ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙරෙමියා 48:8 - Sinhala Revised Old Version

නාස්තිකරන්නාද සියලු නුවරවලට පැමිණෙන්නේය, කිසි නුවරක් නොගැළවෙන්නේය; ස්වාමීන්වහන්සේ කී ලෙස මිටියාවත නැතිවන්නේය, තලාව විනාශවන්නේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

“සියලු නගරවලට විනාශකයා පැමිණෙන්නේ ය. කිසි ම නගරයක් නොගැළවෙන්නේ ය. ස්වාමීන් වන මා කී ලෙස මිටියාවත ද තැනිතලාව ද නැතිනාස්ති වන්නේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

“සියලු නගරවලට විනාශකයා පැමිණෙන්නේ ය. කිසි ම නගරයක් නොගැළවෙන්නේ ය. ස්වාමීන් වන මා කී ලෙස මිටියාවත ද තැනිතලාව ද නැතිනාස්ති වන්නේ ය.

පරිච්ඡේදය බලන්න



යෙරෙමියා 48:8
10 හුවමාරු යොමු  

මුහුදේ වැලිවලට වඩා ඔවුන්ගේ වැන්දඹුවෝ වැඩිවූවෝය. මම යෞවනයන්ගේ මවුට විරුද්ධව ඉර මුදුන් වේලාවේ නාස්ති කරන්නෙක් ඔවුන් කෙරෙහි පැමිණෙවුවෙමි. වෙවුලුමද කැලඹීම්ද හදිසියෙන් ඈ පිටට වැටෙන්ට සැලැස්සුවෙමි.


මම කියා ඇර උතුරු දිශාවේ සියලු ජාතීන් ගෙන්වා, මාගේ සේවකයාවූ බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර්ටත් කියා ඇර, මේ දේශය සහ මෙහි වැසියන්ටත් වටකර ඉන්න මේ සියලු ජාතීන්ටත් විරුද්ධව ඔවුන් පමුණුවා, මොවුන් සහමුලින්ම විනාශකොට විස්මයක්ද කවටකමක්ද නිරන්තර පාළුවක්ද කරන්නෙමි.


අහෝ දීබොන්හි වාසයකරන දියණිය, නුඹේ ඓශ්චර්යයෙන් හීනව බැස, පිපාසායෙන් හිඳගන්න; මක්නිසාද මෝවබ් නාස්තිකරන්නා නුඹට විරුද්ධව ඇවිත් නුඹේ බලකොටු විනාශකෙළේය.


මක්නිසාද ඈට එනම් බබිලෝනියට විරුද්ධව නාස්තිකරන්නා පැමිණියේය, ඇගේ බලවන්තයෝ අසුවුණෝය, ඔවුන්ගේ දුනුද කඩාදමනු ලැබුවේය. මක්නිසාද ස්වාමීන්වහන්සේ විපාකදෙන දෙවියන්වහන්සේය, උන්වහන්සේ ප්‍රතිඵලදෙනවාම ඇත.


මාගේ දියණිය වන සෙනඟෙනි, ගෝණිරෙදි බැඳගෙන අළුවල පෙරළී ඉඳ, එකම පුත්‍රයෙකු උදෙසා මෙන් ඉතා දුක් සහිත විලාපයකින් වැලපෙන්න; මක්නිසාද විනාශකරන්නා හදිසියෙන් අපට විරුද්ධව එනවා ඇත.


මෙන්න, මම මෝවබ්ගේ පැත්ත ඔහුගේ සියලු නුවරවල සිට, එනම් දේශයේ අලංකාරකම වන බෙත්-යෙෂිමොත්ද බාල්-මෙයොන්ද පටන් කිරියාතයිම් දක්වා,


හෙෂ්බොන් සහ ඊට අයිතිවූ තලාවේ තිබෙන සියලු නුවරවල් වන දීබොන්ද බාමොත්-බාල්ද බෙත්-බාල්-මෙයොන්ද,


තලාවේ සියලු නුවරවල්ද හෙෂ්බොන්හි රජකම් කළ අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ගේ මුළු රාජ්‍යයද යන මේවාය. ඔහුට සහ දේශයෙහි වාසය කළාවූ සීහොන්ගේ අමාත්‍යයන්ව සිටියාවූ මිදියන්හි අධිපතීන් වන එවීටත් රෙකෙම්ටත් ශූර්ටත් හූර්ටත් රෙබාටත් මෝසෙස් පහරදුන්නේය.


එනම් අර්ණොන් ඔය අද්දර තිබෙන අරොයෙර් පටන්ද මිටියාවත මැද තිබෙන නුවර පටන්ද දීබොන් දක්වා තිබෙන මේදෙබාහි මුළු තලාවද,