මේ කාරණාවලට පසුව ස්වාමීන්වහන්සේගේ වචනය දර්ශනයකින් ආබ්‍රම් වෙත පැමිණ: ආබ්‍රම්, භය නොවෙන්න; නුඹේ පලිහද නුඹේ ඉතා මහත් විපාකයද මමයයි කීසේක.
යෙරෙමියා 30:10 - Sinhala Revised Old Version ඒ නිසා: මාගේ මෙහෙකරුවාවූ යාකොබ්, නුඹ භය නොවන්න; ඉශ්‍රායෙල්, නොකැලඹෙන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක. මක්නිසාද, බලව, මම නුඹ දුරස්තරයෙන්ද නුඹේ වංශය ඔවුන්ගේ වාල්කමේ දේශයෙන්ද ගළවමි; යාකොබ් හැරී ඇවිත් කිසිවෙකුගෙන් භයක් නොලැබ, නිශ්චලව සුවසේ සිටිනවා ඇත. Sinhala New Revised Version “ඒ නිසා, මාගේ මෙහෙකරු වූ ජාකොබ්ගෙන් පැවත එන සියල්ලෙනි, බිය නොවන්න. ඉශ්රායෙල් ජනයෙනි, නොකැළඹෙන්න. නුඹලා විප්‍රවාසී වී සිටින ඒ දුර රටින් මම නුඹලා ගළවාගන්නෙමි. ජාකොබ්ගේ පරපුර වහල්කමෙන් හැරී අවුත්, කිසිවෙකුට බිය නොවී, නිසංසල ව, සුව සේ සිටිනු ඇත. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය. Sinhala New Revised Version 2018 “ඒ නිසා, මාගේ මෙහෙකරු වූ ජාකොබ්ගෙන් පැවත එන සියල්ලෙනි, බිය නොවන්න. ඉශ්රායෙල් ජනයෙනි, නොකැළඹෙන්න. නුඹලා විප්‍රවාසී වී සිටින ඒ දුර රටින් මම නුඹලා ගළවාගන්නෙමි. ජාකොබ්ගේ පරපුර වහල්කමෙන් හැරී අවුත්, කිසිවෙකුට බිය නොවී, නිසංසල ව, සුව සේ සිටිනු ඇත. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය. |
මේ කාරණාවලට පසුව ස්වාමීන්වහන්සේගේ වචනය දර්ශනයකින් ආබ්‍රම් වෙත පැමිණ: ආබ්‍රම්, භය නොවෙන්න; නුඹේ පලිහද නුඹේ ඉතා මහත් විපාකයද මමයයි කීසේක.
නුඹේ දුකෙනුත් නුඹේ කැලඹීමෙනුත් නුඹ ලවා කෙරෙවු බර වැඩෙනුත් ස්වාමීන්වහන්සේ නුඹට නිදහස දෙන දවසේදී,
සිංහයෙක් එහි සිටින්නේවත් කිසි චණ්ඩ මෘගයෙක් එහි නැගීයන්නේවත් උන් එහි සම්බවෙන්නේවත් නැත; මුදනු ලැබූ අයවල්ම එහි ඇවිදින්නෝය.
භයනොවෙන්න; මක්නිසාද මම නුඹ සමඟ සිටිමි. නුඹේ වංශය නැගෙනහිරින් ගෙනෙන්නෙමි, බස්නාහිරින්ද නුඹ රැස්කරන්නෙමි;
නුඹ මවා කුසේ පටන් නුඹ සෑදුවාවූ, නුඹට උපකාරකරන්නාවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මාගේ මෙහෙකරුවාවූ යාකොබ්, මා විසින් තෝරාගත් යෙෂුරූන්, භය නොවෙන්න.
මම නැගෙනහිරින් ගිජු පක්ෂියෙක්ද දුර දේශයකින් මාගේ මන්ත්‍රණයේ මනුෂ්‍යයාද කැඳවාගන්න තැනන්වහන්සේය. එසේය, මම කියා තිබෙන්නාක්මෙන්ම ඒක පමුණුවන්නෙමි, මම යෝජනාකර තිබෙන්නාක්මෙන්ම ඒක කරන්නෙමි.
