ලොත් පිටතට ගොස් තමාගේ දූවරුන් සරණ පාවාගත් බෑනාවරුන්ට කථාකරමින්: නැගිට මේ ස්ථානයෙන් පිටතට යන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ මේ නුවර විනාශකරන්ට යනසේකැයි කීවේය. එහෙත් ඔහු සරදම්කරන්නෙකු මෙන් තම බෑනාවරුන්ට පෙනුණේය.
යෙරෙමියා 43:1 - Sinhala Revised Old Version යෙරෙමියා මුළු සෙනඟට ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔහු ලවා ඔවුන්ට කියා ඇරියාවූ ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ සියලු වචන වන ඒ සියලු වචන කියා තීන්දුවුණු විට, Sinhala New Revised Version සෙනඟගේ දෙවි ස්වාමීන් වහන්සේ වදාළ සියලු වචන උන් වහන්සේගේ සෙනඟට කියන පිණිස යවනු ලැබූ ජෙරමියා, ඒ සියලු වචන මුළු සෙනඟට ප්‍රකාශ කර නිම කෙළේ ය. Sinhala New Revised Version 2018 සෙනඟගේ දෙවි ස්වාමීන් වහන්සේ වදාළ සියලු වචන උන් වහන්සේගේ සෙනඟට කියන පිණිස යවනු ලැබූ ජෙරමියා, ඒ සියලු වචන මුළු සෙනඟට ප්‍රකාශ කර නිම කෙළේ ය. |
ලොත් පිටතට ගොස් තමාගේ දූවරුන් සරණ පාවාගත් බෑනාවරුන්ට කථාකරමින්: නැගිට මේ ස්ථානයෙන් පිටතට යන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ මේ නුවර විනාශකරන්ට යනසේකැයි කීවේය. එහෙත් ඔහු සරදම්කරන්නෙකු මෙන් තම බෑනාවරුන්ට පෙනුණේය.
මෝසෙස් අවුත් ස්වාමීන්වහන්සේගේ සියලු වචනද විනිශ්චයයන්ද සෙනඟට කියා දුන්නේය. මුළු සෙනඟ එක හඬින් උත්තරදෙමින්: ස්වාමීන්වහන්සේ කී සියල්ල කරන්නෙමුයයි කීවෝය.
ඒ නිසා නුඹ නුඹේ ඉඟටිය බැඳගෙන නැගිට සිට, මා නුඹට අණකරන සියල්ල ඔවුන්ට කියන්න. මා විසින් ඔවුන් ඉදිරියේදී නුඹ නොකලඹන පිණිස නුඹ ඔවුන් ඉදිරියෙහි නොකැලඹී සිටින්න.
නුමුත් ස්වාමීන්වහන්සේ මට කථාකොට: මම බාලයෙක්මියි නොකියා, මා විසින් නුඹ යවන සියල්ලන් ළඟට ගොස්, මා නුඹට අණකරන සියල්ල කියන්න.
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹ ස්වාමීන්වහන්සේගේ ගෘහයේ මළුවේ සිට, ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි නමස්කාරකරන්ට එන්නාවූ යූදාහි සියලු නුවරුන්ට කියන්ට මා විසින් නුඹට අණකළ සියලුම වචන ඔවුන්ට කියන්න; වචනයක්වත් අඩු නොකරන්න.
මුළු සෙනඟට කියන්ට ස්වාමීන්වහන්සේ අණකළ සියල්ල යෙරෙමියා කියා නිමවූ විට පූජකයෝද ප්‍රොපේතයෝද මුළු සෙනඟද ඔහු අල්වා: නුඹ සැබවින් මරනු ලබන්නෙහිය.
මම අද නුඹලාට දැන්වීමි; එහෙත් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬටවත් උන්වහන්සේ මා ලවා නුඹලාට කියා එවූ කිසිවකටවත් නුඹලා කීකරුවුණේ නැත.
ඉතින් නුඹලා කලක් නවතින්ට යන්ට ආශාවෙන්නාවූ ස්ථානයේදී නුඹලා කඩුවෙනුත් සාගතයෙනුත් වසංගතයෙනුත් නසින බව සැබවින්ම දැනගන්නැයි කීවේය.
ඔව්හු ස්වාමීන්වහන්සේ ගැන බොරු කියා: ඒ උන්වහන්සේ නොවේ; විපත්තිය අප පිටට නොපැමිණෙයි; කඩුවවත් සාගතයවත් දකින්ට අපට සිද්ධවෙන්නේ නැත.
තවද නුඹ මේ පොත කියවා නිමවූ විට ඊට ගලක් බැඳ ප්‍රාත් ගංගාව මැදට හෙළා: මෙසේම බබිලෝනිය කිඳී,
මා විසින් නුඹලාට අණකළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න. මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම නුඹලා සමඟ සිටිමියි කීසේක.