ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙරෙමියා 23:37 - Sinhala Revised Old Version

ස්වාමීන්වහන්සේ කුමන උත්තරයක් නුඹට දුන්සේක්ද? ස්වාමීන්වහන්සේ කුමක් කථාකළසේක්දැයි යන අන්දමෙන් ප්‍රොපේත තැනට කියන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ජෙරමියා, දිවැසිවරුන් අමතා, ‘සමිඳාණන් වහන්සේ දුන් පිළිතුර කුමක් ද, උන් වහන්සේ කුමක් වදාළ සේක් ද’ කියා අසන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ජෙරමියා, දිවැසිවරුන් අමතා, ‘සමිඳාණන් වහන්සේ දුන් පිළිතුර කුමක් ද, උන් වහන්සේ කුමක් වදාළ සේක් ද’ කියා අසන්න.

පරිච්ඡේදය බලන්න



යෙරෙමියා 23:37
3 හුවමාරු යොමු  

තේජස අපේ දේශයේ වසන පිණිස සැබවින්ම උන්වහන්සේගේ ගැළවීම උන්වහන්සේට භයවෙන්නන් සමීපයෙහිය.


ස්වාමීන්වහන්සේගේ බරයයි තවත් සඳහන් නොකරන්න. මක්නිසාද එක එක මනුෂ්‍යයාට පැමිණෙන බර ඔහුගේම වචනය වේ; අපේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ වන ජීවමාන දෙවියන්වහන්සේගේ වචන නුඹලා පෙරළා තිබේ.


නුමුත් ස්වාමීන්වහන්සේගේ බරයයි නුඹලා කීවොත්, ඒ ගැන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ස්වාමීන්වහන්සේගේ බරයයි නොකියන්නය කියා මා විසින් නුඹලාට කියා එවූ නුමුත්: ස්වාමීන්වහන්සේගේ බර යන වචනය නුඹලා කියන නිසා,