එවිට මම ඉතාමත් භයව රජුට කථාකොට: රජතුමා සදාකල්ම ජීවත්වේවා. මාගේ පියවරුන්ගේ සොහොන් තිබෙන නුවර පාළුවී, ඒකේ දොරටු ගින්නෙන් දාලා තිබෙද්දී, මාගේ මුහුණ මලානික නොවන්නේ කෙසේදැයි කීමි.
යෙරෙමියා 8:21 - Sinhala Revised Old Version මාගේ දියණිය වන සෙනඟගේ තුවාලය නිසා මම තුවාල ලැබ ශෝකයට පැමුණුණෙමි. විස්මපත්කම මා අල්ලාගත්තේය. Sinhala New Revised Version “මාගේ සෙනඟගේ තුවාළය නිසා මම තුවාළ ලැබ ශෝකයට පත් ව සිටිමි. මම අන්ත වියවුල්කමට ලක් වී සිටිමි. Sinhala New Revised Version 2018 “මාගේ සෙනඟගේ තුවාළය නිසා මම තුවාළ ලැබ ශෝකයට පත් ව සිටිමි. මම අන්ත වියවුල්කමට ලක් වී සිටිමි. |
එවිට මම ඉතාමත් භයව රජුට කථාකොට: රජතුමා සදාකල්ම ජීවත්වේවා. මාගේ පියවරුන්ගේ සොහොන් තිබෙන නුවර පාළුවී, ඒකේ දොරටු ගින්නෙන් දාලා තිබෙද්දී, මාගේ මුහුණ මලානික නොවන්නේ කෙසේදැයි කීමි.
මේ වචනය ඔවුන්ට කියන්න, එනම්: නොනැවතී රෑ දාවල් මාගේ ඇස්වලින් කඳුළු ගලාවා. මක්නිසාද මාගේ සෙනඟවූ කන්‍යා දුව මහත් තුවාලයකින්ද ඉතා තද පහරකින්ද පීඩිතවූවාය.
යූදා වැලපෙයි, එහි දොරටුද මලානිකවෙයි; කළු ඇඳගෙන ඔව්හු බිම හිඳිති; යෙරුසලමේ කෑගැසීමද නැගී ගියේය.
මම නම් එඬේරෙක්ව සිටීමෙන්ද ඔබ අනුව යාමෙන්ද හැරී නොගියෙමි; කාලකණ්ණි දවසට මම ආශාද නූණෙමි; ඔබම දන්නාසේක. මාගේ තොල්වලින් නික්මුණු කාරණය ඔබගේ මුහුණ ඉදිරියෙහිම තිබුණේය.
අහෝ මාගේ අතුණු! මාගේ අතුණු! මාගේ සිත තුළම වේදනා විඳිමි; මාගේ සිත මා තුළ කැලඹෙන්නේය; මට නිශ්ශබ්දව සිටින්ට බැරිය; මක්නිසාද හොරණෑ හඬත් යුද්ධ ඝෝෂාවත්, අහෝ මාගේ ආත්මය, නුඹට ඇසුණේය.
අහෝ මාගේ දියණිය වන සෙනඟගේ මැරුම්කෑවුන් ගැන රෑ දාවල් අඬන පිණිස මාගේ හිස වතුරද මාගේ ඇස් කඳුළු උල්පතක්ද වුණොත් යෙහෙකි!
ඈ හිස්ව ශුන්‍යව පාළුව සිටියි. සිත දියවීමද දණහිස් වෙවුලීමද සියලු තුනටිවල රුජාවද තිබේ, ඔවුන් සියල්ලන්ගේ මුහුණුද සුදුමැලිව තිබේ.