උන්වහන්සේ ඔවුන්ගේ අයුතුකම ඔවුන් පිටට පෙරළූසේක, ඔවුන්ගේම නපුරුකමෙහි ඔවුන් සිඳ දමනසේක; අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔවුන් සිඳදමනසේක.
යෙරෙමියා 36:31 - Sinhala Revised Old Version මම ඔහුටත් ඔහුගේ වංශයටත් සේවකයන්ටත් ඔවුන්ගේ අයුතුකම් නිසා දඬුවම්කොට, ඔවුන් පිටටත් යෙරුසලමේ වැසියන් පිටටත් යූදාහි මනුෂ්‍යයන් පිටටත් ඔවුන් ගැන මා කීවාවූ ඔවුන් නෑසුවාවූ සියලු විපත්ති පමුණුවන්නෙමියි කීවේය. Sinhala New Revised Version මම නුඹටත්, නුඹේ වංශයටත්, නුඹේ සේවකයන්ටත් නුඹලා සියලු දෙනාගේ අපරාධ නිසා දඬුවම් කරන්නෙමි. නුඹ වත්, ජෙරුසලමේ හා ජුදාවේ වැසියන් වත් මට සවන් නුදුන් නිසා මම නුඹලාට විරුද්ධ ව ප්‍රකාශ කළ සියලු විපත්ති නුඹලා පිට පමුණුවන්නෙමි.” Sinhala New Revised Version 2018 මම නුඹටත්, නුඹේ වංශයටත්, නුඹේ සේවකයන්ටත් නුඹලා සියලු දෙනාගේ අපරාධ නිසා දඬුවම් කරන්නෙමි. නුඹ වත්, ජෙරුසලමේ හා ජුදාවේ වැසියන් වත් මට සවන් නුදුන් නිසා මම නුඹලාට විරුද්ධ ව ප්‍රකාශ කළ සියලු විපත්ති නුඹලා පිට පමුණුවන්නෙමි.” |
උන්වහන්සේ ඔවුන්ගේ අයුතුකම ඔවුන් පිටට පෙරළූසේක, ඔවුන්ගේම නපුරුකමෙහි ඔවුන් සිඳ දමනසේක; අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔවුන් සිඳදමනසේක.
නුමුත් ඔව්හු කීකරු නොවී, තමුන්ගේ කන් යොමු නොකර, තම තමුන්ගේ නපුරු සිත්වල මුරණ්ඩුකමේ හැටියට හැසුරුණෝය. ඉන්නිසා කරන්ට මා අණකළ නුමුත් ඔවුන් නොකළාවූ මේ ගිවිසුමේ සියලු කාරණා ඔවුන් පිටට පැමිණෙවුවෙමියි කියන්නැයි කීසේක.
මට පීඩාකරන්නෝ ලජ්ජාවට පැමිණෙත්වා, මා ලජ්ජාවට පැමිණෙන්ට ඉඩ නෑරිය මැනව; ඔව්හු කැලඹෙත්වා, මා කැලඹෙන්ට ඉඩ නෑරිය මැනව. විපත්ති දවස ඔවුන් පිටට පමුණුවා, ද්විගුණ විනාශයකින් ඔවුන් විනාශකළ මැනව.
ඉශ්‍රායෙල්ගේ දෙවිවූ, සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක්: බලව, මම මේ නුවරටත් ඊට අයිති සියලුම දනව්වලටත් විරුද්ධව කී මුළු විපත්තිය ඒවා පිටට පමුණුවන්නෙමි; මක්නිසාද ඔව්හු මාගේ වචන නාසන ලෙස තමුන්ගේ කුළල් දැඩිකර ගත්තෝයයි කීසේකැයි කීවෝය.
ප්‍රොපේත කෙනෙක් හෝ පූජකයෙක් හෝ සෙනඟගෙන් යමෙක් හෝ ස්වාමීන්වහන්සේගේ බරයයි කීවොත්, මම ඒ මනුෂ්‍යයාටත් ඔහුගේ පවුලටත් දඬුවම්කරන්නෙමි.
බලව, මම නෙහෙලාමිය ෂෙමායාටත් ඔහුගේ වංශයටත් දඬුවම්කරන්නෙමි; ඔහු ස්වාමීන්වහන්සේට විරුද්ධව කැරළිකාර වචන කථාකළ බැවින් මේ සෙනඟ අතරේ වාසයකිරීමට මනුෂ්‍යයෙක් ඔහුට නොවන්නේය, මා විසින් මාගේ සෙනඟට කරන යහපත ඔහු දකින්නෙක් නැත කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියා අරින්නැයි කීවේය.
එබැවින් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, යූදාවරුන්ටත් යෙරුසලමේ සියලු වැසියන්ටත් විරුද්ධව මා විසින් කියා තිබෙන මුළු විපත්තිය ඔවුන් පිටට පමුණුවන්නෙමි. මක්නිසාද මා ඔවුන්ට කථාකළ නුමුත් ඔව්හු නෑසුවෝය; මා ඔවුන්ට අඬගැසූ නුමුත් ඔව්හු උත්තර නුදුන්නෝයයි කියන්නැයි කීසේක.
දැන් ඉක්මනින් මාගේ කෝපය නුඹ පිටට වගුරුවා, මාගේ උදහස නුඹ කෙරෙහි ඉෂ්ටකරන්නෙමි. නුඹේ මාර්ග ලෙස නුඹ විනිශ්චයකොට, නුඹේ සියලු පිළිකුල්කම් නුඹ පිටට පමුණුවන්නෙමි.
මාගේ ඇස දයා නොවන්නේය, මම කරුණා නොකරන්නෙමි, මම නුඹේ මාර්ග ලෙස නුඹ පිටට [දඬුවම්] පමුණුවන්නෙමි, නුඹේ පිළිකුල්කම්ද නුඹ තුළට පැමිණෙනවා ඇත; පහරදෙන්නේ ස්වාමිවූ මා බව මෙසේ නුඹලා දැනගන්නවා ඇත.
අනේ අනාගතවක්තෘවරුන් මරන්නාවූ, නුඹ ළඟට එවූවන්ට ගල්ගසන්නාවූ යෙරුසලම, යෙරුසලම, කිකිළී ඇගේ පැටවුන් පියාපත් යටට එකතුකරගන්නාක්මෙන් නුඹේ දරුවන් එකතුකර ගන්ට මම කී වරක් කැමතිවුණෙම්ද? එහෙත් නුඹලා කැමතිවුණේ නැත.