යෙරෙමියා 37:21 - Sinhala Revised Old Version ශෙදෙකියා රජද, යෙරෙමියා හිරගෙයි මළුවෙහි තබාගන්ටත් රොටි සියල්ලම නුවරින් කම්මුතුවී යන තුරු දවස් පතා රොටියක් රොටි සාදන්නන්ගේ වීථියෙන් ඔහුට ගෙනදෙන්ටත් අණකෙළේය. මෙසේ යෙරෙමියා හිරගෙයි මළුවෙහි සිටියේය. Sinhala New Revised Version ශෙදෙකියා රජ ද ජෙරමියා හිරගෙයි රැකවල් මළුවට යවන්නටත්, රොටි සියල්ල ම නගරයෙන් ඉවර වී යන තුරු දවස්පතා රොටියක් බැගින් රොටි සාදන්නන්ගේ වීදියෙන් ඔහුට ගෙන දෙන්නටත් අණ දුන්නේ ය. මෙසේ ජෙරමියා රැකවල් මළුවෙහි නැවතී සිටියේ ය. Sinhala New Revised Version 2018 ශෙදෙකියා රජ ද ජෙරමියා හිරගෙයි රැකවල් මළුවට යවන්නටත්, රොටි සියල්ල ම නගරයෙන් ඉවර වී යන තුරු දවස්පතා රොටියක් බැගින් රොටි සාදන්නන්ගේ වීදියෙන් ඔහුට ගෙන දෙන්නටත් අණ දුන්නේ ය. මෙසේ ජෙරමියා රැකවල් මළුවෙහි නැවතී සිටියේ ය. |
මනුෂ්‍යයෙකුගේ මාර්ගවලට ස්වාමීන්වහන්සේ ප්‍රසන්නවන කල උන්වහන්සේ ඔහුගේ සතුරන් පවා ඔහු හා සමඟිකරවනසේක.
රජුගේ සිත දිය පාරවල් මෙන් ස්වාමීන්වහන්සේගේ අතෙහි පවතී; උන්වහන්සේ කැමැති අතකට ඒක හරවනසේක.
උසස්ථානවල වාසයකරන්නේය. ඔහුගේ රක්ෂාස්ථානය පර්වත බලකොටුය; ඔහුට කෑම දෙනු ලබන්නේය; ඔහුට වතුර ලැබීම වරදින්නේ නැත.
අනාගතවක්තෘවූ යෙරෙමියාට ගසා, ස්වාමීන්වහන්සේගේ ගෘහයේ ඉහළ බෙන්යමින් දොරටුවේ තිබෙන දඬුකඳේ ඔහු දඬුගැසුවේය.
ඒ කාලයේ බබිලෝනියේ රජුගේ සේනාව යෙරුසලම වටලාගන සිටියාය. අනාගතවක්තෘවූ යෙරෙමියා යූදාහි රජුගේ ගෙදර පිහිටි හිරගෙයි මළුවේ හිරඅඩස්සිවී සිටියේය.
මෙසේ මාගේ පියාගේ සහෝදරයාගේ පුත්‍රවූ හනමෙල් ස්වාමීන්වහන්සේගේ වචනය ලෙස හිරගෙයි මළුවට මා ළඟට ඇවිත්: අනේ බෙන්යමින් දේශයේ අනාතෝත්හි තිබෙන මාගේ කෙත මිලේටගන්න. මක්නිසාද උරුමයේ අයිතිවාසිකම තිබෙන්නේ නුඹටය, නිදහස්කරගැනීමත් නුඹට අයිතිය; නුඹම ඒක මිලේට ගන්නැයි කීය. එවිට මෙය ස්වාමීන්වහන්සේගේ වචනය බව දැනගතිමි.
තවද යෙරෙමියා හිරගෙදර මළුවේ හිරඅඩස්සියේ සිටිද්දී ස්වාමීන්වහන්සේගේ වචනය දෙවෙනි වර ඔහු වෙතට පැමිණ මෙසේ කීය.
එකල ඔව්හු යෙරෙමියා ගෙන හිරගෙයි මළුවෙහි තිබුණු රාජ පුත්‍රවූ මල්කියාගේ වළට ඔහු ලනුවලින් බැස්සෙවුවෝය. වළේ වතුර නොව මඩ තිබුණේය. යෙරෙමියා මඩේ එරුණේය.
මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, මේ මනුෂ්‍යයන් විසින් වළේ දැමූ අනාගතවක්තෘවූ යෙරෙමියාට ඔවුන් කළ සියල්ල නපුරුය; ඔහු සිටින තැනදී බඩගින්නෙන් මැරෙනවා ඇත. මක්නිසාද නුවර තවත් කෑමට රොටි නැතැයි කීය.
නුමුත් පළමුකොට උන්වහන්සේගේ රාජ්‍යයද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයන්න; මේ සියල්ලත් නුඹලාට දෙනුලබන්නේය.
එබැවින් පේතෘස් හිරගෙයි රැකවල්කරනලද්දේය. නුමුත් සභාව ඔහු උදෙසා දෙවියන්වහන්සේට උදක්ම යාච්ඤාකළාය.
නුමුත් දෑවුරුද්දක් සම්පූර්ණවූ කල පීලික්ස්ගේ නිලයට පොර්කියුස් පෙස්තුස් පත්කරනලද්දේය; පීලික්ස් වනාහි යුදෙව්වරුන් සතුටුකරනු කැමතිව පාවුල් නිදහස් නොකර ගියේය.
ඔහු තමා විසින් කුලියට ගත් ගෙයි දෑවුරුද්දක්ම වාසයකොට, තමා වෙත පැමිණි සියල්ලන් පිළිගෙන,
මා විසින් කථාකරන්ට යුතුව තිබෙන හැටියට ඒ ගැන භය නැතුව කථාකරන පිණිසත්, සියලු ශුද්ධවන්තයන් ගැනද මා උදෙසාද නොකඩවම සියලු ඉල්ලීම්වලින් අවදිව සිටින්න.
එබැවින් අපගේ ස්වාමීන්වහන්සේගේ සාක්ෂිය ගැනවත් උන්වහන්සේගේ හිරකාරයෙක් වන මා ගැනවත් ලජ්ජා නොවී, දෙවියන්වහන්සේගේ බලයේ ප්‍රකාරයට ශුභාරංචිය නිසා මා සමඟ දුක් විඳින්න.
ඒ ශුභාරංචිය නිසා වරදකාරයෙකු මෙන් බැඳුම් යන දුක පවා විඳිමි; නුමුත් දෙවියන්වහන්සේගේ වචනය බැඳලා නැත.