Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 46:11 - Sinhala Revised Old Version

11 මම නැගෙනහිරින් ගිජු පක්ෂියෙක්ද දුර දේශයකින් මාගේ මන්ත්‍රණයේ මනුෂ්‍යයාද කැඳවාගන්න තැනන්වහන්සේය. එසේය, මම කියා තිබෙන්නාක්මෙන්ම ඒක පමුණුවන්නෙමි, මම යෝජනාකර තිබෙන්නාක්මෙන්ම ඒක කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 මම නැගෙනහිරෙන් මිනිසෙකු කැඳවන්නෙමි. ඔහු ගිජු උකුස්සෙකු සේ කඩා වැදී මා අදහස් කළ දේ ඉටු කරන්නේ ය. මා කියා ඇති දේ මා යෝජනා කළ දේ එසේ ම සිදු වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 මම නැගෙනහිරෙන් මිනිසෙකු කැඳවන්නෙමි. ඔහු ගිජු උකුස්සෙකු සේ කඩා වැදී මා අදහස් කළ දේ ඉටු කරන්නේ ය. මා කියා ඇති දේ මා යෝජනා කළ දේ එසේ ම සිදු වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 46:11
31 හුවමාරු යොමු  

බොරු කියන්ට දෙවියන්වහන්සේ මනුෂ්‍යයෙක්වත් තැවෙන්ට මනුෂ්‍ය පුත්‍රයෙක්වත් නොවනසේක. උන්වහන්සේ කී දේ නොකරනසේක්ද? උන්වහන්සේ කථාකළ දේ ඉෂ්ට නොකරනසේක්ද?


එහෙත් උන්වහන්සේගේ අදහස එකක්මය, උන්වහන්සේ හරවන්නේ කවුද? තමන්වහන්සේගේ සිතට කැමති දෙයම උන්වහන්සේ කරනසේක.


පෙරදිගින් කෙනෙකු නැගුටුවා ධර්මිෂ්ඨකමින් තමන්ගේ පාමුලට කැඳවාගත්තේ කවුද? උන්වහන්සේ ඔහු ඉදිරියේ ජාතීන් පාවාදී, ඔහු ලවා රජුන් ආණ්ඩුකරවනසේක; උන්වහන්සේ ඔහුගේ කඩුවට ධූලි මෙන්ද ඔහුගේ දුන්නට හුළඟින් ගසාගනයන ඉපනැලි මෙන්ද ඔවුන් පාවාදෙනසේක.


එසේය, තමන්ගේ කැමැත්තේ මන්ත්‍රණය හැටියට සියල්ල සිද්ධකරන්නාවූ තැනැන්වහන්සේගේ නියමයේ ප්‍රකාරයට, අපි පෙර නියමකරනු ලැබ ක්‍රිස්තුස්වහන්සේ තුළ උරුමයක්වී සිටිමුව.


නුමුත් ඒක දෙවියන්වහන්සේගෙන් වී නම්, ඔවුන් පරාජය කරන්ට නුඹලාට බැරිය; එසේ උත්සාහ කළොත් සමහරවිට නුඹලා දෙවියන්වහන්සේට විරුද්ධව පවා යුද්ධකරන්නහුවන්ට පුළුවනැයි කීවේය.


මම කුමක් කියම්ද? උන්වහන්සේ මට වදාරා, උන්වහන්සේම ඉෂ්ටකළ සේක. මාගේ ආත්මයේ තද ශෝකය නිසා මාගේ සියලු අවුරුදුවල සන්සුන්කමින් යන්නෙමි.


ඔහු තමාගේ රාජ්‍යය මුළුල්ලෙහි ප්‍රකාශයක් කරනුයේ: ස්වර්ගයේ දෙවිවූ ස්වාමීන්වහන්සේ පොළොවේ සියලු රාජ්‍යයන් මට දී තිබේ; තවද උන්වහන්සේ යූදාහි තිබෙන යෙරුසලමෙහි උන්වහන්සේට ගෘහයක් ගොඩනගන්ට මට අණකර තිබේ.


