ඉතින් මතු සදාකාලේටම තිබෙන පිණිස නුඹ ගොස් ඔවුන් ඉදිරියෙහි ඒක ලෑල්ලක ලියා පොතක සටහන්කර තබන්න.
යෙරෙමියා 51:60 - Sinhala Revised Old Version බබිලෝනියට පැමිණෙන සියලු විපත්ති වන බබිලෝනියට විරුද්ධව ලියා තිබෙන මේ සියලුම වචන යෙරෙමියා පොතක ලිවීය. Sinhala New Revised Version බබිලෝනියට පැමිණෙන සියලු විපත්ති ගැන ද බබිලෝනියට විරුද්ධ ව ලියා තිබෙන සියලු දේ ගැන ද ජෙරමියා පොතක ලිව්වේ ය. Sinhala New Revised Version 2018 බබිලෝනියට පැමිණෙන සියලු විපත්ති ගැන ද බබිලෝනියට විරුද්ධ ව ලියා තිබෙන සියලු දේ ගැන ද ජෙරමියා පොතක ලිව්වේ ය. |
ඉතින් මතු සදාකාලේටම තිබෙන පිණිස නුඹ ගොස් ඔවුන් ඉදිරියෙහි ඒක ලෑල්ලක ලියා පොතක සටහන්කර තබන්න.
එවිට යෙරෙමියා වෙන පොතක් ගෙන නේරියාගේ පුත්‍රවූ බාරුක් ලේකම්ට දුන්නේය; ඔහුද යූදාහි රජවූ යෙහෝයාකීම් ගින්නෙන් දවාදැමුවාවූ පොතේ සියලු වචන යෙරෙමියාගේ මුඛයෙන් අසා එහි ලියුවේය. ඒ වාගේ තවත් බොහෝ වචනත් ඒවාට එකතු කරනලද්දේය.
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක. බලව, මම බබිලෝනියට විරුද්ධවද ලෙබ්-කමයි වැසියන්ට විරුද්ධවද නාස්තිකරන හුළඟක් හටගන්වන්නෙමි.
නුමුත්, දානියෙල්, නුඹ මේ වචන වසා, අන්තිම කාලය දක්වා පොත මුද්‍රකර තබන්න. බොහෝ දෙනෙක් එය කියවා බලනවා ඇත, දැනගැන්මද වැඩිවන්නේයයි කීවේය.
එවිට: නුඹ දකින දේ පොතක ලියා, එපීස, ස්මර්ණ, පර්ගමම්, තියාතිරා, සර්දිස්, පිලෙදල්පියා, ලෙවාදික යන මේ සභා හතට අරින්නැයි කියන්නාවූ හොරණෑවක මෙන් මහත් ශබ්දයක් මා පස්සෙන් ඇසීමි.