එහෙත් උන්වහන්සේ දිළිඳා පීඩාවෙන් මුදා උසස්කොට, බැටළු රැළක් මෙන් ඔහුගෙන් පවුල් උපදවනසේක.
යෙරෙමියා 31:27 - Sinhala Revised Old Version බලව, මම ඉශ්‍රායෙල් වංශයද යූදා වංශයද නැමති කෙත්වල මනුෂ්‍ය බීජ සහ මෘග බීජද වපුරන දවස් පැමිණෙන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. Sinhala New Revised Version “ඉශ්රායෙල් දේශය හා ජුදා දේශය සෙනඟගෙන් ද ගවයන්ගෙන් ද පුරවන කාලය පැමිණෙන්නේ යයි ස්වාමීන් වන මම කියන්නෙමි. Sinhala New Revised Version 2018 “ඉශ්රායෙල් දේශය හා ජුදා දේශය සෙනඟගෙන් ද ගවයන්ගෙන් ද පුරවන කාලය පැමිණෙන්නේ යයි ස්වාමීන් වන මම කියන්නෙමි. |
එහෙත් උන්වහන්සේ දිළිඳා පීඩාවෙන් මුදා උසස්කොට, බැටළු රැළක් මෙන් ඔහුගෙන් පවුල් උපදවනසේක.
ඒවායින් ස්තුති කිරීමද සන්තෝෂවන්නන්ගේ හඬද නික්මෙන්නේය. මම ඔවුන් ස්වල්පව නොසිටින හැටියට ඔවුන් වැඩිකර, ඔවුන් සුළුව නොසිටින හැටියට ඔවුන්ට ගෞරවකරන්නෙමි.
මම නුඹලා පිට මනුෂ්‍යයන්, එනම් මුළු ඉශ්‍රායෙල් වංශයම, වැඩිකරන්නෙමි. නුවරවල් ජනගහනය වෙනවා ඇත, පාළු තැන්ද ගොඩනගනු ලබනවා ඇත.
මම නුඹලා පිට මනුෂ්‍යයන්ද තිරිසනුන්ද වැඩිකරන්නෙමි; ඔව්හු වැඩිවී බෝවන්නෝය. නුඹලාගේ ප්‍රථම කාලවලදී මෙන් නුඹලා පිට මිනිසුන් වාසයකරවා, නුඹලාගේ මුල් කාලවලට වඩා මම නුඹලාට යහපත කරන්නෙමි. නුඹලාද මා ස්වාමීන්වහන්සේ බව දැනගන්නවා ඇත.
මම ඈ දේශයෙහි මට වපුරාගන, කරුණාව නොලත් ඇත්තීට අනුකම්පාකරන්නෙමි; මාගේ සෙනඟ නොවූවන්ට: නුඹ මාගේ සෙනඟයයි කියන්නෙමි; ඒ අයද: ඔබ මාගේ දෙවියන්වහන්සේයයි කියනවා ඇත.
මම ඔවුන් ජනයන් අතරෙහි වපුරන්නෙමි; ඔවුන් දුරු රටවලදී මා සිහිකොට, තමුන්ගේ දරුවන් සමග ජීවත්ව සිට හැරී එනවා ඇත.
එවිට නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹේ අත්වල සියලු වැඩවල ඵලයද නුඹේ ගර්භයේ ඵලයද නුඹේ සිව්පාවුන්ගේ ඵලයද නුඹේ භූමියේ ඵලය ද යහපත පිණිස නුඹට වැඩිකර දෙනසේක.