Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 36:11 - Sinhala Revised Old Version

11 මම නුඹලා පිට මනුෂ්‍යයන්ද තිරිසනුන්ද වැඩිකරන්නෙමි; ඔව්හු වැඩිවී බෝවන්නෝය. නුඹලාගේ ප්‍රථම කාලවලදී මෙන් නුඹලා පිට මිනිසුන් වාසයකරවා, නුඹලාගේ මුල් කාලවලට වඩා මම නුඹලාට යහපත කරන්නෙමි. නුඹලාද මා ස්වාමීන්වහන්සේ බව දැනගන්නවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 නුඹලාගෙන් රැකෙන මිනිසුන් ද තිරිසනුන් ද වැඩි වර්ධනය කරන්නෙමි. ඔව්හු වැඩි වී බෝවෙති. අතීතයේ දී මෙන් නුඹලාගේ නගර ජනාකීර්ණ කර පෙර කාලවලට වඩා මම නුඹලා සමෘද්ධිමත් කරන්නෙමි. එවිට නුඹලා ද මා සමිඳාණන් වහන්සේ බව දැනගනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 නුඹලාගෙන් රැකෙන මිනිසුන් ද තිරිසනුන් ද වැඩි වර්ධනය කරන්නෙමි. ඔව්හු වැඩි වී බෝවෙති. අතීතයේ දී මෙන් නුඹලාගේ නගර ජනාකීර්ණ කර පෙර කාලවලට වඩා මම නුඹලා සමෘද්ධිමත් කරන්නෙමි. එවිට නුඹලා ද මා සමිඳාණන් වහන්සේ බව දැනගනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 36:11
33 හුවමාරු යොමු  

සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මනුෂ්‍යයෙක්වත් මෘගයෙක්වත් නැතුව පාළුව තිබෙන මේ ස්ථානයෙහිද එහි සියලු නුවරවලද තමුන්ගේ රැළ ලග්ගවන එඬේරුන්ගේ වාසයක් නැවත වන්නේය.


කර්මෙල් තුළ වනයෙහි වෙන්ව වසන්නාවූ ඔබගේ සෙනඟ වන ඔබගේ උරුමයවූ බැටළු රැළ ඔබගේ සැරයටියෙන් පාලනයකළ මැනව. බාෂාන්හිද ගිලියද්හිද පුරාණයේ දවස්වල මෙන් ඔව්හු පෝෂ්‍යවෙත්වා.


එම්බා මාගේ සෙනඟෙනි, මා විසින් නුඹලාගේ සොහොන් විවරකොට නුඹලාගේ සොහොන්වලින් නුඹලා නැගිටෙවුවාම, මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නවා ඇත.


බලව, මම ඉශ්‍රායෙල් වංශයද යූදා වංශයද නැමති කෙත්වල මනුෂ්‍ය බීජ සහ මෘග බීජද වපුරන දවස් පැමිණෙන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


විශ්වාසකමින් නුඹ පාවාගන්නෙමි. නුඹ ස්වාමීන්වහන්සේ ඇඳිනගන්නෙහිය.


නුඹේ සහෝදරියන් වන සොදොම සහ ඇගේ දූවරුන්ද තමුන්ගේ පළමු ස්වභාවට පැමිණෙනවා ඇත, සමාරිය සහ ඇගේ දූවරුන්ද තමුන්ගේ පළමු ස්වභාවට පැමිණෙනවා ඇත, නුඹ සහ නුඹේ දූවරුන්ද නුඹලාගේ පළමු ස්වභාවට පැමිණෙනවා ඇත.


ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම යාකොබ්ගේ කූඩාරම්වල වහල්කම පහකොට, ඔහුගේ වාසස්ථානවලට අනුකම්පාකරන්නෙමි; නුවරද එහි හෙලපිට ගොඩනගනු ලැබ, මාළිගාව තිබුණු හැටියට පවතින්නේය.


මෙසේ ස්වාමීන්වහන්සේ යෝබ්ගේ පටන්ගැන්මට වඩා ඔහුගේ අන්තිමයට ආශීර්වාදකළසේක. බැටළුවන්ද එළුවන්ද දහහතර දහසකුත් ඔටුවන් හදහසකුත් ගොන්බාන් දහසකුත් කොටළුදෙනුන් දහසකුත් ඔහුට සිටියෝය.


එසේ වුණේ ඔවුන් අප නැතුව සම්පූර්ණ නොවන පිණිස දෙවියන්වහන්සේ වඩා උතුම් දෙයක් අප ගැන කලින් පිළියෙළකර තිබුණු නිසාය.


මම ඔවුන්ගේ රටෙහි ඔවුන් පිහිටුවන්නෙමි, මා විසින් ඔවුන්ට දී තිබෙන රටෙන් ඔවුන් තවත් උදුරනු ලබන්නේ නැතැයි නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කියනසේක.


