Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 32:2 - Sinhala Revised Old Version

2 ඒ කාලයේ බබිලෝනියේ රජුගේ සේනාව යෙරුසලම වටලාගන සිටියාය. අනාගතවක්තෘවූ යෙරෙමියා යූදාහි රජුගේ ගෙදර පිහිටි හිරගෙයි මළුවේ හිරඅඩස්සිවී සිටියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 ඒ කාලයේ දී බබිලෝනියේ රජුගේ සේනාව ජෙරුසලම වටලාගෙන සිටියේ ය. දිවැසිවර ජෙරමියා ජුදා රජුගේ ගෙදර පිහිටි හිරගෙයි මළුවේ හිරඅඬස්සි වී සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 ඒ කාලයේ දී බබිලෝනියේ රජුගේ සේනාව ජෙරුසලම වටලාගෙන සිටියේ ය. දිවැසිවර ජෙරමියා ජුදා රජුගේ ගෙදර පිහිටි හිරගෙයි මළුවේ හිරඅඬස්සි වී සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 32:2
15 හුවමාරු යොමු  

ශෙදෙකියා රජද, යෙරෙමියා හිරගෙයි මළුවෙහි තබාගන්ටත් රොටි සියල්ලම නුවරින් කම්මුතුවී යන තුරු දවස් පතා රොටියක් රොටි සාදන්නන්ගේ වීථියෙන් ඔහුට ගෙනදෙන්ටත් අණකෙළේය. මෙසේ යෙරෙමියා හිරගෙයි මළුවෙහි සිටියේය.


ඌසයිගේ පුත්‍රවූ පාලාල් පවුරු කොතත් හිරගෙයි මිදුල ළඟ ඉහළ රජගෙදරට ඉස්සරහපිටින් තිබෙන කොතත් අලුත්වැඩියාකෙළේය. ඔහු ගාව පරොෂ්ගේ පුත්‍රවූ පෙදායා අලුත්වැඩියාකෙළේය.


එකල ඔව්හු යෙරෙමියා ගෙන හිරගෙයි මළුවෙහි තිබුණු රාජ පුත්‍රවූ මල්කියාගේ වළට ඔහු ලනුවලින් බැස්සෙවුවෝය. වළේ වතුර නොව මඩ තිබුණේය. යෙරෙමියා මඩේ එරුණේය.


තවද යෙරෙමියා හිරගෙදර මළුවේ හිරඅඩස්සියේ සිටිද්දී ස්වාමීන්වහන්සේගේ වචනය දෙවෙනි වර ඔහු වෙතට පැමිණ මෙසේ කීය.


මෙසේ මාගේ පියාගේ සහෝදරයාගේ පුත්‍රවූ හනමෙල් ස්වාමීන්වහන්සේගේ වචනය ලෙස හිරගෙයි මළුවට මා ළඟට ඇවිත්: අනේ බෙන්යමින් දේශයේ අනාතෝත්හි තිබෙන මාගේ කෙත මිලේටගන්න. මක්නිසාද උරුමයේ අයිතිවාසිකම තිබෙන්නේ නුඹටය, නිදහස්කරගැනීමත් නුඹට අයිතිය; නුඹම ඒක මිලේට ගන්නැයි කීය. එවිට මෙය ස්වාමීන්වහන්සේගේ වචනය බව දැනගතිමි.


ප්‍රීතිවෙන්න, ඉතා සන්තෝෂවෙන්න; මක්නිසාද ස්වර්ගයෙහි නුඹලාගේ විපාකය මහත්ය. නුඹලාට පළමුවෙන් සිටි අනාගතවක්තෘවරුන්ටත් ඔව්හු එලෙසම පීඩාකළෝය.


යෙරෙමියා බාරුක්ට අණකරමින්: මම හිරකරනු ලැබ සිටිමි; ස්වාමීන්වහන්සේගේ ගෘහයට ඇතුල්විය නොහැක්කෙමි.


මක්නිසාද යූදාහි රජවූ ශෙදෙකියා ඔහුට කථාකොට: නුඹ අනාගතවාක්‍ය කියමින්– ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම මේ නුවර බබිලෝනියේ රජුගේ අතට භාරදෙන්නෙමි, ඔහුද ඒක අල්වා ගන්නේය;


මා අඳුනන්නන් ඔබ මාගෙන් දුරු කළසේක; ඔවුන්ට මා පිළිකුලක් කළසේක. හිරකරනලදුව පිටත එන්ට නොහැක්කෙමි.


බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර්ද ඔහුගේ මුළු සේනාවද ඔහුගේ ආණ්ඩුව යටතේ තිබුණු පොළොවේ සියලු රාජ්‍යවල්ද සියලු ජනයන්ද යෙරුසලමට සහ ඊට අයිති සියලු නුවරවලටත් විරුද්ධව යුද්ධකරද්දී ස්වාමීන්වහන්සේගෙන් යෙරෙමියා වෙතට පැමිණි වචනයය.


යෙරෙමියා වනාහි සෙනඟ අතරේ යමින් එමින් සිටියේය. මක්නිසාද ඒතාක්කල් ඔවුන් ඔහු හිරගෙයි දමා තිබුණේ නැත.


එවිට ඔව්හු යෙරෙමියා ලනුවලින් ඇද වළෙන් ගොඩට ගත්තෝය. යෙරෙමියා හිරගෙයි මළුවේ සිටියේය.


තවද ඔහුගේ රජකමේ නවවෙනි අවුරුද්දේ දහවෙනි මාසයේ දහවෙනිදා බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර් තමාගේ මුළු සේනාව සමඟ යෙරුසලමට විරුද්ධව ඇවිත් ඊට විරුද්ධව කඳවුරු බැඳ, වටකරින් ඊට විරුද්ධව කොටු ගොඩනැගුවේය.


එවිට අධිපතීහු යෙරෙමියා කෙරෙහි උදහස්වී, ඔහුට තළා, යොනාතාන් ලේකමගේ ගෙයි ඔහු හිරඅඩස්සිකළෝය; මක්නිසාද ඔවුන් ඒක හිරගෙයක් කර තිබුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්