සාතන් ස්වාමීන්වහන්සේට උත්තරදෙමින්: හම වෙනුවට හමත්, එසේය, තමාගේ ප්‍රාණය වෙනුවට තමාට ඇති සියල්ලත් මනුෂ්‍යයා දෙන්නේය.
යෙරෙමියා 41:8 - Sinhala Revised Old Version නුමුත් ඔවුන් අතරෙහි සිටි මනුෂ්‍යයන් දසදෙනෙක් ඉෂ්මායෙල්ට කථාකොට: අප නොමරන්න. මක්නිසාද කෙතෙහි සඟවා තිබෙන තිරිඟුද යවද මීපැණිද තෙල්ද අපට තිබේයයි කීවෝය. එවිට ඔහු ඔවුන්ගේ සහෝදරයන් සමඟ ඔවුන් නොමරා හැරියේය. Sinhala New Revised Version එහෙත්, ඔවුන් අතරෙහි සිටි මිනිසුන් දසදෙනෙක් ඉෂ්මායෙල්ට කතා කොට, “අප නොමරන්න. මන්ද, කෙතෙහි සඟවා තිබෙන තිරිඟු ද යව ද මී පැණි ද තෙල් ද අප ළඟ තිබේ ය”යි කී හ. එවිට ඔහු ඔවුන් ද ඔවුන්ගේ සහකාරයන් ද නොමරා ඉතුරු කෙළේ ය. Sinhala New Revised Version 2018 එහෙත්, ඔවුන් අතරෙහි සිටි මිනිසුන් දසදෙනෙක් ඉෂ්මායෙල්ට කතා කොට, “අප නොමරන්න. මන්ද, කෙතෙහි සඟවා තිබෙන තිරිඟු ද යව ද මී පැණි ද තෙල් ද අප ළඟ තිබේ ය”යි කී හ. එවිට ඔහු ඔවුන් ද ඔවුන්ගේ සහකාරයන් ද නොමරා ඉතුරු කෙළේ ය. |
සාතන් ස්වාමීන්වහන්සේට උත්තරදෙමින්: හම වෙනුවට හමත්, එසේය, තමාගේ ප්‍රාණය වෙනුවට තමාට ඇති සියල්ලත් මනුෂ්‍යයා දෙන්නේය.
මනුෂ්‍යයෙකුගේ වස්තුව ඔහුගේ ජීවිතයේ මිදීමේ මිලයක් වන්නේය; එහෙත් දිළින්දාට තර්ජනයෙන් කමක් නැත.
නුඹේ නම කියා නුඹ කැඳවාගන්නේ ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම බව නුඹ දැනගන්න පිණිස අන්ධකාරයේ වස්තුද රහස් තැන්වල නිධානද නුඹට දෙන්නෙමි.
ඉෂ්මායෙල් විසින් ගෙදලියා ළඟ මැරූ මනුෂ්‍යයන්ගේ මළකඳන් සියල්ල හෙළුවාවූ වළ නම් ආසා රජු විසින් ඉශ්‍රායෙල්වරුන්ගේ රජවූ බයෙෂාට භයින් සෑදූ වළය. නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල් මැරුම්කෑ අයගෙන් ඒක පිරෙවුවේය.
යම් මනුෂ්‍යයෙක් මුළු ලෝකය ලබාගත්තත් තමාගේ ජීවිතය නැතිවුණොත් ඔහුට මොන ලාභයක්ද? නොහොත් මනුෂ්‍යයෙක් තමාගේ ජීවිතය වෙනුවට දෙන්නේ කුමක්ද?
එහෙයින් නුඹලාට කියමි: කුමක් කමුද කුමක් බොමුද කියා ජීවිතය ගැනවත්, කුමක් අඳිමුද කියා ශරීරය ගැනවත් කනස්සලු නොවෙන්න. කෑමට වඩා ජීවිතයද ඇඳුමට වඩා ශරීරයද උතුම් නොවේද?