ස්වර්ගීය ස්ථානවල අධිපතීන්ටත් බලධාරීන්ටත් මේ කාලයෙහි සභාව කරණකොටගෙන උන්වහන්සේගේ අනේකවිධ ප්‍රඥාව දැනගන්ට ලැබෙන පිණිසය.


එබැවින් ස්වාමීන්වහන්සේ බබිලෝනියට විරුද්ධව කරගත් මන්ත්‍රණයද කල්දිවරුන්ගේ දේශයට විරුද්ධව කරගත් උන්වහන්සේගේ යෝජනාද අසන්න. සැබවින්ම ඔවුන් රැළේ කුඩා අය ඇදගන යනවා ඇත. සැබවින්ම උන්වහන්සේ ඔවුන්ගේ වාසස්ථානය ඔවුන් සමඟ පාළුකරනසේක.


මම උතුරු දිගින් කෙනෙක් නැගිටවීමි, ඔහු ඇවිත් සිටියි; නැගෙනහිර පටන් ඔහු මාගේ නාමය කියා යාච්ඤාකරන කෙනෙක්ය. බදාම මෙන්ද කුම්භකාරයා මැටි පාගන්නාක්මෙන්ද ඔහු ආණ්ඩුකාරයන් පිටට පැමිණෙනවා ඇත.


ඔබගේ ශික්ෂාද මාගේ ප්‍රීතිය හා මාගේ මන්ත්‍රීහුය.


සැබවින් මනුෂ්‍යයාගේ උදහසින් ඔබට ප්‍රශංසා ලැබෙන්නේය. උදහසේ ඉතිරි කොටස ඔබ ආයුධ කොට බැඳගන්නාසේක.


ඔබ ආලේපකළ ඔබගේ ශුද්ධ සේවකවූ යේසුස්වහන්සේට විරුද්ධව සැබවින් හෙරොද්ද පොන්තියුස් පිලාත්ද අන්‍ය ජාතීන් හා ඉශ්‍රායෙල් සෙනඟ සමඟ මේ නුවර රැස්වූවෝය.


ඉශ්‍රායෙල් කඳුවල නුඹ සහ නුඹේ සියලු සමුදාවල්ද නුඹ සමඟ සිටින ජනයන්ද වැටෙනවා ඇත. සියලු ආකාර ගිජු පක්ෂීන්ටත් වනයේ මෘගයන්ටත් නුඹ ගොදුරු පිණිස දෙන්නෙමි.


බබිලෝනියට විරුද්ධව දුනුකාරයන් වන දුනු තැත්කවන සියල්ලන් අඬගසන්න; ඈට විරුද්ධව වටකරින් අන්දායම් බැඳ, කිසිවෙකුට ගැළවීයන්ට ඉඩනෑර, ඇගේ ක්‍රියාකිරීමේ හැටියට ඈට ප්‍රතිඵලදී, ඈ කළ සියල්ල ලෙස ඈට කරන්න, මක්නිසාද ඈ ස්වාමීන්වහන්සේ වන ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේට විරුද්ධව එඩිතරවූවාය.


ඔහු අධර්මිෂ්ඨකමින් නැගිටෙවුවේ මමය, ඔහුගේ සියලු මාර්ග සමතලාකරන්නෙමි. ඔහු මාගේ නුවර ගොඩනගන්නේය, පිටවහල්ව සිටින මාගේ ජනයන් නිදහස්කරන්නේය; එසේ කරන්නේ මිලයක්වත් තෑග්ගක්වත් පිණිස නොවේයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.


කෝරෙෂ් ගැන: ඔහු මාගේ එඬේරාය, ඔහු මාගේ මුළු කැමැත්ත ඉෂ්ටකරමින්-යෙරුසලම ගොඩනගනු ලැබේය කියාද මාළිගාවේ අත්තිවාරම් තබනු ලැබේය කියාද කියනවා ඇතැයි කියන තැනන්වහන්සේය.


