ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙරෙමියා 51:2 - Sinhala Revised Old Version

මම බබිලෝනියට පොළන්නන් යවන්නෙමි, ඔවුන් ඈ පොළා ඇගේ දේශය හිස්කරදමනවා ඇත. මක්නිසාද ඔව්හු විපත්ති දවසේදී වටකරින්ම ඈට විරුද්ධවන්නෝය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මම බබිලෝනියට පොළන්නන් යවන්නෙමි. විපත් දවසේ දී ඔව්හු හැම පෙදෙස් ආක්‍රමණය කර, එහි වැසියන් පොළාදමා දේශය හිස් කරති.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මම බබිලෝනියට පොළන්නන් යවන්නෙමි. විපත් දවසේ දී ඔව්හු හැම පෙදෙස් ආක්‍රමණය කර, එහි වැසියන් පොළාදමා දේශය හිස් කරති.

පරිච්ඡේදය බලන්න



යෙරෙමියා 51:2
9 හුවමාරු යොමු  

නුඹ ඒවා පොළන්නෙහිය, එවිට ඒවා සුළඟට ගහගන යන්නේය, සුළිහුළඟින් විසිරයන්නේය. නුඹ වනාහි ස්වාමීන්වහන්සේ තුළ ප්‍රීතිමත්වී, ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ තුළ පාරට්ටුකරගන්නෙහිය.


නුඹලාගේ මිදුම්කාරයාණෝද ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේද වන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම නුඹලා උදෙසා බබිලෝනියට යවා, ඔවුන් සියල්ලන්, එනම් කල්දිවරුන්, ඔවුන්ගේ ප්‍රීතිඝෝෂා සහිත නැව්වලම හිරකරුවන් කොට ගෙනෙන්නෙමි.


මම කුල්ලකින් දේශයේ දොරටුවලදී ඔවුන් පොළාදැමුවෙමි; ඔවුන්ගේ දරුවන් ඔවුන් කෙරෙන් තුරන්කෙළෙමි; තමුන්ගේ මාර්ගවලින් හැරී නාවාවූ මාගේ සෙනඟ නැතිකෙළෙමි.


බබිලෝනියට විරුද්ධව දුනුකාරයන් වන දුනු තැත්කවන සියල්ලන් අඬගසන්න; ඈට විරුද්ධව වටකරින් අන්දායම් බැඳ, කිසිවෙකුට ගැළවීයන්ට ඉඩනෑර, ඇගේ ක්‍රියාකිරීමේ හැටියට ඈට ප්‍රතිඵලදී, ඈ කළ සියල්ල ලෙස ඈට කරන්න, මක්නිසාද ඈ ස්වාමීන්වහන්සේ වන ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේට විරුද්ධව එඩිතරවූවාය.


උඩඟු තැනැත්තා පැකිල වැටෙයි, කිසිවෙක් ඔහු නොනැගුටුවන්නේය. මම ඔහුගේ නුවරවල ගින්නක් අවුළුවන්නෙමි, එයින් ඔහු වටකර තිබෙන සියල්ල දාලායනවා ඇත.


නුඹෙන් තුනෙන් කොටසක් වසංගතයෙන් මියන්නේය, ඔව්හු සාගතයෙන් නුඹ තුළ නැතිවන්නෝය; තුනෙන් කොටසක් නුඹ අවටින් කඩුවෙන් වැටෙනවා ඇත; තුනෙන් කොටසක්ද මම දස දෙස විසුරුවාදමා, ඔවුන් පසුපස්සෙන් කඩුවක් දිගුකරන්නෙමි.


උන්වහන්සේගේ කුල්ල තමන්වහන්සේගේ අතේය, උන්වහන්සේ තමන් කමත හොඳ හැටි පවිත්‍රකරනසේක; තමන් ධාන්‍ය අටුවට රැස්කොට, බොල් නොනිවෙන ගින්නෙන් දවනසේකැයි කීවේය.