මාගේ ධර්මිෂ්ඨකම ළංකරන්නෙමි, ඒක ඈත්ව නොතිබෙන්නේය, මාගේ ගැළවීමද ප්‍රමාද නොවන්නේය; මාගේ ගෞරවයවූ ඉශ්‍රායෙල්ට සියොන්හි ගැළවීම දෙන්නෙමි.
බලව, සමහරෙක් දුරින් එන්නෝය. බලව, සමහරෙක් උතුරෙන් හා බස්නාහිරෙන්ද සමහරෙක් සීන්වරුන්ගේ දේශයෙන්ද එන්නෝය.
නුමුත් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලවන්තයාගේ වාලුන් පවා පැහැරගන්නවා ඇත, භයානකයාගේ කොල්ලයද මුදනවා ඇත. මක්නිසාද නුඹ සමඟ විවාදකරන්නා සමඟ මම විවාදකරන්නෙමි, නුඹේ දරුවන්ද මම ගළවන්නෙමි.
භය නොවන්න; මක්නිසාද නුඹ ලජ්ජාවට පැමිණෙන්නේ නැත. නොකැලඹෙන්න; නුඹ නින්දාවට නොපැමිණෙන්නෙහිය. මක්නිසාද නුඹ නුඹේ යෞවන කාලයේ ලජ්ජාව සිහිනැතිකරන්නෙහිය, නුඹේ වැන්දඹුකමේ නින්දාවද තවත් සිහි නොකරන්නෙහිය.
නුමුත් මාගේ රැළෙන් ඉතුරුවෙන්නන් මා විසින් පන්නාදැමූ සියලු දේශවලින් මමම රැස්කර, නැවත ඔවුන්ගේ ගාල්වලට ගෙනෙන්නෙමි; ඔව්හු බෝවී වැඩිවන්නෝය.
ඔවුන් පෝෂණයකරන එඬේරුන්ද ඔවුන් කෙරෙහි පත්කරන්නෙමි. ඔව්හු තවත් භය නොවන්නෝය, නොකැලඹෙන්නෝය, එකෙක්වත් නැති නොවන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
උන්වහන්සේගේ දවස්වලදී යූදා ගළවනු ලබන්නේය, ඉශ්‍රායෙල්ද සුවසේ වසන්නේය. අපේ ධර්මිෂ්ඨකමවූ ස්වාමීන්වහන්සේය යන නාමය උන්වහන්සේට කියනු ලබන්නේය.
ඉශ්‍රායෙල් වංශයේ දරුවන් උතුරු දේශයෙන්ද මා ඔවුන් පන්නාදැමූ සියලු දේශවලින්ද පමුණුවා ගෙනාවාවූ ස්වාමීන්වහන්සේ ජීවමානය කියා කියන දවස් පැමිණෙන්නේය; ඔවුන් තමුන්ගේම දේශයෙහි වාසයකරනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
මා විසින් නුඹලා ගැන කරන යෝජනා මමම දනිමි, නුඹලාට මතු කාලයේදී බලාපොරොත්තුවක් දීමට ඒවා විපත්තියේ නොව සාමාදානයේ යෝජනායයි ස්වාමීන්වහන්සේ කියනසේක.
මම නුඹලාට සම්බවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක, මම නුඹලාගේ වාල්කම පහකොට, සියලු ජාතීන් අතරෙන්ද මා නුඹලා පන්නාදැමූ සියලු තැන්වලින්ද නුඹලා එකතුකොට, මා විසින් නුඹලා යම් ස්ථානයකින් ගෙන ගියාද ඒ ස්ථානයට නුඹලා නැවත ගෙනෙන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
ඒ දවස්වලදී යූදා වංශය ඉශ්‍රායෙල් වංශය සමඟ ගමන්කර, උතුරු දේශයේ සිට මා විසින් නුඹලාගේ පියවරුන්ට උරුමකරදුන් දේශයට එක්ව එනවා ඇත.
