එකල අබ්සලොම්: එසේ නම් මාගේ සහෝදරවූ අම්නොන්ට අප සමඟ යන්ට අවසර ලැබේවයි කීවේය. ඔහු නුඹ සමඟ යන්නේ කුමටදැයි රජ ඇසුවේය.
යෙරෙමියා 9:7 - Sinhala Revised Old Version එබැවින් සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක; මම ඔවුන් (ලෝහ මෙන්) උණුකර විමසන්නෙමි; මක්නිසාද මාගේ දියණිය වන සෙනඟ ගැන වෙන කුමක් කරම්ද? Sinhala New Revised Version මේ නිසා සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මම ඔවුන් ලෝහ මෙන් උණු කර, පිරිසිදු කර පරීක්ෂා කර බලන්නෙමි. මාගේ සෙනඟ සම්බන්ධයෙන් මම වෙන කුමක් කරම් ද? Sinhala New Revised Version 2018 මේ නිසා සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මම ඔවුන් ලෝහ මෙන් උණු කර, පිරිසිදු කර පරීක්ෂා කර බලන්නෙමි. මාගේ සෙනඟ සම්බන්ධයෙන් මම වෙන කුමක් කරම් ද? |
එකල අබ්සලොම්: එසේ නම් මාගේ සහෝදරවූ අම්නොන්ට අප සමඟ යන්ට අවසර ලැබේවයි කීවේය. ඔහු නුඹ සමඟ යන්නේ කුමටදැයි රජ ඇසුවේය.
ඔවුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ස්වකීය සෙනඟටත් ස්වකීය වාසස්ථානයටත් අනුකම්පාකළ නිසා උන්වහන්සේ අලුයම්හි නැගිට පණිවිඩකාරයන් අත ඔවුන්ට කියා ඇරියසේක.
නුඹේ බර ස්වාමීන් පිට තබව, උන්වහන්සේ නුඹ උසුලනසේක. උන්වහන්සේ කිසිකලෙකත් ධර්මිෂ්ඨයා සෙලවෙන්ට නොදෙනසේක.
මාගේ ආත්මය, දෙවියන්වහන්සේ කෙරෙහි පමණක් බලා සිටුව; මක්නිසාද මාගේ බලාපොරොත්තුව උන්වහන්සේ කෙරෙන්ය.
මාගේ අත නුඹ පිටට හරවා, නුඹේ බොර සහමුලින්ම ඉවත්කර, නුඹේ තුත්තනාගම් සියල්ලම පහකරන්නෙමි.
බලව, මම නුඹ පවිත්‍රකෙළෙමි, නුමුත් රිදී මෙන් නොවේය; පීඩා නැමති උදුණේදී නුඹ තෝරාගතිමි.
මක්නිසාද නුඹලාගේ අත් ලෙයින්ද නුඹලාගේ ඇඟිලි අපරාධකමෙන්ද කිලුටුවී තිබේ; නුඹලාගේ තොල් බොරු කීවේය, නුඹලාගේ දිව් දුෂ්ටකම් නික්මවන්නේය.
එප්‍රායිම් මාගේ ප්‍රිය පුත්‍රයාද? ඔහු ප්‍රසන්නවූ දරුවෙක්ද? මක්නිසාද මම ඔහුට විරුද්ධව කථාකරන සෑම විටම ඔහු නැවත සිහිකරමි. එබැවින් මාගේ හෘදය ඔහු ගැන කම්පාවන්නේය; සැබවින්ම ඔහුට අනුකම්පාකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
යෙරුසලමේ වීථිවල ඔබ මොබ දුවගොස් බලා, ප්‍රසිද්ධ තැන්වල සොයා දැනගන්න. නුඹලාට මනුෂ්‍යයෙකු සොයාගන්ට පුළුවන්නම්, යුක්තිය කරන්නාවූ, විශ්වාසවූ කෙනෙක් එහි ඇත්නම්, මම ඒ නුවරට කමාවන්නෙමි.
නුඹ මාගේ සෙනඟගේ මාර්ගය විභාගකර දැනගන්නා පිණිස මම නුඹ ඔවුන් අතරෙහි විභාගකරන්නෙක්ද බලකොටුවක්ද කෙළෙමි.
ඉශ්‍රායෙල් පුත්‍රයෙනි, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න. මක්නිසාද සැබෑකමවත් කරුණාවවත් දෙවියන්වහන්සේ ඇඳිනගැනීමවත් දේශයෙහි නැති හෙයින් දේශයේ වැසියන් සමඟ ස්වාමීන්වහන්සේට පැමිණිල්ලක් තිබේ.
තුන්වෙනි කොටස මම ගින්නට පමුණුවා, රිදී පවිත්‍රකරන්නාක්මෙන් ඔවුන් පවිත්‍රකරන්නෙමි, රන් පරීක්ෂාකරන්නාක්මෙන් ඔවුන් පරීක්ෂාකරන්නෙමි. ඔව්හු මාගේ නාමය කියා යාච්ඤාකරන්නෝය, මම ඔවුන්ට උත්තරදෙන්නෙමි. ඔව්හු මාගේ සෙනඟයයි කියන්නෙමි; ඔවුන්ද: ස්වාමීන්වහන්සේ මාගේ දෙවියන්වහන්සේයයි කියනවා ඇත.
උන්වහන්සේ රිදී උණුකර පිරිසිදුකරන කෙනෙක් මෙන් සිට, ලෙවී පුත්‍රයන් ධර්මිෂ්ඨකමෙන් ස්වාමීන්වහන්සේට පූජා ඔප්පුකරන්නන්ව සිටින පිණිස ඔවුන් පිරිසිදුකර, රන් රිදී මෙන් ඔවුන් පවිත්‍රකරනසේක.
එසේ ශෝකයට පත්වන්නේ නාස්තිවී යන්නාවූ, එසේද වුවත් ගින්නෙන් සෝදිසිකරන්නාවූ රනට වඩා අගේව තිබෙන නුඹලාගේ ඇදහිල්ල පරීක්ෂාකිරීමෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එළිදරව්වීමේදී ප්‍රශංසාවත් මහිමයත් ගෞරවයත් පැමිණෙන පිණිසය.
ප්‍රේමවන්තයෙනි, නුඹලා සෝදිසි කිරීම පිණිස පැමිණෙන නුඹලා අතරේ තිබෙන ගිනිමය පීඩාව ගැන අපූර්ව කාරණාවක් නුඹලාට සිද්ධවෙන්නාක් මෙන් පුදුම නොවෙන්න.