Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 41:9 - Sinhala Revised Old Version

9 ඉෂ්මායෙල් විසින් ගෙදලියා ළඟ මැරූ මනුෂ්‍යයන්ගේ මළකඳන් සියල්ල හෙළුවාවූ වළ නම් ආසා රජු විසින් ඉශ්‍රායෙල්වරුන්ගේ රජවූ බයෙෂාට භයින් සෑදූ වළය. නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල් මැරුම්කෑ අයගෙන් ඒක පිරෙවුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 ඉෂ්මායෙල් තමා විසින් මරන ලද මිනිසුන් හෙළාදැමූ වළ විශාල එකකි. එය ආසා රජු විසින් ඉශ්රායෙල්වරුන්ගේ රජු වූ බයෙෂාගෙන් ආරක්ෂා වන පිණිස සාදන ලද වළ ය. නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් තමා මැරූ අයගේ මළකඳන්වලින් ඒ වළ පිරෙව්වේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 ඉෂ්මායෙල් තමා විසින් මරන ලද මිනිසුන් හෙළාදැමූ වළ විශාල එකකි. එය ආසා රජු විසින් ඉශ්රායෙල්වරුන්ගේ රජු වූ බයෙෂාගෙන් ආරක්ෂා වන පිණිස සාදන ලද වළ ය. නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් තමා මැරූ අයගේ මළකඳන්වලින් ඒ වළ පිරෙව්වේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 41:9
11 හුවමාරු යොමු  

දැන් ඔහු වළක හෝ වෙන තැනක හෝ සැඟවී ඇත. තවද පටන්ගැන්මේදීම ඔවුන්ගෙන් සමහර දෙනෙක් වැටුණාම ඒ අසන කවුරු නුමුත්–අබ්සලොම් අනුව යන සෙනඟ අතරෙහි මැරීමක් සිදුවීයයි කියනවා ඇත.


තමුන් අන්තරායට අසුවී ඉන්න බව ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ දුටුවෝය. (මක්නිසාද සෙනඟ පීඩිතව සිටියෝය.) එවිට සෙනඟ ගුහාවලද කැලෑවලද පර්වතවලද කොත්වලද වළවල්වලද සැඟවුණෝය.


මිදියන්වරුන්ගේ අත ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව ජයගත්තේය. මිදියන්වරුන් නිසා ඉශ්‍රායෙල් පුත්‍රයෝ කඳුවල තිබෙන බිම්ගෙවල්ද ගුහාවල්ද කොටුද සාදාගත්තෝය.


ඔව්හු කාන්තාරවලද කඳුවලද ගුහාවලද පොළොවේ බෙනවලද ඇවිද්දෝය; ඔවුන්ගේ විසීමට ලෝකය නොවටෙන්ය.


ඔහු මාර්ගයෙහි තිබුණු බැටළු ගාල්වලට පැමුණුණේය. සාවුල් ශරීර කෘත්‍යය සඳහා එහි තිබුණ ගුහාවකට ඇතුල්වුණේය. දාවිත්ද ඔහුගේ මිනිස්සුද ගුහාවේ ඇතුල් භාගවල සිටියෝය.


එසේම එප්‍රායිම් කඳුරටේ සැඟවී සිටි සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයොත් පිලිස්තිවරුන් පලායන බව අසා සටන්කරමින් ඔවුන් පස්සේ හයියෙන් එළවාගන ගියෝය.


ඔවුන් දෙදෙනා ගොස් පිලිස්තිවරුන්ගේ මුර සමුදාවට පෙනුණාහ. පිලිස්තිවරු: අන්න, හෙබ්‍රෙව්වෝ සැඟවී සිටින ගුහාවලින් පිටතට එතියි කීවෝය.


නුමුත් නුඹ පිළිකුල් අත්තක් මෙන්ද, කඩුවෙන් ඇන මැරුම්කා වළේ ගල්වලට බසින්නන්ගේ වස්ත්‍ර මෙන්ද, පයින් පාගාදැමූ මළකඳක් මෙන්ද නුඹේ සොහොන්ගෙයින් පිටත වීසිකරනු ලබන්නෙහිය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්