සැපෙන් සිටින [අභක්තීන්ගේ] අපහාසයෙන්ද අහංකාරීන්ගේ නින්දාවෙන්ද අපේ ආත්මය අධික ලෙස පිරී තිබේ.
යෙරෙමියා 49:31 - Sinhala Revised Old Version නුඹලා නැගිට, නොසැලකිලිව අප්‍රවේසම්ලෙස වාසයකරන්නාවූ, දොරවල්ද අගුල්ද නැතිව තනිව වාසය කරන්නාවූ ජාතියට විරුද්ධව යන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක. Sinhala New Revised Version දොරටු හෝ අගුල් හෝ නොමැති ව, සුරැකි ව සුව සේ වසන සෙනඟට පහර දීමට ඉදිරියට යන්න. සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. Sinhala New Revised Version 2018 දොරටු හෝ අගුල් හෝ නොමැති ව, සුරැකි ව සුව සේ වසන සෙනඟට පහර දීමට ඉදිරියට යන්න. සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. |
සැපෙන් සිටින [අභක්තීන්ගේ] අපහාසයෙන්ද අහංකාරීන්ගේ නින්දාවෙන්ද අපේ ආත්මය අධික ලෙස පිරී තිබේ.
නොසැලකිලි ස්ත්‍රීවරුනි, වෙවුලන්න; අප්‍රවේසම් තැනැත්තියෙනි, චංචලවෙන්න; වස්ත්‍ර ගළවා දමා, නිර්වස්ත්‍රවී, ඉඟටිවල ගෝණිරෙදි බැඳගන්න.
එම්බා නොසැලකිලි ස්ත්‍රීවරුනි, නැගිටින්න, මාගේ හඬ අසන්න; අප්‍රවේසම් දූවරුනි, මාගේ බසට ඇහුම්කන්දෙන්න.
කාන්තාරය සහ එහි නුවරවල්ද කේදාර්වරුන් වාසයකරන ගම්ද ශබ්දනගත්වා; පර්වතවල වැසියෝ ඔල්වරහඬ දෙත්වා, කඳු මුදුන්වල සිට මොරගසත්වා.
ඉතින් සැප ජීවිකාවට ඇලුම්වූ, නොසැලකිලිකමින් වාසයකරන්නාවූ: තවත් කෙනෙක් නැතුව මමම සිටිමියි කියාද මා වැන්දඹුවක් වෙන්නේවත් දරුවන් නැතිවීමක් අත්දකින්නේවත් නැතැයි කියාද සිත තුළ කියාගන්නාවූ නුඹ මේක අසන්න.
මෝවබ් භාජනයෙන් භාජනයට වත්කරනු නොලැබ, වාල්කමට නොගොස්, තමාගේ බාල වයසේ පටන් සුවසේ හිඳ, තමාගේ මණ්ඩි පිටින් නිශ්චලවී සිටියේය. එබැවින් ඔහුගේ රස ඔහු තුළ තවම තිබේ, ඔහුගේ සුවඳ වෙනස් නොවී තිබේ.
ඒ දවසේදී නොසැලකිලි කූෂ්වරුන් භයගන්වන්ට මා ඉදිරියෙන් පණිවිඩකාරයෝ නැව්වලින් පිටත්ව යන්නෝය; එවිට මිසරයේ දවසේදී මෙන් වේදනාව ඔවුන් අතරෙහි හටගන්නවා ඇත; මක්නිසාද එය පැමිණෙන්නේමය.
මම පවුරු රහිත ගම් ඇති දේශයට විරුද්ධව නැගී ගොස්, නිශ්චලකමින් සිට නිසැකව වාසයකරන අය ළඟට පැමිණෙන්නෙමි; ඔවුන් සියල්ලෝම පවුරු නැතුව වාසයකරති, ඔවුන්ට අගුල්ද දොරවල්ද නැතැයි කියනවා ඇත.
මම මාගොග් පිටටත් ද්වීපවල නිසැකව වාසයකරන්නන් පිටටත් ගින්නක් යවන්නෙමි. මෙසේ මා ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇත.
කර්මෙල් තුළ වනයෙහි වෙන්ව වසන්නාවූ ඔබගේ සෙනඟ වන ඔබගේ උරුමයවූ බැටළු රැළ ඔබගේ සැරයටියෙන් පාලනයකළ මැනව. බාෂාන්හිද ගිලියද්හිද පුරාණයේ දවස්වල මෙන් ඔව්හු පෝෂ්‍යවෙත්වා.
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඔවුන් සම්පූර්ණව එපමණ වැඩිව සිටින නුමුත් ඔවුන් එසේ කපාදමනු ලැබ, ඔහුද පහවීයන්නේය. [යූදා,] මම නුඹට පීඩාකළ නුමුත් තවත් නුඹට පීඩා නොකරන්නෙමි.
ප්‍රීතිමත්ව අප්‍රවේසමෙන් වාසයකරමින්: තවත් කෙනෙක් නැතුව මමම සිටිමියි සිත තුළ සිතාගත්තාවූ නුවර මේය. ඒක පාළුවක්ද මෘගයන් ලගින තැනක්ද වූ හැටි! ඒ ළඟින් යන හැම දෙනම කවටකම්කර අත සොලවනවා ඇත.
මක්නිසාද පර්වත මුදුනේ සිට ඔහු දකිමි, හෙල්වල සිට ඔහු බලමි. බලව, ඔව්හු හුදකලාව වසන සෙනඟකි, ඔව්හු ජාතීන් අතරේ තමුන්ම ගණන්කර නොගන්නෝය.
ඉශ්‍රායෙල් සුරක්ෂිතවද, යාකොබ්ගේ උල්පත හුදකලාවද, ධාන්‍ය හා මුද්‍රික රස ඇති දේශයක වාසය කරයි; එසේය, ආකාශයෙන් ඔහුට පිනි බින්දු වැටෙයි.