සවෙනියා තමාගේ පාත්‍රය මහ ගඟෙහි, එනම් එප්‍රාත් ගඟෙහි වැගිරෙවුවේය; එවිට නැගෙනහිර දිසාවෙන් එන රජුන්ගේ මාර්ගය සාදනු ලබන පිණිස එහි වතුර සිඳීගියේය.


ඒවා කඳුවල ගිජු පක්ෂීන්ටත් පොළොවේ මෘගයන්ටත් එකසේ අත්හරිනු ලබන්නේය. ඒවා අතරෙහි පක්ෂීහු ග්‍රීෂ්ම කාලයද ඒවා අතරෙහි පොළොවේ සියලු මෘගයෝ ශීත කාලයද පසුකරන්නෝය.


ඒ දවසෙහි සවි තැනක පිහිටුවා තිබුණු ඇණය පහවන්නේය; එය කපා දමනු ලැබ වැටෙන්නේය, ඒ පිට තිබුණ බර සිඳදමනු ලබන්නේයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක; මක්නිසාද ස්වාමීන්වහන්සේ එසේ වදාළසේක.


මම බොහෝ කාලයක සිට එය අභිප්‍රායකර පුරාණයේ දවස්වල පටන් එය නියමකළ බව නුඹ ඇසුවේ නැද්ද? දැන් නුඹ පවුරු ඇති නුවරවල් නාස්තිකොට ජරාවාස ගොඩවල් කරන හැටියට ඒක ඉෂ්ටකෙළෙමි.


වනයේ සියලු සත්වයෙනි, කැලෑවෙහි සියලු සත්වයෙනි, කාදමන්ට එන්න.


කඩුවෙන් ගැළවෙන අය ගණනින් ස්වල්පව, මිසර දේශයෙන් යූදා දේශයට හැරී යන්නෝය; මෙසේ ස්ථිරවෙන්නේ මාගේ වචනයද නොහොත් ඔවුන්ගේ වචනයදැයි මිසර දේශයේ පොරොත්තුව සිටින්ට එහි ගියාවූ ඉතිරි සියලු යූදාවරුන් දැනගන්නවා ඇත.


මෙසේ ස්වාමීන්වහන්සේ සියොන් කන්දෙහිත් යෙරුසලමෙහිත් තමන්ගේ මුළු වැඩය තීන්දුකළ පසු, මම අෂූර්හි රජුගේ සිතේ අහංකාරකමේ ඵලය ගැනත් ඔහුගේ උඩඟු ඇස්වල එඩිතරකම ගැනත් දඬුවම්කරන්නෙමි.


ස්වාමීන්වහන්ස, ඔබ මාගේ දෙවියන්වහන්සේය; මම ඔබ උසස්කොට ඔබගේ නාමයට ප්‍රශංසා කරන්නෙමි; මක්නිසාද ඔබ පුදුම දේ එනම් පුරාතන මන්ත්‍රණ විශ්වාසයෙන්ද සැබෑකමෙන්ද ඉෂ්ටකළසේක.


බලව, ඔහු සිංහයෙකු මෙන් යොර්දානේ වනයේ සිට බලවත් නිවාසයට විරුද්ධව නැගී එන්නේය. මක්නිසාද මම ඇසිල්ලකින් ඈ වෙතින් ඔවුන් දුවන්ට සලස්වන්නෙමි; තෝරාගන්නා ලද කවරෙකු නුමුත් මම ඔහු ඈ කෙරෙහි පත්කරන්නෙමි. මක්නිසාද මට සමාන කවුද? මට කාලයක් නියමකරන්නේ කවුද? මා ඉදිරියෙහි සිටින්ට පුළුවන් එඬේරාත් කවුද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්