මක්නිසාද මා විසින් මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්වරුන්ගෙත් යූදාවරුන්ගෙත් වාල්කම පහකරන දවස් පැමිණෙන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. මම ඔවුන්ගේ පියවරුන්ට දුන් දේශයට ඔවුන් නැවත ගෙනෙන්නෙමි, ඔව්හුද ඒක භුක්තිවිඳින්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
අහෝ! ඒ දවස මහත්ය, ඊට සමානවූ දවසක් නැත. ඒක යාකොබ්ගේ විපත්ති කාලයය; එහෙත් ඔවුන් එයින් ගළවනු ලබනවා ඇත.
ඒ දවස්වලදී යූදා ගළවනු ලබන්නේය, යෙරුසලමේ වැසියෝද සුවසේ වාසයකරන්නෝය. ඈට කියනු ලබන්නාවූ නාමය මේය: ස්වාමීන්වහන්සේ අපේ ධර්මිෂ්ඨකමය.
නුඹේ සහෝදරියන් විනිශ්චයකළ නුඹ නුඹේ ලජ්ජාව දරාගන්න; ඔවුන්ට වඩා පිළිකුල් ලෙස නුඹ කළාවූ නුඹේ පාප නිසා ඔව්හු නුඹට වඩා ධර්මිෂ්ඨය. මෙසේ නුඹ නුඹේ සහෝදරියන් ධර්මිෂ්ඨව පෙනෙන්ට සැලැස්සූ බැවින් නුඹත් ලජ්ජාවට පැමිණ නුඹේ නින්දාව දරාගන්න.
මම පවුරු රහිත ගම් ඇති දේශයට විරුද්ධව නැගී ගොස්, නිශ්චලකමින් සිට නිසැකව වාසයකරන අය ළඟට පැමිණෙන්නෙමි; ඔවුන් සියල්ලෝම පවුරු නැතුව වාසයකරති, ඔවුන්ට අගුල්ද දොරවල්ද නැතැයි කියනවා ඇත.
ඒ කාලයේදී නුඹේ සෙනඟගේ පුත්‍රයන් උදෙසා සිටින උතුම් අධිපතියාවූ මීකායෙල් නැගිටින්නේය. ඒ වනාහි මනුෂ්‍ය ජාතියක් පැවති තැන් සිට ඒ කාලය දක්වා නොවූ ආකාර විපත්ති කාලයක් වන්නේය. ඒ කාලයේදී නුඹේ සෙනඟගෙන් පොතේ නම් ලියා තිබෙන සියල්ලෝ ගැළවෙන්නෝය.
ඒ කාලයේදී මම ඔවුන් උදෙසා වනයේ මෘගයන්ද ආකාශයේ පක්ෂීන්ද භූමියේ බඩගායන සතුන්ද සමඟ ගිවිසුමක් කරන්නෙමි. දුන්නද කඩුවද යුද්ධයද දේශයෙන් නැතිකරදමා, ඔවුන් සුවසේ සැතපෙන්ට සලස්වන්නෙමි.
මම මාගේ සෙනඟගේ වහල්කම පහකරන විට, එම්බා යූදා, නුඹටත් ගොයම් කැපීමක් පැමිණෙන්ට නියමකර තිබේ.
ඉතින් නුඹ ඝෝෂාකරන්නේ මන්ද? නුඹ තුළ රජෙක් නැද්ද? නුඹේ මන්ත්‍රීවරු නැතිවූද? මක්නිසාද බිහිකරන ස්ත්‍රියෙකුට මෙන් වේදනාව නුඹට අල්ලා තිබේ.
ඒ කාලයෙහි නුඹලා එකිනෙකා තම තමාගේ මිත්‍රයා මුද්‍රිකවැල යටටත් අත්තික්කා ගස යටටත් කැඳවාගන යනවා ඇතැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීය.