේ යහපත් වුවත් අයහපත් වුවත්, කළ දේවල හැටියට ලබන පිණිස, අප සියල්ලෝම ක්‍රිස්තුස්වහන්සේගේ විනිශ්චයාසනය ඉදිරියෙහි ප්‍රකාශවෙන්ට ඕනෑය.


මක්නිසාද එකිනෙකා තම තමාගේ බර උසුලන්නේය.