මිනිස්සුද කථාකොට: පාළුවී තිබුණු මේ දේශය ඒදන් උයන මෙන් වී තිබේ; නාස්තිව පාළුව ජරාවාසව තිබුණාවූ නුවරවල් බලකොටුවී වැසියන් ඇතුව තිබේයයි කියන්නෝය.


තවද ස්වාමීන්වහන්සේ තමන් සෙනඟගේ තුවාලය බැඳ ඔවුන්ට ලැබුණු පහරේ තුවාලය සුවකරන දවසේදී හඳේ එළිය ඉරේ එළිය මෙන්ද ඉරේ එළිය සත් ගුණයක් වැඩිවී සත් දවසක එළිය මෙන්ද වන්නේය. ‍


තවද දෙවියන්වහන්සේගේ පුත්‍රයා ඇවිත් අප සැබෑවූ තැනන්වහන්සේව ඇඳිනගන්න ලෙස අපට තේරුම දී තිබෙන බව දනිමුව, සැබෑවූ තැනන්වහන්සේ තුළ, එනම් උන්වහන්සේගේ පුත්‍රවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ අපි සිටිමුව. සැබෑවූ දෙවියන්වහන්සේද සදාකාලවූ ජීවනයද මුන්වහන්සේමය.


මම නුඹ සදහටම පාළුවක් කරන්නෙමි, නුඹේ නුවරවලද වැසියෝ නොසිටින්නාහුය. මෙසේ මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නවා ඇත.


මම නුඹලා පිට නහර තබා, නුඹලා කෙරෙහි මාංස හටගන්වා, නුඹලා සමින් වසා, නුඹලා ජීවත්වන ලෙස නුඹලා තුළ ආත්මය තබන්නෙමි; නුඹලා මා ස්වාමීන්වහන්සේ බව දැනගන්නවා ඇත කියා කියන්නැයි කීය.


මක්නිසාද ස්වාමීන්වහන්සේ සියොන් සැනසූසේක. උන්වහන්සේ ඇගේ සියලු නටබුන් තැන් සනසා, ඇගේ වනාන්තරය ඒදන් මෙන්ද ඇගේ කාන්තාරය ස්වාමීන්වහන්සේගේ උයන මෙන්ද කළසේක; ප්‍රීතිමත්කමද සන්තෝෂයද ස්තුතිදීම සහ ගීතිකා හඬද එහි සම්බවේ.


තවද මම සමාදාන ගිවිසුමක් ඔවුන් සමඟ කරන්නෙමි. එය ඔවුන් සමඟ සදාකාල ගිවිසුමක්වන්නේය. මම ඔවුන් පිහිටුවා, ඔවුන් වැඩිකොට, මාගේ ශුද්ධස්ථානය ඔවුන් අතරෙහි සදාකාලේටම පිහිටුවන්නෙමි.


මම ඔවුන් කැඳවා රැස්කරන්නෙමි; මක්නිසාද මම ඔවුන් මුදාගත්තෙමි. ඔව්හු වැඩිවී සිටින්නාක්මෙන්ම වැඩිවන්නෝය.


නුඹේ පියවරුන් භුක්තිවින්දාවූ දේශය නුඹ විසින් භුක්තිවිඳින පිණිස නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ එහි පමුණුවා, උන්වහන්සේ නුඹට යහපතකොට, නුඹේ පියවරුන්ට වඩා නුඹ වැඩිකරනසේක.


නුමුත් මාගේ රැළෙන් ඉතුරුවෙන්නන් මා විසින් පන්නාදැමූ සියලු දේශවලින් මමම රැස්කර, නැවත ඔවුන්ගේ ගාල්වලට ගෙනෙන්නෙමි; ඔව්හු බෝවී වැඩිවන්නෝය.


ඔවුන් පෝෂණයකරන එඬේරුන්ද ඔවුන් කෙරෙහි පත්කරන්නෙමි. ඔව්හු තවත් භය නොවන්නෝය, නොකැලඹෙන්නෝය, එකෙක්වත් නැති නොවන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


නුඹලාගේ සහෝදරයන්ට අම්මී කියාද නුඹලාගේ සහෝදරියන්ට රුහාමා කියාද කියන්න.


ඒදොමෙන් ඉතිරිවූ කොට්ඨාසයද මාගේ නාමය දරන සියලු ජාතීන්ද ඔවුන් විසින් හිමිකරගන්න පිණිස,


මක්නිසාද සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ගෞරවය පැමුණුනායින් පසු උන්වහන්සේ නුඹලාගෙන් කොල්ලකෑ ජාතීන් ළඟට මා ඇරියසේක. මක්නිසාද නුඹලාට අත ගසන්නා උන්වහන්සේගේ ඇසේ කළු ඉංගිරියාවට අතගසන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්