යෝබ් 14:16 - Sinhala Revised Old Version එසේ නුමුත් දැන් ඔබ මාගේ පියවර ගණන්කරනසේක; ඔබ මාගේ පාපය ගැන රැකසිටිනවා නොවේද? Sinhala New Revised Version එහෙත් දැන් ඔබ මාගේ පියවර ගණන් කරන සේක; මාගේ පව් ගණන් කර බලන සේක. Sinhala New Revised Version 2018 එහෙත් දැන් ඔබ මාගේ පියවර ගණන් කරන සේක; මාගේ පව් ගණන් කර බලන සේක. |
මක්නිසාද මා දුෂ්ටයෙක් නොවන බවද ඔබගේ අතින් මුදන්ට පුළුවන් කිසිකෙනෙක් නැති බවද ඔබ දන්න නුමුත්,
මක්නිසාද උන්වහන්සේගේ ඇස් මනුෂ්‍යයාගේ මාර්ග කෙරෙහිය, ඔහුගේ සියලු යාම් ඊම් උන්වහන්සේ දක්නාසේක.
ඔව්හු රැස්වෙති, සැඟවී සිටිති. මාගේ ප්‍රාණය නසන්ට ඔවුන් බලා සිටියාක්මෙන්ම, ඔව්හු මාගේ අඩිපාර රැක ඉඳිති.
මක්නිසාද මනුෂ්‍යයාගේ මාර්ග ස්වාමීන්වහන්සේගේ ඇස් ඉදිරියෙහිය, ඔහුගේ සියලු මාවත් උන්වහන්සේ කල්පනාකර බලනසේක.
මන්ත්‍රණයෙන් උතුම්ව ක්‍රියාවෙන් බලවත්ව සිටින්නාවූ දෙවියන්වහන්සේය. එකිනෙකාට තම තමාගේ මාර්ග ලෙසද ක්‍රියාවල ඵල ලෙසද දෙන පිණිස ඔබගේ ඇස් මනුෂ්‍ය පුත්‍රයන්ගේ සෑම මාර්ග දෙස ඇරී තිබේ.