Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 48:9 - Sinhala Revised Old Version

9 ඉගිලී ඉවත්වයන පිණිස මෝවබ්ට පියාපත් දෙන්න. එහි නුවරවල් වැසියෙක් නැතුව පාළුවන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 “මෝවබ්ට සොහොනක් සකස් කරන්න. එය විගසින් විනාශ වන්නේ ය. එහි නගර පාළුවට යන්නේ ය. කිසිවෙක් එහි වාසය නොකරති.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 “මෝවබ්ට සොහොනක් සකස් කරන්න. එය විගසින් විනාශ වන්නේ ය. එහි නගර පාළුවට යන්නේ ය. කිසිවෙක් එහි වාසය නොකරති.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 48:9
8 හුවමාරු යොමු  

අහෝ මෝවබ් වැසියෙනි, නුවරවල් අත්හැර පර්වතවල වාසයකරන්න; ගුහා මුඛයේ පැතිවල කූඩු බඳින පරෙවියා මෙන් වෙන්න.


මක්නිසාද මෝවබ්හි දූවරු මුළාව යන කුරුල්ලන්මෙන්, අත්හරිනලද පක්ෂි කැදැල්ලක්මෙන්, අර්නොන්හි තොටුපළවල සිටින්නෝය.


මම ස්වාමීන් සරණ කොට ගනිමි. පක්ෂියෙකු මෙන් නුඹේ කන්දට පලායවයි මාගේ ආත්මයට නුඹලා කෙසේ කියවුද?


සර්පයා ඉදිරියෙන් වනයෙහි ඇගේ ස්ථානයට ඉගිලී යන පිණිස මහත් රාජාලියෙකුගේ පියාපත් දෙක ඈට දෙනලද්දේය; එහි කාලයටත් කාලවලටත් කාල භාගයකටත් ඈ පෝෂණයකරනු ලබන්නීය.


එබැවින් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මා ජීවත්ව සිටින බව සැබෑවා සේම මෝවබ් සොදොම මෙනුත් අම්මොන් පුත්‍රයෝ ගොමොරාව මෙනුත් කහඹිලියා බිමක්ද ලුණු වළවල්ද නිරන්තර පාළුවක්ද වන්නෝය. මාගේ සෙනඟගෙන් ඉතිරි අය ඔවුන්ගෙන් කොල්ලකන්නෝය; මාගේ ජාතියෙන් ඉතිරි තැනැත්තෝ ඔවුන්ගේ රට උරුමකරගන්නෝය.


අහෝ මිසරයෙහි වාසයකරන දුව, වාල්කමට යන්ට බඩු සාදාගන්න. මක්නිසාද නොප් වැසියෙක් නැතුව පාළුවක් වී දවාදමනු ලබන්නේය.


මමද කථාකොට: අනේ මට කොබොයියෙකුට මෙන් පියාපත් ඇත්නම්! එවිට ඉගිලී ගොස් නිශ්චලව සිටින්නෙමි.


එසේ නුඹලාගේ ක්‍රියාවල නපුරුකම නිසාත් නුඹලා කළ පිළිකුල්කම් නිසාත් ස්වාමීන්වහන්සේට තවත් ඉවසන්ට බැරි විය; එබැවින් නුඹලාගේ දේශය, අද තිබෙන හැටියට වැසියෙක් නැතුව පාළුවක්ද විස්මයක්ද ශාප-වචනයක්ද වී තිබේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්