Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යොෂුවා 13:21 - Sinhala Revised Old Version

21 තලාවේ සියලු නුවරවල්ද හෙෂ්බොන්හි රජකම් කළ අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ගේ මුළු රාජ්‍යයද යන මේවාය. ඔහුට සහ දේශයෙහි වාසය කළාවූ සීහොන්ගේ අමාත්‍යයන්ව සිටියාවූ මිදියන්හි අධිපතීන් වන එවීටත් රෙකෙම්ටත් ශූර්ටත් හූර්ටත් රෙබාටත් මෝසෙස් පහරදුන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 තැනිතලාවේ සියලු නගර ද හෙෂ්බොන්හි රජකම් කළ අමෝරිවරුන්ගේ රජ වූ සීහොන්ගේ මුළු රාජ්‍යය ද යන මේවා ය. සීහොන් රජුට සහ දේශයේ වාසය කළ ඔහුගේ අමාත්‍යයන් ව සිටි මිදියන්හි අධිපතීන් වන එවීටත්, රෙකෙම්ටත්, ශුර්ටත්, හුර්ටත්, රෙබාටත් මෝසෙස් පහර දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 තැනිතලාවේ සියලු නගර ද හෙෂ්බොන්හි රජකම් කළ අමෝරිවරුන්ගේ රජ වූ සීහොන්ගේ මුළු රාජ්‍යය ද යන මේවා ය. සීහොන් රජුට සහ දේශයේ වාසය කළ ඔහුගේ අමාත්‍යයන් ව සිටි මිදියන්හි අධිපතීන් වන එවීටත්, රෙකෙම්ටත්, ශුර්ටත්, හුර්ටත්, රෙබාටත් මෝසෙස් පහර දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 13:21
6 හුවමාරු යොමු  

මරනු ලැබූ මිදියන් ස්ත්‍රියගේ නම කොස්බීය, ඈ වනාහි මිදියන්වරුන්ගේ පියවංශයක සෙනඟගේ ප්‍රධානියා වූ ශූර්ගේ දුවය.


මරනලද්දවුන් අතරේ එවීද රෙකෙම්ද ශූර්ද හූර්ද රෙබාද යන මිදියන් රජුන් පස්දෙනාද මැරුවෝය. ඔව්හු බෙයෝර්ගේ පුත්‍රවූ බාලාම්ද කඩුවෙන් මැරුවෝය.


තලාවේ සියලු නුවරවල්ද මුළු ගිලියද්ද බාෂාන්හි ඕග්ගේ රාජ්‍යයේ නුවරවල් වූ සලෙකා සහ එද්රෙයි දක්වා මුළු බාෂාන් රටද අල්ලා ගතිමු.


බෙත්-පෙයෝර්ද පිස්ගාහි පාවුලද බෙත්-යෙෂිමොත්ද,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්