Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යෙරෙමියා 51:2 - Sinhala New Revised Version 2018

2 මම බබිලෝනියට පොළන්නන් යවන්නෙමි. විපත් දවසේ දී ඔව්හු හැම පෙදෙස් ආක්‍රමණය කර, එහි වැසියන් පොළාදමා දේශය හිස් කරති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 මම බබිලෝනියට පොළන්නන් යවන්නෙමි. විපත් දවසේ දී ඔව්හු හැම පෙදෙස් ආක්‍රමණය කර, එහි වැසියන් පොළාදමා දේශය හිස් කරති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 මම බබිලෝනියට පොළන්නන් යවන්නෙමි, ඔවුන් ඈ පොළා ඇගේ දේශය හිස්කරදමනවා ඇත. මක්නිසාද ඔව්හු විපත්ති දවසේදී වටකරින්ම ඈට විරුද්ධවන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 51:2
9 හුවමාරු යොමු  

නුඹලා ඒවා පොළන්නහු ය. එවිට ඒවා, සුළඟට ගසාගෙන යන්නේ ය. සුළි සුළඟින් විසිරී යන්නේ ය. එහෙත්, මම නුඹලාගේ දෙවිඳාණන් වන බැවින් නුඹලා ප්‍රීති වන්නහු ය. ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ දෙවිඳාණන් වන මට නුඹලා ප්‍රශංසා කරන්නහු ය.


ඔබේ මිදුම්කාරයාණන් ද ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ දෙවිඳාණන් ද වන සමිඳාණෝ මෙසේ වදාරන සේක: “නුඹලා ගළවන පිණිස මම බබිලෝනියට විරුද්ධ ව හමුදාවක් යවන්නෙමි. ඔවුන්ගේ නගරයේ දොරටු මම බිඳ හෙළන්නෙමි. බබිලෝනිවරුන්ගේ කෑගැසීම වැලපීමට හැරෙන්නේ ය.


මම කුල්ලකින් පොළන්නාක් මෙන් දේශයේ හැම නගරයක දී ඔවුන් පොළාදැමුවෙමි. ඔවුන් කෙරේ වියෝ දුක පැමිණෙව්වෙමි. මාගේ සෙනඟ වන නුඹලා නුඹලාගේ නපුරු මාර්ගවලින් හැරී නොපැමිණි බැවින් මම නුඹලා අත්හැර විනාශ කෙළෙමි.


“බබිලෝනියට විරුද්ධ ව දුනු තැත් කවන දුනුවායන් සියල්ලන් කැඳවන්න; ඈට විරුද්ධ ව වටකරින් කඳවුරු බැඳ, කිසිවෙකුට ගැළවී යන්නට ඉඩ නෑර, ඇගේ ක්‍රියාවන්ට සරිලන සේ ඈට ප්‍රතිවිපාක දී ඈ අනුන්ට කළ ලෙස ම ඈටත් කරන්න. මන්ද ඈ ඉශ්රායෙල්වරුන්ගේ ශුද්ධ දෙවි ස්වාමීන් වහන්සේ වන මට විරුද්ධ ව නැඟී සිටියා ය.


උඩඟු ජාතියක් වන නුඹ පැකිළ වැටෙන්නෙහි ය. නුඹ නඟා සිටුවන්න කිසිවෙක් නොවන්නේ ය. මම නුඹේ නගරවල ගින්නක් දල්වන්නෙමි; එයින් නුඹ අවට තිබෙන සියලු දේ දැවී යනු ඇත.”


නුඹේ සෙනඟගෙන් තුනෙන් කොටසක් වසංගතයෙන් මිය යන්නෝ ය; ඔව්හු සාගතයෙන් නුඹ අතරෙන් නැති වන්නෝ ය. තුනෙන් කොටසක් නුඹ අවටින් කඩු පහරින් වැටෙනු ඇත; මම තුනෙන් කොටසක් ද දස දෙස විසුරුවාදමා, කඩුවක් රැගෙන ඔවුන් පස්සෙන් ලුහුබැඳ යන්නෙමි.


උන් වහන්සේගේ අතෙහි කුල්ල ඇත. උන් වහන්සේ සිය කමත හොඳ හැටි පිරිසිදු කර, ධාන්‍ය අටුවල රැස් කොට, බොල් නොනිවෙන ගින්නෙන් දවන සේකැ”යි කී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්