ඔබ මට ජීවන මාර්ගය දක්වනසේක. ඔබ අභිමුඛයෙහි ප්‍රීතියේ සම්පූර්ණකම ඇත්තේය; ඔබගේ දකුණු පැත්තෙහි සදාකාලේටම සැපත ඇත්තේය.
යෝබ් 19:26 - Sinhala Revised Old Version මේ මාගේ හම නැතුව ගියායින් පසු, මාගේ මාංසය නැතුව නුමුත් දෙවියන්වහන්සේ දකින්නෙමි. Sinhala New Revised Version කුෂ්ඨයක් මාගේ හමට කා වැදී, මාගේ මාංසය දිරා ගිය පසුත් මම මාගේ දෙනෙතින් දෙවිඳුන් දකින්නෙමි. Sinhala New Revised Version 2018 කුෂ්ඨයක් මාගේ හමට කා වැදී, මාගේ මාංසය දිරා ගිය පසුත් මම මාගේ දෙනෙතින් දෙවිඳුන් දකින්නෙමි. |
ඔබ මට ජීවන මාර්ගය දක්වනසේක. ඔබ අභිමුඛයෙහි ප්‍රීතියේ සම්පූර්ණකම ඇත්තේය; ඔබගේ දකුණු පැත්තෙහි සදාකාලේටම සැපත ඇත්තේය.
එබැවින් මාගේ සිත සන්තෝෂවේ, මාගේ ගෞරවය ප්‍රීතියෙන් පිනයි. මාගේ මාංසයද සුරැකිව වසන්නේය.
මම වනාහි ධර්මිෂ්ඨකමින් ඔබගේ මුහුණ දක්නෙමි. මම පුබුදින කල ඔබගේ ස්වරූපයෙන් තෘප්තියට පැමිණෙන්නෙමි.
එසේය, දැන් අපට කැඩපතකින් අඳුරුලෙස පෙනෙන්නේය; නුමුත් මතු මුහුණට මුහුණ පෙනෙනවා ඇත. දැන් මාගේ දැනගැන්ම අඩුය; නුමුත් මා දැනගනු ලැබූ ලෙසම මතු මම දැනගන්නෙමි.
මක්නිසාද දිරන සුලුවූ මේක නොදිරන බවට පැමිණෙන්ට ඕනෑය, මරණීයවූ මේක අමරණීයභාවයට පැමිණෙන්ට ඕනෑය.
සියලු දේ පවා තමන්ට යටත්කරන්ට පුළුවන්වූ බලය ලෙස, උන්වහන්සේ අපේ පහත්කමේ ශරීර තමන්වහන්සේගේ තේජසේ ශරීරයට සමානවන පිණිස ඒවා වෙනස්කරනවා ඇත.
ප්‍රේමවන්තයෙනි, දැන් අපි දෙවියන්වහන්සේගේ දරුවෝය, අපි කොයි ආකාර අය වන්නෙමුදැයි තවම ප්‍රකාශවී නැත. උන්වහන්සේ ප්‍රකාශවුණාම අපි උන්වහන්සේට සමානවන බව දනිමුව; මක්නිසාද උන්වහන්සේ සිටින ආකාරයටම අපි උන්වහන්සේ දකින්නෙමුව.
බලන්න, උන්වහන්සේ වලාකුල්වලින් එනසේක; සියලු ඇස්ද උන්වහන්සේට ඇන්න අයද උන්වහන්සේව දකින්නෝය; පොළොවේ සියලු ගෝත්‍රද උන්වහන්සේ නිසා වැලපෙන්නෝය. එසේය, ආමෙන්.