Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 33:16 - Sinhala Revised Old Version

16 උසස්ථානවල වාසයකරන්නේය. ඔහුගේ රක්ෂාස්ථානය පර්වත බලකොටුය; ඔහුට කෑම දෙනු ලබන්නේය; ඔහුට වතුර ලැබීම වරදින්නේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 නුඹලාට ජය අත් වී ශක්තිමත් බලකොටුවක සිටින්නන් සේ සුරක්ෂිත වන්නහු ය. කෑමට ආහාර ද බීමට වතුර ද නුඹලාට ඇති වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 නුඹලාට ජය අත් වී ශක්තිමත් බලකොටුවක සිටින්නන් සේ සුරක්ෂිත වන්නහු ය. කෑමට ආහාර ද බීමට වතුර ද නුඹලාට ඇති වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 33:16
27 හුවමාරු යොමු  

මාගේ සෙනඟ සමාදාන නිවාසයකද සුරක්ෂිත වාසස්ථානවලද නිවාඩු ස්ථානවලද වසන්නෝය.


ඔවුන්ට බඩගිනි නොවන්නේය, පිපාසා නොවන්නේය. මිරිඟු වැල්ලවත් අව්වවත් ඔවුන්ට පහර නොදෙන්නේය. මක්නිසාද ඔවුන්ට අනුකම්පාකරන තැනන්වහන්සේ ඔවුන් ගෙනගොස්, දිය උල්පත් ළඟින් ඔවුන් කැඳවාගෙන යනවා ඇත.


නුමුත් මට ඇහුම්කන්දෙන තැනැත්තේ සුවසේ වාසයකොට, විපතට භයනොවී, නිශ්චලව සිටින්නේය.


ස්වාමිවූ යෙහෝවඃවහන්සේ මාගේ බලයය, උන්වහන්සේ මගේ පාද මුවදෙනුන්ගේ පාදවලට සමානකොට, මාගේ උසස්ථාන පිට යන්ට සලස්වනසේක. [නායක ගායනාකරුටය, මාගේ වීණා ඇතුව ගීතිකාකිරීමටය.]


මක්නිසාද ඔබවහන්සේ භයානකයන්ගේ චණ්ඩ මාරුතය තාප්පයකට ගසන කුණාටුවක් මෙන් තිබියදී දුප්පතාට බලකොටුවක්ව දිළිඳාට ඔහුගේ විපත්තියේදී බලකොටුවක්ව, කුණාටුවේදී රක්ෂාස්ථානයක්ව, ග්‍රීෂ්මයේදී සෙවණක්ව සිටිසේක.


ස්වාමීන්වහන්සේගේ නාමය බලකොටුවක්ය; ධර්මිෂ්ඨයා එහි දුව ගොස් සුරක්ෂිත වෙයි.


උන්වහන්සේ තමන් කෙරෙහි භය ඇත්තන්ට කෑම දුන්සේක. උන්වහන්සේ ස්වකීය ගිවිසුම සදාකල්ම සිහිකරනසේක.


එහෙත් උන්වහන්සේ දිළිඳා පීඩාවෙන් මුදා උසස්කොට, බැටළු රැළක් මෙන් ඔහුගෙන් පවුල් උපදවනසේක.


ස්වාමිනි, සියලු පරම්පරාවල ඔබ අපේ වාසස්ථානය වූසේක.


ස්වාමීන් කෙරෙහි විශ්වාසය තබා යහපත්කම් කරව; දේශයෙහි වාසයකරමින් විශ්වාසකම අනුව යව.


බලව, ස්වාමීන් කෙරෙහි භය ඇත්තන් සහ උන්වහන්සේගේ කරුණාව බලා සිටින්නන්ගේ ආත්මය මරණයෙන් ගළවන පිණිසත්,


උන්වහන්සේ මාගේ පාද මුවන්ගේ පාද මෙන් කරනසේක. මාගේ උස්තැන්වල මා පිහිටුවනසේක.


ඔහු මා කෙරෙහි ඇලුම්වූ බැවින් ඔහු මුදාහරින්නෙමි. මාගේ නාමය දැන සිටින බැවින් ඔහු උසස්කරන්නෙමි.


තරුණ සිංහයෝ හිඟ ඇතිව සාගින්න විඳිති. නුමුත් ස්වාමීන් සොයන්නන්ට කිසි යහපත් දෙයකින් හිඟයක් නොවන්නේය.


ස්වාමිනි, ඔබගේ මණ්ඩපයෙහි සිටින්නේ කවුද? ඔබගේ පිරිසිදු කන්දේ වසන්නේ කවුද?


අපේ දවස්පතා භෝජනය අපට අද දුන මැනව.


ඇද නැතුව හැසිරෙන්නා සුවසේ සිටියි; එහෙත් තමාගේ මාර්ග ඇදකරගන්න අය අසුවනු ලබන්නේය.


නුඹ ස්වාමීන්වහන්සේ කෙරෙහි ප්‍රීතිමත්වන්නෙහිය; මමද පොළොවේ උසස්ථාන මතුයෙහි නැගීයන්ට නුඹට සලස්වා, නුඹේ පියවූ යාකොබ්ගේ උරුමයෙන් නුඹ පෝෂණයකරන්නෙමි. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ මුඛය ඒක වදාළේය.


ශෙදෙකියා රජද, යෙරෙමියා හිරගෙයි මළුවෙහි තබාගන්ටත් රොටි සියල්ලම නුවරින් කම්මුතුවී යන තුරු දවස් පතා රොටියක් රොටි සාදන්නන්ගේ වීථියෙන් ඔහුට ගෙනදෙන්ටත් අණකෙළේය. මෙසේ යෙරෙමියා හිරගෙයි මළුවෙහි සිටියේය.


ස්වාමීන්වහන්සේ සියොන්හි සිට ගර්ජනාකොට, යෙරුසලමේ සිට තමන්ගේ හඬ පවත්වනසේක; අහසද පොළොවද සෙලවෙනවා ඇත. එහෙත් ස්වාමීන්වහන්සේ තමන්ගේ සෙනඟට රක්ෂාස්ථානයක්ව, ඉශ්‍රායෙල් පුත්‍රයන්ට බලකොටුවක්ව සිටිනසේක.


එම්බා ඉශ්‍රායෙල්, නුඹ වාසනාවන්තය. ස්වාමීන්වහන්සේ විසින් මුදන ලද සෙනඟක්වූ නුඹට සමාන කවුද? උන්වහන්සේ නුඹට උපකාර කරන පලිහත් නුඹේ මහිමයේ කඩුවත්ය. නුඹේ සතුරෝ නුඹට යටත් වන්නෝය; නුඹද ඔවුන්ගේ උසස්ථාන පාගන්නෙහියයි කීය.


ඔහු බැලූ විට ඔහුගේ හිස ළඟ අඟුරු පිටි පිළිස්සූ රොටියක්ද වතුර භාජනයක්ද තිබෙනු දැක, කා බී නැවත වැතුරුණේය.


මාගේ ගැළවීමත් මාගේ උතුම්කමත් දෙවියන්වහන්සේගෙන්ය; මාගේ ශක්තියේ පර්වතයත් මාගේ රක්ෂාස්ථානයත් දෙවියන්වහන්සේ තුළෙහිය.


ස්වාමීන්වහන්සේ විපත නැමති කෑමද පීඩාව නැමති වතුරද නුඹලාට දෙන නුමුත්, නුඹේ ගුරුවරයා තවත් සැඟවී නොසිටින්නේය, නුඹේ ඇස්වලින් නුඹේ ගුරුවරයා දකින්ටත්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්